පටන් ගත්තු ගමන් පරාදයි 🥴 | 5% For SL-Charity
ඉතිං අද තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරාගත්තා. බොහෝ දෙනෙක් හිතුවේ කාසියේ වාසිය දිනාගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි කියලා. මොකද අද තරගය පැවැත්වුනු ක්‍රීඩාංගණය අලුත් එකක් වගේම හබාගෙන ගිහිලා තවමත් එක කණ්ඩායමක්වත් ජයගෙන තිබුනේ නැති නිසා. නමුත් ශ්‍රී ලංකා නායකයා තීරණය කලේ පසුගිය ඔස්ට්‍රේලියානු තරගයත් හබාගෙන ගිහිල්ලා දින්නා වගේම අදත් ගහන්න. හැබැයි ඇත්තටම මෙච්චර කාලයක් ලංකාව හොදටම සෙල්ලම් කලේ හබාගෙන ගිහිල්ලා ගහපු මැච් තමයි.
අද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස්තැන් ගොඩක් තිබ්බා. ඒ වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ නොමැතිකම. ඒ වගේම භාණුක නැති අඩුව තාමත් කණ්ඩායමට දැනෙනවා. ඒ වගේම තමයි මෙච්චර ලකුණු ගහන්න පුලුවන් ග්‍රවුන්ඩ් එකක ආරම්භක පිතිකරුවෙකු විදිහට ඉන්න ධනුෂ්ක ගුණතිලක වෙනුවට කමිල් මිශාරව අරගෙන තිබ්බා. අපේ ඉතිං හැමදාම සිලෙක්ෂන් ඔහොම තමා 🥴
ඉතිං ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ඉශාන් කිශන් සහ රෝහිත් ශර්මා එය ශතක සබදතාවයක් බවට පරිවර්ථනය කිරිමට සමත් වුනා. ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ඉශාන් කිශන් ලකුණු 89ක්, ශෙයාස් අයියර් නොදැවි ලකුණු 57*ක් සහ රොහිත් ශර්මා ලකුණු 44ක් ලබාගැනිමට සමත් වුනා. පන්දු යැවිමේදි දසුන් ශානක සහ ලහිරු කුමාර අතරේ 01 කඩුල්ල බැගින් බෙදි ගියා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි ලකුණු 199ක් රැස් කිරිමට සමත් වුනා.
දැවැන්ත ඉලක්කයක් හබාගෙන යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක අවසනාවන්ත ලෙස පළමු පන්දුවෙන්ම දැවි ගියා. ඉන්පසුව එක්වු කමිල් මිශාර සහ ජනිත් ලියනගේ සාර්ථක වීමට සමත් වුනෙත් නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක පමණක් නොදැවි ලකුණු 53ක් ලබාගැනිමට සමත් වුනා. ඒ ඇරෙන්න අනෙකුත් කිසිම පිතිකරුවෙක්ට සාර්ථක වීමට හැකිවුයේ නෑ.
ඒ අනුව ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරිමට සමත් වුනා.
මොන...අපිට දැං ඕකහුරුයි බ්‍රෝ
☹️
දැන් හැමදාම බලන්නේ පරාදයි කියලා හිතාගෙන.😐😐
වසන්තය එයි හිමීට 🥱
මං හිතුවෙ නෑ ඔච්චරවත් ගහවි කියල හැබැයි 😪
දැන් නම් ඊලග එකවත් බලමු කියලා කියන්න හිතෙන්නෑ ☹️
මේ දවස්වල මැච් වගයක් යනවලු නේද...😁😁
ඔව් නේ අදත් තියෙනවලු එකක් 🦔