එක දවසකට | 5% to SL Charity
සෑහෙන කාලෙක ඉදන් බලන් ඉදපු දෙයක් ලැබුනොත් මොන වගේ සතුටක්ද දැනෙන්නේ? ඒ දේ ගන්න ඔයා ගොඩක් කැප උනා නම් ඒ සතුට තවත් වැඩියිනේ. අන්න ඒ වගේ බලන් ඉදපු මොහොතක් විදින්න අපට අවස්තාව ලැබුනා මේ ලගකදී. ඒකත් අවුරුදු එකහමාරකටත් වඩා අපට බලන් ඉන්න සැලැස්වුවාට පස්සෙ ලැබුන අවස්තාවක්. ඒකත් එක දවසකට විතරය්.
දෙවෙනි සෙමෙස්තරයේ විබාගේ අනිත් ඔක්කොගෙම ලකුනු දුන්නත් එකක ලකුනු තවමත් නෑ. ඒකේ ලකුනු දෙන්න නම් මේ ප්රායෝගික පරීක්ශනය සම්පූර්න කරන්නම ඕන නිසා අපිව ඒක කරන්න එක දවසක් ගෙන්නුවා. එක පාරකට හතලිහකට ආසන්න ගානක් ගානේ දවස් දෙකක්. දෙකට වෙන් කරලා ගෙන්නන බව කිව්වාම මට එතනින්ම කැම්පස් එකට යන්න තිබුන උද්යෝගය අඩු උනා. මොකද මගේ නම මුල හරියේත් මගේ සමීපම තුන් ගෙනාගෙම නම් අන්තිම කොටසේත් තියෙන නිසා.
ප්රශ්නෙ තිබුනේ වෙලාවේ. උදේ අටට පටන් ගන්න එක රෑ අටට ආසන්න වෙනකන් තියෙන බව අපිට දන්වලා තිබුනා. ඒත් ඉවර වෙන වෙලාවක් හරියටම කියලා තිබුනේ නෑ. සෑහෙන්න රෑවෙන නිසා තාත්තා එන්න හැදුවත් මගේ ගමන් සගයො දෙන්නා මාව තනියෙන් නොයව එයාලත් එන බව කිව්වම ගෙදරින් රැවෙන එකට බයක් තිබුනේ නෑ. ඉතින් ඒ වගේ බැදීම් මට තියෙන එක ගැන ඒ වෙලේ ලොකුම සතුටක් දැනුනා.
ඉතින් එදා දවස එනකන් හරිම උද්යෝගයෙන් හිටියේ. කලින් දවසෙ රෑ නින්දකුත් නෑ. උදේ පාන්දර බස් එකේ නැගලා බැස්සාම මුලින්ම හම්බුනේ මෙතන.
ඉතින් මතක ඇස් ඉස්සරහ දිග ඇරෙන්න ගත්තා. එදා අපි තුන් දෙනා විතරක් උනාට වෙනදා මෙතනින් යන්නෙ රෑනක් එක්කනේ. සැහැල්ලු බෑග් වෙනුවට ඒ කාලේ තිබුනේ උස්සන් යන්නත් අමාරු තරමේ මලු. ඉතින් ඒවගේ පිරිලා තිබුනා අම්මා ඔතල දෙන රස කෑම ගොඩක්. මන් ගෙදරින් කොච්චර මලු උස්සන් ගියත් බස් එකෙන් බැස්සම කවදාවත් එක මල්ලක බරට වඩා බරක් දරන් යන්න වෙලාම නෑ. ඒ මන් එක්ක යන මට ගොඩක් ආදරේ අය නිසා. ඉතින් ඒ මතක එක්ක මාරම සතුටක් ආවෙ හිතට.
ඉතින් කැම්පස් එකත් අපි වගේම අපි එනකන් නොවෙනස්ව බලන් ඉදලා තිබුනා. පොඩි අපිලිවෙල ගතියක් නොතිබුනාම නෙවේ.
ඉතින් එතන ඉදන්ම ප්රසන්න දේවල්. ඉස්සරහටම හම්බුන සිකුරිටි අන්කල් කට පුරවලා හිනා උනා වෙනදා වගේම. කවදාවත්ම දැකපු නැති ලමය් ලග ආගන්තුකයෙක් වගේ වාඩි වෙලා, අන්තිමේ නැගිට්ටේ හොද යාලුවෝ විදියට.
එදා දවස ඉතින් වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන දවසක්. කාලයක් බලන් හිටියේ මේ වගේ දවස් ගොඩක් ලබන්නනේ. ඒත් මේ ලැබුන දවසත් ගොඩක් වටින නිසා සතුටින් හිටියා අපි.
ඉතින් එදා ඒ වැඩ ටික ඉවර කරන් ගෙදර ආවා. ටික දවසක් යද්දි අපට ආරන්චියක් ආවා මේ දවස වගේම දවස් ගොඩක් ඉස්සරහට එන්නය් යන්නෙ කියලා. සතුටක් වගේම දුකකුත් එක පාරම දැනුනා. මොකද දැන් අවුරුදු එකහමාරක් තිස්සේම ගෙදරමනේ මන්. බලමුකෝ ඉස්සරාහට මොනවා වේවිද කියලා.
I've seen the first place, like stairs, you finish your university in the same kampys. what semester are you in now? and your friends look more fun when gathered.
I am in my 4th semester now. Yeah, we all love to get together and enjoy💖
enjoy the time on campus, when nothing will be a memory, like our friend Randula, his college days were so fun.
Math eye campus eka wate raumak damma. Maara happy.
den enna denne na oyalata 😌😌🤭
Athugala tiyenawa hebei 😁. Api antimata yaddi athugalawat na.
ow kalin kola godaklune thibila thiyenne
කොච්චර හොඳ ගමන් සගයො දෙන්නෙක්ද ඔයාට ඉන්නෙ😍
ow. e denna nathuwa giya nm mage hithatath hari na
කැම්පස් කාලේ කොච්චර නම් සුන්දරද නේද 🥺
ow. eka labunema aduwenne apata
ඔව්..ඉතිං ඇත්තටම ඔය කාලෙ ගෙදර ඉදල වැඩක් නෑනෙ..
eka thamai. api paw appa
ammo eka
කාලෙකට පස්සේ කැම්පස් එක වටේ රවුමක් එක්කන් ගියාට බොහොම ස්තූතියි.😍❤
welcome. dakinnath asa athine den
ළඟාන් එක ටිකක් සුද්ද කරල. අපි හිටිය දවස් ටිකේ කොලවලින් වැහිල තිබුනෙ.
owow. kalinma sudda karalama thibila na