ගැමි සමාජයෙන් ප්‍රකට සකසුරුවම.

in Steem Sri Lanka2 years ago

IMG_20211209_183546.jpg
එදා අපේ ගැමි සමාජය තුල අනාගතය වෙනුවෙන් ද්‍රව්‍යමය වශයෙන් ඉතිරිකිරීම ප්‍රකට වූ අවස්තා ගණනාවක් දක්වන්නට පුලූවන.කුඹුරු ගොවිතැන් කිරීමෙන් ඉදිරි කාලය සදහා අස්වැන්න අටුවේ එක්‍ රැස් කර තබාගැනීම අරපිරිමැස්ම ප්‍රකට කෙරෙන ප්‍රමුඛතම කාර්‍යකි.අද මෙන් නොව එකල ආහාර හිගයක් පැවැති කාලසීමාවන්හීදී පරිබෝජනය සදහා ආහාර සංරක්ෂණය කර තබා ගැනීම් එදා ජන ජීවිතය තුළ පැවතින.

IMG_20211209_183911.jpg

කොස් ගහෙන් වැටෙන වැල ,වරකා ඇට පවා වැලි යට දමා වැලි කොස් ඇට වසයෙන් සකසා ආරක්ෂා කර තබා ගැනීමත්,සහල් පිසීමට පෙර මිට බැගින් ඉවත් කර මිටි සහල් ලෙස තැබීමත් නියම සංරක්ෂණ විදි ක්‍රම විය.කඩපිල මතම යැපෙන අද මිනිසුන් මෙන් නොව,එදා නිවසේ මිරිස් කහ සහ එළවලු වවා නිවසේදීම මිරිස් ගල ආදාරයෙන් අඹරා ,ලුණු කැට දමා තබා ආරක්ෂා කරගෙන තබා ගන්නා ලදි.

දෙහි වැනි දෑ ,ලුණු දෙහි ලෙසද එසේම වැලි යට සගවා දිගුකල් ප්‍රයෝජන ගැනීමට දක්ෂ විය.වර්තමානයේ තාක්ෂනය දියුණු වුවද අරපිරිමැස්ම ,ඉතිරිකිරීම,අපතේ නොහැරීම යන කාරණා ඉවත දමන්නට නොහැකි තත්වයකට පත්වතිබෙන්නේ ඒ නිසයි.

IMG_20210904_124628.jpg

එදා අපේ ගැමි සමාජයේ කෑම වේලක් සොයා ගැනීමට නොහැකි කෙනෙකු සිටියේ නැති තරම්ය .එක් නිවසක අඩුපාඩු පැවැති විට තවත් නිවසකින් එම අඩුව පිරිමැසින.එකල පැවැති යහපත් මිනිස් සම්බන්දතා හේතුවෙන් නිල වශයෙන් බැංකු ක්‍රම නොතිබුනද එකිනෙකා අතර පැවැති සහසම්බන්ධතාවය ප්‍රකට කෙරෙන්නේ අද පවතින මුදල් ගණුදෙනු ඔස්සේ පිරිමසා ගන්නා වුවමනා හා අවශ්‍යතාවයන්ය.

IMG_20211209_183616.jpg

ආහාර පිළිවෙල කිරීම හා සම්බන්ද කල්තබා ගැනීම් සදහා එකල කාන්තාව මූලිකත්වය ගෙන කටයුතු කළ ආභාශයම නිවසේ මූල්‍ය් පරිහරනයේදී ද ඉස්මතු විය.ඉතිරි කරන්නට බැංකු ක්‍රම පැවතියද එදා කාන්තාව සුලු මුදලක් ඉණේ හෝ අල්මාරියේ කොනක සගවා තැබීම නිවසේ සිදුවන හදිස්සි අවස්තාවකදී වාසිසහගත විය.
එදා අද තරම් බහුලව රෙදි සාප්පු හෝ විවිද පන්නයේ මෝස්තර වල ඇදුම් නොතිබුනි.එකල පැවැති සරල ඇදුම් ලෙස සරම්,කමිස,චීත්තය,හැට්ටය වැනි පමණක් විය.
වර්තමානයේ මිනිසුන් උපයන මුදලට සාපේක්ෂ නොවන අයුරින් විය්දම් කිරීමට පෙලැඹී ඇත.මානුෂික ගති ලක්ෂණ තුරන් වූ වාණිජකරණයට යට වූ සමාජයේ ඉතිරි කිරීම අගතියට පත්ව ඇත.

IMG_20211209_184118.jpg

කෙසේ වෙතත් අරපිරිමැස්ම වගේම අපතේනොයැවීම එදා අපේ ජන සමාජයේ ඉතා අත්‍යන්තයෙන්ම වැඩුනු කරුණු වේ.එදාට සාපේක්ෂව අද සමාජය වෙනස්ව ඇත.අපේ ආහාර රටාව ,ඇදුම් පැලදුම් ,සිතුම් පැතුම්ද වෙනස්ව ඇත.නමුත් අප ජීවත්වන පරිසරයට ආදරයෙන් කටයුතු කරනවා නම් එදා සමාජයේ තිබූ සංකල්ප අ
අදටත් ගැලපෙන සේ යොදාගෙන එදා සංස්කෘතියේ තිබූ සංකල්ප රැකගෙන මැද මාවතක් ගතකරන්නට හැකියාව පවතී.

Sort:  

අරපිරිමැස්ම කියන දේ නම් අද ගමේ ගෙවල් වල ව්තරයි තියෙන්නේ.

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 67488.06
ETH 3761.44
USDT 1.00
SBD 3.56