හඳුනානොගත් වස්තුවයි මමයි පන්සලයි 😇 - 10% For SL - Charity
හායි ළමයිනේ 😇
මන් ටික දවසකට අතුරුදහන් වෙලා හිටියනෙ. වැඩත් එක්ක බිසී වුණ නිසා එන්න බැරි වුණා. පහුගිය දවස් වල Audit වගයක් තිබුණා ඒවට prepare වුණා. කොහොම හරි වැඩ ටික කොච්චරම පිළිවෙලට තිබ්බත් හිතට බයයි. කොතනක හරි මිස් වෙච්ච තැනක් ඇති කියලමයි හිතෙන්නෙ. දෙයියනේ කියලා කිසිම අව්ලක් වුණේ නෑ. 😇
කොහොමහරි Audit එක දවසෙ උදේ පාන්දර ඔෆිස් එකට ගියා විතරයි ලමයෙක් නූලක ගැට ගහපු මොකද්දෝ එකක් අරගෙන මගේ ළඟටම ආවා. ඔරලෝසුවෙ බට්ටා පැද්දෙනවා වගේ ටික ටික ඇස්දෙක ඉස්සරහටම අරගෙන ආවා. ඒ හඳුනා නොගත් වස්තුව සතෙක් කියලා තේරුණ මොහොතෙම මට මහ සද්දෙට කෑ ගැහුණා. ඒක හරියටම කියනවා නම් චූටි විලාපයක් වගේ.
හරිම ශෝචනීයයි 😒 බැලින්නම් තඩිම තඩි කුරුමිණියෙක් !!! ඔඩිට් එකේ සිහියෙන් හිටපු නිසා අනපේක්ෂිත අවස්ථාවක මූණෙ ගෑවෙන නොගෑවෙන ගානට ඇස්දෙක ඉස්සරහ සතෙක් ඉන්නවා දැක්කම ඕන කෙනෙක් බය වෙනවනෙ ඉතින්. මේ සිද්දිය නිසා ගොඩක් ඉහළ ප්රේක්ෂක ප්රතිචාරත් ලැබුණා. ලැජ්ජාව කියල නිම කරන්න බෑ !!! 😐
මේ ටිකේම වැඩත් වැඩි නිසා හිත නිකම් නොසන්සුන් වෙලා වගේ තිබුණෙ. මනසට පොඩි විවේකයක් ඕන කියලා හිතුනා. ඊට පස්සෙ ඔෆිස් එකෙන් කලින් ඕෆ් වෙලා යාලුවෙක් එක්ක පන්සල් ගියා.
"ගලගොඩ ශෛලතලාරාම මහා විහාරය " ඔයගොල්ලො අහලත් ඇති. ඒක ඓතිහාසික වටිනාකමක් තියෙන විහාරයක්. අවුරුදු 800ක් විතර පරණ ඉතිහාසයක් තියෙනවා කියලා මන් අහලා තියෙනවා. අග්නිදිග ආසියාවෙ තියෙන දිගම සැතපෙන පිළිම වහන්සේ පිහිටලා තියෙන්නෙ මේ ගලගොඩ විහාරයේ තමයි.
දිගින් අඩි 115ක් විතර වෙනවා. පොළොන්නරුව ගල් විහාරයේ තියෙන සැතපෙන පිළිමයේ දිගත් අඩි 46ක් වගේ. සැතපෙන පිළිමයක් කිව්වට බුදුන් වහන්සේ පිරිණිවන් මංචකයේ වැඩ සිටින අවස්ථාවක් තමයි මේ බුදු පිළිමයේ තියෙන්නෙ. පිළිමය දිහා හොඳින් බැදුවොත් පේනවා පාද එකිනෙක සමපාතව නෙමෙයි තියෙන්නෙ.
කන්දක් මුදුනෙ තියෙන ගල්තලාවක තමයි මේ පන්සල තියෙන්නෙ. පඩි 200ක් විතර උඩට නඟින්න තියෙනවා. දැන් නම් වාහන වලින් යන්න පුලුවන් විදියට වෙන පැත්තකින් පාරක් හදලා තියෙනවා. ඒත් මම නම් ආසම පඩිපෙලින් නැගලා යන්න. පඩිපෙළ දෙපැත්තෙම කැකිල්ල, පතොක්, මීවන වගේ පොඩි පොඩි ගස් වර්ග වැවිලා තියෙනවා. බැලූ බැල්මට පඩිපෙළ දෙපැත්තම කොළම කොළ පාටයි. ඒවා දැක්කම විඩාබර ඇස් වල විඩාව අතුරුදහන් වෙනවා.
පඩිපෙළ බාගයක් විතර නැග්ගම ගිමන් හරින්නත් දැන් පොඩි තැනක් හදලා තියෙනවා. ඉස්සර එහෙම තැනක් තිබුණෙ නෑ. මමයි මගේ යාලුවයි ටික වෙලාවකට එතන නැවතුනා. එතන ඉඳන් උඩට උඩට අරලිය ගස් කීපයකුත් තිබුණා. ඉතින් අපි දෙන්නත් වැටිලා තිබුණ අරලිය මලක් අහුලන් ෆොටෝස් 2,3කුත් ගත්තා.😊 කලින් ප්ලෑන් කරලා නොගියට ඒක හරිම ලස්සන මතකයක් වුණා.
දවසක ඔයාලත් ඇවිත් බලන්න. 😇
ස්තුතියි..❤
සුභ දවසක් හැමෝටම..!!!
E paansala nm godak lassani wge
ඔව් ලස්සනයි. 😍 පන්සලට යන පඩිපෙළ දෙපැත්තෙම තියෙන්නෙත් කැලෑව !! 😇❤
padi 204 🙊. Kalekin e pansalata giye na.
Hitha ganna puluwan 😂.
🙈 prathichaara gana nm kyla wadak na.
Mamath sahenna kalekin e pansalata giye. Aye dawasaka yamu 😇❤
කවදාවත් එහේ ගිහිල්ලා නෑ..
එහෙනම් එන්න පන්සල බලන්න 😇😊
දවසක එන්න ඕනේ ☺️
එන්න එන්න 😇 දවසක ඇවිල්ලම බලන්න
මාත් අහලනම් තියෙනව ගිහිල්ල නෑ තාම 😐
එහෙනම් ගිහින් බලන්න 😇
That's ma girl 😁 මාත් කොහේ හරි යන්න ඕනි 🙊
එන්න මන් පන්සල් එක්කන් යන්නම් 😇❤
wahanayakin yanwata mehema padipela nagala yaddi thama gamana lassana. nethnam giya. bassa, wandala enawane..
ඒක නම් ඇත්ත. වාහනෙකින් ගියා නම් ඒ හැඟීම හිතට දැනෙන්නෙ නෑ ලොකුවට. 😇
math me pansalata gihin thiynwa. oya ara karandeniya pansalama neda? oya pansale apdipelata mehai kelayak wage thiyenne gal thala ekka. man harima asai ethenta. gal uda wadi wela inna
Ow ow karandeniye thamai thiyenne. 😊 Ethana pansal 2k thiyenawa. Main road eka eha paththe ekai mehaa paththe ekai.
මම ඇහුවේ ඒ පන්සල ගැන අදමයි. ලස්සන තැනක වගේ තියන්නේ
ඔව් ඒ පන්සල තියෙන තැන ලස්සනයි ගොඩක් 😍 පඩි පෙළේ පඩි 204ක් තියෙනවා උඩට නඟින්න .
Monawa unath pansal giya eka hondai...
😊 අපි පන්සල් යන බොදු දරුවො තමයි කොහොමත් 😇
Nama ahala thibunata pansala photo walin dekke ada tamai,balanna yanna aasai.
ඇත්තටම ගියා නම් ඊටත් වඩා ආස හිතෙයි 😍 😇