පෝය දවස ! 😍 - 5% For SL Charity
පෝය දවසට පින් සිද්ද වෙන්න ගෙදර අයත් එක්ක එකට දවසක් සතුටින් ගත කරන්න ලැබුණා. පෝය දවසෙ උදේ අපි පන්සල් යන්න කතා කරගෙන හිටියෙ. උදේ 9.00 ට විතර යමු කිව්වට අපේ ඩ්‍රයිවර් උතුමාණන් ඒ කිව්වෙ අපේ මල්ලි නැඟිට්ටෙම උදේ 9.00 පහු වෙලා. අපි ලෑස්ති වෙලා බලන් හිටියා. නිවාඩු දවස් වලට මමත් එහෙම තමයි ඉතින්. කෙලින්ම දවල්ට කන වෙලාවට වගේ තමයි නැඟිටින්නෙ.🙊 උදේ කෑම එකත් ඉතුරුයිනෙ ඉතින් 😂
කොහොම හරි කට්ටියම ලෑස්ති වෙලා පන්සල් ගියා. තව අපේ මල්ලිගෙ යාලුවෙකුයි එයාගෙ පවුලෙ අයත් ඇවිල්ලා තිබුණා. ඒ පන්සලට අපි කලින් ගිහින් නෑ.
පන්සලක් කිව්වට ඒක පොඩි ආරන්‍යයක්. මන් කලින් දාපු ආටිකල් එකේ තිබුණ ගලගොඩ පන්සල වගේ මේකත් ගොඩක් උඩට නඟින්න තිබුණා. අපිට ගානක් නැති වුණාට උඩට නඟින එක අම්මලාට නම් ටිකක් අමාරු වුණා.
නඟින්න පටන් ගන්න තැනම තිබුණ ශාලාවක සිල් ගන්න ආපු අය හිටියා. ඒක පහු කරගෙන ටික දුරක් උඩට නඟිද්දි හිටි බුදු පිළිමයක් තිබුණා. අපි එතනට මල් ටිකක් පූජා කරලා ආයිත් උඩට නඟින්න පටන් ගත්තා.
ඈත වටපිටාව හරිම ලස්සනට පේනවා එතනට. උඩ මළුව තනිකරම ගල්තලාවක තිබුණෙ. එතන ඇත්තටම හරිම නිදහස් තැනක්. දවසම වුණත් බලාගෙන ඉන්න පුලුවන්.
මේ උඩ ෆොටෝ එකේ රතු පාටින් චූටියට තියෙන්නෙ අපි ආපු ත්‍රීවීලර් එක. ඒක දැක්කම තමයි දැනුනෙ අපි කොච්චරක් උඩට ඇවිත් ද කියලා.
කට්ටියම මල්, පහන් ඒවා පූජා කරලා පන්සිල් සමාදන් වෙන්න ඉඳ ගත්තා. අපි පන්සිල් සමාදන් වෙන අතරේ අපේ මල්ලියි මල්ලිගෙ යාලුවයි කුටු කුටු ගගා මොනවදෝ කියවනවා. මන් ඇස් දෙකෙන් රවලා බැලුවා එක පාරක්. ඊට පස්සෙ දෙන්නම ආයිත් ගාථා කියන්න පටන් ගත්තා. 🙊 ටික වෙලාවක් යද්දි දෙන්නා ආයෙම කතාවක. මම ඒ පැත්ත බලන වෙලාවට හොඳ ළමයි දෙන්නා වගේ ගාථාවෙ අන්තිම පේළිය කියනවා. ඔය සීන් එක රිපීට් උනා 2,3 වතාවක්ම. පහළ ෆොටෝ එකේ ඉන්නවා අදාළ පුද්ගලයො දෙන්නම. 🙊
නඟින එක තරම් බහින එක නම් ලොකු අපහසුවක් වුණේ නෑ. ඉක්මනට පහළට එන්න පුලුවන් වුණා. ඊට පස්සෙ අපි ගියා මාදු ගඟට.
අපේ ගෙදර ඉඳන් මාදු ගඟට කිලෝමීටර් 2,3ක් වගේ තියෙන්නෙ. කොහොම හරි අපේ ශීනා වත් එක්කන් ගියා. අපි යන්න කලින් එයා වාහනේට නැඟලා වාඩි වෙලත් ඉවරයි. ශීනා කිව්වෙ අපේ බල්ලගෙ නම. එයත් ගෑනු ළමයෙක්. 🙊
එයා නම් වතුරෙ පීන පීන හිටියා.එයාව ගොඩ වෙලාවක් වතුරෙ තියන් ඉන්න එපා කිව්වා. බල්ලන්ගෙ ඉව ගොඩක් ඈතට දැනෙනවලු කිඹුලන්ට. 🤐 ඒක ඇහුවම බය හිතුනා. එයාව ඉක්මනට නාවලා අම්මට බලා ගන්න දුන්නා. මම නම් වතුරට බැහැපු වෙලාවෙ ඉඳන් මල්ලිගෙ අත අල්ලගෙනමයි හිටියෙ. මන් පීනන්න දන්නෙ නෑ. ඒ වගේම වතුරටත් බයයි. 🙊
කොහොමහරි පෝය දවස නම් සතුටින් ගෙවිලා ගියා..










මන් පීනන්න දන්නෙ නෑ. ඒ වගේම වතුරටත් බයයි. 🙊
it's very exciting to start swimming, you must try, your brother will help you to swim. beautiful happy moment😊
Definitely I'll learn to swim soon. But I'm afraid little bit. 🙈 Can you swim? 😊
I used to do that when I was little, because our house is close to the river😊
Wow 😍 You are so lucky. I also love to live near the river...
in our village there are many rivers, for running water is not difficult to find😀
Honda dwasak gatha karala.
Ow ow 😍 Kalekin hamba une mehema chance ekak 😊❤️
Madu ganga....Lagai kiyanne maru neh...
Ow niyamai 😍 habai peenanna nam danne na man 🙊
Apoi peenanna berida??? Galle welath...Muhuda langa welath...
Man wathurata bayaine. 😐 marenna kalin igena ganna ona. Gilila marenna wei da danneth na. 🙊
Wathurata baya wenna oni. Apith bayai.Eth margin eke indan play karama awulak nehe.
Eka thmai neh 😇🤘
ශීනා ලස්සනයි.💛 එයාලා වතුරට ආසද?
ඒ ආරණ්‍යයේ හරිම නිස්කලංක පරිසරයක් තියෙනේ.
Thank you 😍 ශීනා නම් වතුරට දැම්මම සෙල්ලම් කර කර හිටියා.
ඔව් ඒ ආරණ්‍ය හරිම නිස්කලංකයි. 😇❤️
මේ විදියට විවාහ වුණාට පස්සෙත් කරන්න පුළුවන් නම්.
එහෙම කියද්දි නම් බය හිතෙනවා. 🙄Marriage එකක් කියන්නෙ ලොකු වගකීමක් නෙ
ලස්සන් දවසක් 😍 මල්ලිලා හොඳ පුතාලා වගේ ගාථා කියන්නේ එයාලා චූටි කාලෙදි විතරයි... සද්දෙට කියනවා.... ලොකු වුනාම ඒවා මුකුත් නෑ...😁
ඒක නම් ඇත්ත 🙊❤️
මේ පෝයට පන්සලට ගියා විතරයි.ඉතුරු පැය ගානම බස් එකේ..😐
අයියෝ එහෙමද 😐💔
මට මේ පෝය නම් නිදහසේ ඉන්න පුලුවන් වුණා.😇❤️
ශීනා ලස්සනයි 👀♥️ මමත් පීනන්න දන්නෙ නෑ try කරා ඒත් බෑ😒
තෑන්ක්ස් ඩියර් 😍 ශීනා විතරයි ද ලස්සන? 🙊
මමත් පීනන්න ට්‍රයි කරලා බැලුවා. කන් දෙකේම වතුරත් ගියා 🤐
An interesting post.😍
Thank uw....😍