ඉරිදා වැස්ස!steemCreated with Sketch.

in Steem Sri Lanka2 years ago

WhatsApp Image 2022-07-31 at 7.31.47 PM.jpeg

අයෙමත් වැහි කාලෙ. එක වැහිකාලයක් ගෙවිල හුස්ම ගන්නත් කලින් තවත් එකක්. ඉරිද දවසට එලිය වැටුණෙම මීදුමත් එක්ක. වැඩි වෙලාවක් යන්න කලින් හවස් වරුවක් තරමටම කළුවර වුණා. කරන්න හිතන් හිටි කිසිම දෙයක් කරන්න ඉඩ නොදී මහා වැස්ස පටන් ගත්තා.

දවල් වරුවම ගෙවුනේ ගේ ඇතුලෙ ඉදන් කරන්න පුළුවන් වැඩ එක්ක. එහෙම ඉද්දි තමයි මල්ලි කතා කරේ මාමලාගේ කඩේ පැත්තේ ටිකක් ගිහින් එන්න. ගෙදරම හිටියොත් සති අන්තෙන් කිසි වැඩක් නෑ වගේ හිතුන නිසා මමත් එක පයින් කැමති වුණා. කැමති වුණා වගේම පයින්ම තමයි යන්න නම් වුණේ. වැඩි දුරක් නැති නිසා අපි ඉක්මනින් කඩේට ලඟා වුණා.

අපි යද්දි එතන ඉදිරිපස කොටස පොල් අතු සෙවිලි කරමින් තමයි තිබුණේ. සාමානයෙන් දැන් පොල් අතු වහලක් දකින්න නොලැබෙන නිසා පාරේ යන අය පවා ඒ ගැන අවධානයක් යොමු කර බවක් පේන්න තිබුණ.

ඉතින් කඩේට ගොඩ වෙනවත් එකක්ම මහා වැස්ස ආපහු පටන් ගත්තා. ඉතින් එතන පහු කරගෙන යන එක්කෙනා දෙන්නා ගානේ පොල් අතු සෙවනට ගොඩවෙන්න පටන් ගත්තා. ඇතුල නොතෙමෙන පොල් අතු වහල මතින් ගලාගෙන ගිහින් බිමට වැටෙන වැහි බින්දු දිහා ටිකක් බලාගෙන ඉන්න මට වෙලාව තිබුන.

WhatsApp Image 2022-07-31 at 7.42.31 PM (1).jpeg

ඒ ඉද්දි තමයි ඉස්සරහ මාළු ලොරියට අනුබද්ධ බලු මහත්තයව දැක්කෙ. මහා වැස්සෙ පවා කඩේ ගාව හිටගෙන. ඊට පස්සෙ වටපිට බලන්නේ නැතුව පාර පනිනව. වාහන බ්රේක් කරනව වැස්සේම. එක දැක්කම මට මතක් වුනේ අපේ බිංගව. නවන්න හදද්දි පණබයේ වෙවුලුවත් වැස්සක් අවම නම් ඔහේ තෙමි තෙමි දුවනවා. මේ බල්ලත් ඒ වගේම තමයි.

පාර දිගේ ඒ පැත්තට දුවනවා. අයෙත් මේ පැත්තට දුවගෙන එනවා. කොටින්ම කිව්වොත් හොඳට වැස්සට තෙමි තෙමි දුවනව.

WhatsApp Image 2022-07-31 at 7.42.31 PM.jpeg

WhatsApp Image 2022-07-31 at 7.31.03 PM.jpeg

පාර දිගේ ඒ පැත්තට දුවනවා. අයෙත් මේ පැත්තට දුවගෙන එනවා. කොටින්ම කිව්වොත් හොඳට වැස්සට තෙමි තෙමි දුවනව එත් ටිකක් වෙලා ඉද්දි මේ බලු නාටකේ මට කම්මැලි හිතුනා. ඒ නිසා ඇතුලට ගිහින් කඩේ ටිකක් අස් කරන්න හිතුව. උදේට එළවලු එහෙම ගේන ගෝනි ටික පිලිවෙලට අස් කරල කඩේ අතු ගාල දැම්ම. වැස්ස නිසා ලොකු පිරිසක් බඩු ගන්න අවෙත් නෑ..

හැබැයි කඩේට සෙනග එන වෙලාවට නම් නියමයි. බදු තෝරන්න උදව් කරන්න, බදු කිරන්න, මිල ගණන් පැහැදිලි කරන්න වගේ දේවල් එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නෙ නෑ.

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Balloi pusoi degolloma ekai. Api nawanna giyot nikan maranna geniyanwa wage. eth wasse natala natala enawa madakariyek wage hodata.

ow. ape pusa nm habai yanne na. ehe pusa ynwada

Awidinna purudu wela nh. Wassa temigena gedara enawa itin hwas weddi

නවන්න හදද්දි පණබයේ වෙවුලුවත් වැස්සක් අවම නම් ඔහේ තෙමි තෙමි දුවනවා.

Ammooh ekanm atta tamai. wahinakota hodata temenne puluwam nawaddi tamai bari 😅

ekane. hama ballama ekai balan giyama

Ape paththeth wassa ewarayk na 😪

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 67790.81
ETH 3815.03
USDT 1.00
SBD 3.51