පොලිස් නිල ලාංජනය
රටක මහජනතාවට පොලිස් නිලධාරියකු ඇසුරු කිරීම නැනවතෙකු සමග මිත්‍රශීලිව කටයුතු කිරීමට සමාන විය යුතුය.මෙයට උදාහරණයක් ලෙස රථවාහන වැරැද්දක් සිදුවු විට අදාල වැරැද්ද කල පුද්ගලයාට ඒ සම්බන්දව සුහදව කරුනු පැහැදිලි කිරීම හෝ එය අවවාදයක් දී එය සමතයකට පත් කල හැකි ස්වරූපයේ වරදක් නම් ඒ සම්බන්දව පොලිස් නිලධාරීන් සලකා බැලිය යුතුව ඇත.පොලිස් නිලධාරියකුගේ නැණවත් බව එවැනි දෑ වලින් පෙන්විය හැක.
පොලීසිය සමාජය තුල අප්‍රසාදයට බලපා ඇති තවත් එක් කරුනක් වන්නේ පොලිසිය දේශදේශපාලනීකරණය බවට පත්ව ඇති චෝදනාවයි.සියලු තීන්දු තීරනවල අවසාන ප්‍රතිඵලය දේශපාලන මැදිහත් වීමකට අවැසි පරිදි සිදුවන්නේ යැයි ජනතාව තුල ගොඩ නැගී ඇති ආකල්ප තුලින් ජනතාවට අපරාධ යුක්ති ක්‍රමය පිලිබද කලකිරීම් සහගත ප්‍රතිරූපයක් නිර්මානය වී ඇති බව මහජන අදහස් වලින් පසක් වේ.එම නිසා සෘජු ගුණ ඇති තැනැත්තා කිසිවෙකුටත් බිය නොවී ක්‍රියා කරන අතර සමාජයෙන් චෝදනා නොලබා පැසසුම් ලබයි.නූතන සමාජ සංකීර්නතා හමුවේ පොලිස් සේවයද සමාජ අවශ්‍යතාවලට අනුරූපව සකස් වීමේදී මොලොක් බව හෙවත් මෘදු බව වැදගත්ය .එනම් සමාජ ගැටලු (උද්ඝෝෂණ වැනි) වලදී දැඩි ලෙස ක්‍රියා නොකර මෘදු කුසලතා භාවිතා කර මහජනයා සමග සංගමයෙන් ක්‍රියා කිරීම කාලෝචිතය.අපරාද විමර්ශනයකදී සාක්ෂි ලබා ගැනීම වැනි කාර්යයන් වලදී පොලිස් නිලධාරීන් අනතිමානී ගුණයෙන් යුක්තව ක්‍රියා කලහොත් අපරාධයක සුල මුල සෙවීම අපහසු කාර්යයක්ද නොවනු ඇත.රටට ගැලපෙන ලෙස පරිවර්තනය වෙමින් පොලීසියේ පැවැත්ම සහ පොලිසියේ මෙහෙවර වන රට ආරක්ෂා කිරීමට කැපවී හා විශ්වාසයෙන් යුතුව සැමට සමානාත්මතාව සැලසීමේදී කරුණාව දයාව උපේක්ෂාව මහජනයා වෙත දැක්විය යුතුව ඇත.මෙවැනි ධාර්මික ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ශ්‍රී ලංකා පොලීසියටද ලොව විශ්වාසනීයත්ව පොලිස් සේවා සපයන රටවල් අතරින් මුල් ස්ථානයන්ට පැමිණිය හැකි වේ.
එසේම කාන්තා අයිතිවාසිකම්වල පුරෝගාමියා ලෙස සැලකෙන සිගාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇත්තේද සැමියා සහ බිරිඳ යන දෙදෙනාටමද සම අයිතිය ලැබිය යුතු බවය.බුදු රජානන් වහන්සේ පහලවන අවදිය තුල ඉංදියාවේ කාන්තාව කිසිදු අයිතිවාසිකමක් නැති තැනැත්තියක් වු අතර පියා ස්වාමියා යටතේ සිටිය යුතු තැනැත්තියක් ලෙස ස්ත්‍රිය හදුන්වා දී ඇත.ඔවුන් අතර ඉගැන්වීමක් වුයේ ලෝකය මහා බ්‍රහ්මයා මවන ලද්දක් බවය.
ඕනෑම ආයතනයක පරමාර්ථ,අරමුණ ඉටු කරගැනීමට ඇති ප්‍රධාන සම්පත මානව සම්පත නිසා ආයතනයක දියුනුව පිණිස බුදු රජානන් වහන්සේ දේශනා කොට වදාල සිගාලෝවාද සූත්‍රයේ ස්වාමි සේවක සම්බන්ධකම් පොලීසිය තුලද ක්‍රියාවට නැංවිය යුතුය.
සමාජය නීතිගරුක කිරීමේ ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කිරීමට අද්විතීය වගකීමක් උසුලන පොලිස් නිලධාරියට සමහර උසස් වීම් කලට වෙලාවට ලබා ගැනීමට අවකාශයක් නොමැති තත්වයන් නිසා කලකිරුණු පොලිස් නිලධාරීන් ද පොලිස් සේවයේ ඇත.එම නිසා පොලිස් නිලධාරියාගේ දක්ෂතා ,හැකියාව අනුව නියමිත උසස් වීමද සුදුසු කලට ලබා දිය යුතුව ඇත.අනිත් අතට පොලිස් නිලධාරියාද සමාජය ශිෂ්ට සම්පන්න කිරීමේ කාර්යයේදී තමන්ට පැවරුණු කටයුතු මැනවින් ඉටු කළ යුතුව ඇත.