ඔයත් ෆේල්ද???

in Steem Sri Lanka12 days ago

1000119140.jpg
source

අද ලියන්න යන්නේ අමුතුම article එකක්.මේක ලියන්නෙත් අහම්බෙන් කියවන්න ලැබුණු ලස්සන ව්ගේම වටිනා article එකක් පාදක කරගෙනයි.මේ කාලයේ දෙමව්පියන් පුදුම විදිහට ළමයි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් මහන්සි කරනවා ඔයාලා දැකලා ඇති. විටෙක ඒක දෙමව්පියන්ගේ විභාගයක්ද කියලා හිතෙන තරමටම මේ වෙනකොට පත්වෙලා තියෙනවා.අපේ කාලෙත් ශිෂ්‍යත්ව විභාගය කෙරෙහි යම්කිසි උනන්දුවක් තිබ්බට මේ වගේ තරගකාරී බවක් නම් දකින්න ලැබුණේ නෑ.ඉතිං පොඩි ළමයිම සෑහෙන විදිහට මානසිකව හිර කරමින් ඔවුන්ගේ ළමා කාලය අමිහිරි වෙන තරමටම පත් කරන්න මේ විභාගයකට පුළුවන් වෙලා තියෙනවා.ඉතින් මේක විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ සියල්ල ජීවිතයේ විවිධ කඩඉම් විතරයි.මේ එක කඩඉමකින් ඔබ අසමත් වුණා කියලා ඔබගේ ජීවිතය අසාර්ථක වෙන්නේ නෑ.ඔබගේ ජීවිතය සාර්ථක කර ගතයුත්තේ ඔබමයි.ඒකට මේ කඩඉම් වලින් යම්කිසි පන්නරයක් ලැබුණට , සාර්ථක කර ගන්න ප්‍රධාන හේතු මේවානෙවෙයි.ඉතින් අපි හැමෝම ජීවිතයේ යම්කිසි දේවල් වලින් සාර්ථක වගේම යම්කිසි දේවල් වලින් අසාර්ථක මිනිස්සු, ඉතින් ඔයත් යම් කිසි දේකින් ෆේල් වුනා කියලා කලකිරීමෙන් ඉන්නවනම්, ඇත්තටම ඔයා ෆේල් මනුස්සයෙක්.මොකද ඔයා ජීවිතේ යම්කිසි දෙයකට අසාර්ථක වෙනකොට ඔයා ජීවිතේ ගොඩක් දේවල් සාර්ථක කරගෙන තියෙනවා වෙන්න පුලුවන්, ඉතින් ඔයා ඒ සාර්ථක දේවල් ගැන හිතල සතුටු වෙන්න, එතකොට ඔයාගේ ජීවිතයේ අසාර්ථක වුන දේවල් ඉබේටම සාර්ථක දේවල් බවට පත්වේවි.මේ article එකෙන් කියවෙන්නේත් ඒ වගේම කතාවක් තමයි.මේක ලියල තිබ්බෙ සජිත් පුෂ්ප කුමාර කියල මහත්මයෙක්.ඉතින් ඔහුට මෙහි සම්පූර්ණ ගෞරවය යා යුතුයි.


පින්සිද්ද වෙයි තමන්ගේ ළමයට මෙහෙම කරන්න එපා. ඔයාලා දන්න දරුවෝ ඉන්නවා නම් මේ වගේ දුක් විදින ඒ දෙමාපියන්ට කියලා තේරුම් කරවලා දෙන්න.

තමන්ගේ මානසික දුබලතා දරුවන් පිටින් යවමින් දරුවන්ව මරාගෙන කන්න හදන මෝ ඩ දෙමාපියන් වෙත,

මම ශිෂ්‍යත්වය ලීවේ 2002 දී..!!

මට තිබුණෙ ලකුණු 121යි. ඒ වතාවෙ විභාගය සමත්වෙන්න අවශ්‍ය ලකුණු ගණන 134ක්. ඉතිං මං අසමත්.!

ඉන් පස්සෙ එන විභාගෙ ඕලෙවල්, ඒක පාස් වෙන්නනම් ගණන් පාස් කරගන්න ඕන. නමුත් මම හිටියෙ ගණන්වලට S පාස් එකක්වත් ගන්න සුදුසු තත්වෙක නෙවෙයි. මට 10 වසරේ අවසාන වාර පරීක්ෂණය වෙනකම් කිසිම දවසක ගණිතයට ලකුණු 50ට වඩා තිබුණේ නෑ. 8 වසරෙදි මගෙ ලකුණු 10%යි. 9 වසර වෙද්දි යාන්තම් හතලිස් ගාණක් ගත්තා. ඒ කාලෙ ඕලෙවෙල් ෆේල් වෙන නවනිංගිරාවෙන් බේරෙන්න මම නොකරපු දෙයක් නැහැ.

6 වසරෙ ගණන් පොතෙන් පටන් අරන් හදන්න පුළුවන් හැම ගාණක්ම හැදුවා. හදන හදන ගණන් වැරදුනා.!!

මම ඕලෙවල් ලීවෙ 2008 අවුරුද්දෙ. ගණිතයට මට A එකක් ලැබුනා.. !

හැබැයි, ඒලෙවල් පංතියේදී ජීව විද්‍යා විශය ධාරාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලෙට යන්න මට තුන්පාරක් විභාගෙ ලියන්න උනා.

ශිෂ්‍යත්වෙන් හොඳම ලකුණු අරගෙන කැම්පස් යන්න බැරිවුනු අය හිටියා. ඒ වගේම සාමාන්‍යපෙළ මටත් වඩා අඩු සාමාර්ථ ගත්තු නමුත් මටත් කලින් කැම්පස් ගිය අය හිටියා.!!

ඒලෙවල්වලදී මට වඩා අඩු z-scores තිබ්බ සමහර අය මාත් එක්කම කැම්පස් ඇවිල්ලා, කැම්පස් එකේදී මටත් වඩා ලකුණු ගත්තා.

ඒලෙවල්වලින් යාන්තම් cut-off එකෙන් කැම්පස් ඇවිල්ලා කැම්පස් එකේදී 1st class ඩිග්‍රිය ගත්තු අය හිටියා, ඒලෙවල්වලින් වැඩිම Z- scores අරන් කැම්පස් එකේ repeat වුන අයත් හිටියා.

බොහොම අමාරුවෙන් ගණන් ටික හදලා ඕලෙවල් පාස් කරගෙන, තුන් පාරක්ම ඒලෙවල් ලියලා විශ්ව විද්‍යාලෙකට ගිහින් උපාධිධාරියෙක් විදියට එලියට එද්දී ඕලෙවල් ෆේල් උනු මගේ සමහර යාලුවො ගෙයක් හදල, කසාදයක් බැඳලා, කාර් එකකුත් අරන් ළමයින්ටත් ඉතිරිකරන තරමට ධනය උපයලා තිබුනා.!!

අපි උපාධිධාරීන් විදියට එලියට එද්දී ඒලෙවල්වලින් ඉගෙනීම නවත්තපු සමහර අය සමහර ආයතනවල විධායක ශ්‍රේණියේ රැකියා කරමින් හිටියා.

මම කැම්පස් එකේදී කිසිම විභාගයක් repeat වෙලා නැහැ. නමුත් අපි උපාධිය ගත්තට පස්සෙ විශ්ව විද්‍යාලයේදි repeat උන මගේ සමහර යාලුවන්ට මටත් කලින් රැකියා ලැබුනා.

කැම්පස් එකේදී 1st class ඩිග්‍රිය ගත්තු සමහරුන්ට වඩා සමහර general degree holders ලා වෘත්තීයෙන් ඉහලට ගිය අවස්ථා තිබුනා.

Class එකක් ගත්තු සමහර අය පළවෙනි උපාධියෙන් අධ්‍යාපනය නතර කරද්දී MSC, එක කරලා එතනින් Phd කරන්න තරම් අධ්‍යාපනය ඉදිරියට අරගෙන ගිය general degree holdersla හිටියා.

ඒ සමහර ආචාර්‍යවරු, මහාචාර්‍යවරුන්ගෙ ශිෂ්‍යත්වය ප්‍රතිඵල බැලුවාම එයාලා ෆේල්..!!

මමත් ශිෂ්‍යත්වය ෆේල්..!!

ඒ හින්දා ශිෂ්‍යත්වය කියන්නේ මට විභාගයක් නෙවෙයි.!!

හැම මනුස්සයෙක්ටම තමුන්ගේ ජීවිතය විසින් ලියන කතාවක් තියෙනවා. මේ කතාව එක එකාගෙන් වෙනස්. එක් තැනක සාර්ථකත්වයෙන් හෝ අසාර්ථකත්වයෙන් අර සමස්ථ කතාවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ගැන අපට නිගමන දෙන්න බැහැ. ජීවිතය කියන්නේ මේ මොහොත, ඒ කියන්නෙ ඔබත් මමත් ගතකරන මේ තත්පරය. එතනදී අතීතය හෝ අනාගතය මත අපට රඳා පවතින්න බැහැ..!!

ඒ වගේම ලියන හැම විභාගයක්ම පාස් වෙලා, රැකියාවෙනුත් ඉහලටම ගිය, නැත්නම් විභාග නොකර බිස්නස් එකක් කරල කෝටිපතියෙක් උන, ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ජීවිතේ මොනවා හෝ යමකින් " "ෆේල්" වෙන්න පුළුවන්..!!

අපි කාටවත් හැමදෙයකින්ම "සමත්" වෙන්න බෑ..! අපේ කොතැනක හරි මොනයම්ම හෝ failure එකක් තියෙනවා. මේ නිසා සාර්ථක මිනිස්සු හෝ අසාර්ථක මිනිස්සු කොහේවත් නැහැ. හැම මනුස්සයෙක්ම මොන අංශෙකින් හරි සාර්ථකයි..!!

නමුත්,

සාර්ථක වැඩ දහයකින් පස්සෙ එක වැඩක් අසාර්ථක උනාම තමුන් අසාර්ථකයි කියල හිතන මනුස්සයෙක්ට වඩා, අසාර්ථක වැඩ දහයකට පස්සෙ එක වැඩකින් සාර්ථක උන තමුන් සාර්ථකයි කියල හිතන මනුස්සයෙක් සතුටින් ඉන්නවා..!!

ඉතිං ඔයාලගෙ සාර්ථකත්වය රඳා පවතින්නේ අනෙක් අයගේ අදහස් මත නෙවෙයි. ඔබ සාර්ථක හෝ අසාර්ථක වෙන්නේ ඔබ, ඔබ දිහා බලන ආකාරය අනුව.!!

Sort:  

If the child actually enjoys it and okay with it, it's a good opportunity for them to go to a school. But that is not a good excuse to force the child to because he will fed with studying at such a young age then.

Yeah Im totally with you in this point ❤️

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community