යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්

in Steem Sri Lanka3 years ago

IMG_20211128_123931.jpg
භූත විදද්‍යාව ගැන ඇති තොරතුරු, කථා ,පොත් ආදී බොහෝය.එසේ සදහන් පොත් අතර "පුරාණ භූත විදද්‍යාව " නමින් පොතක් 1924 අවුරුද්දේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කර තිබුණි.'බලදේවය 'නොහොත් දේවතා පණිවුඩ ලබන්නේ කෙසේද? යනු 1928 දී පිටකොටුවේ රෝයල් යන්ත්‍රාලයේ මුද්‍රණය කරන ලද තවත් පොතකි.
දැන් පෙරටත් වඩා පුරාණ නවීන භූත විදද්‍යාව ගැන ප්‍රථුල අවබෝධයක් සහ දීර්ඝ අත්දැකීමක් ද ඇති නිසා ශුද්ධ ශාස්ත්‍ර පොත් පෙලක් පලකිරීමට කතුවරයන් උනන්දු වී ඇත.චිත්තා මාණික්‍යයක් මෙන් සිතැගි සපුරාලන මහත් අමාරුවෙන් සපයාගත් ගුප්ත මන්ත්‍ර රාසියක් සදහන්වේ.දූෂණයෙන් දූෂණයට පත්ව කගවේනුන් සේ මෙලොවින් අතුරුදහන් වේගෙන යන අපේ පුරාණ ගුප්ත විද්‍යා හැකි තරම් ශුද්ධ කොට සිංහල ජනතාව අතට පත් කිරීම කතුවරයන්ගේ ප්‍රධාන අරමුණ වේ.අප අසා ඇති කථා අනුව පැරණි ජන සමාජයේ ඉතා ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යකුන් බැද වැඩ ගත් කථා පුවත් නොසෑහෙන්න අසා ඇත.
IMG_20211128_124312.jpg
ඌරාට මුතු වලින් වැඩක් නැද්ද?සත්වයන් අකුරෙන් යමක වටිනාකම් තෝරා බේරා දැනගන්නේ මිනිසාය.අල්මාරි ,ඇදන් ,පුටු,මේස ආදිය මෙන් නොව රන් මිණි මුතු වලින් සාදන ලද වටිනා ආභරණ මෙන් රහස් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් රහසේ තබා ගැනීම මිණිස් ගතියකි.පැරණි සමාජයේ ඉතා ප්‍රසිද්ධ ගුරුණ්නාන්සේලා ස්වාමීන් වහන්සේලා කළ වැඩ සහ අමතක නොවන සිදුවීම් ද එමටය.තවත් සමහර සිදුවීම් අතර ඔවුන්ගේ හොද නරක දෙකටම මෙම ගුරුකම් භාවිතා කල ඇති අතර වෙද හෙද කම් වලටද භාවිතා කල බව කවුරුත් දන්නා රහසකි.ඉස්සර මිනිසුන්ගේ පන නැසීමට සහ ඔවුන්ට වද හිංසා පමුනුවා ඔවුන් දුක් විදීමට සැලැස්සවීම්ද අනන්තවත් සිදුවිය.එක් ස්ථානයක සිට වෙනත් පුද්ගලයෙක් සදහා ඔහුට යම් කරදරයක් හිරිහැරයක් කිරීමට වුවද මෙම මන්ත්‍ර ගුරුකම් වලට පුලුවන් කම තිබුණි.පැරණි හා වර්තමානය දෙස බලන විට අද සමාජයේ බොහෝ ප්‍රෙදේශ වල සුලබව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා වෙන්කල ස්ථාන බොහෝය.ඒවායේ බොහෝවිට සිදුවන්නේ මුදල් හූරාකෑම්ය.අසරණ වු මිනිසුන් මෙහි යන්නේ පිහිටක් පතාය.නමුත් සිදුවන්නේ තවත් අපහසු තාවයට පත් වීමය.
FB_IMG_16383773444934000.jpgමෙම ස්ථාන සදහා බොහෝ විට යනු ලබන්නේ කාන්තාවන්ය.ඔවුන් මෙම දේවාල වලදී කට්ටඩියන් හෙවත් කපු මහතුන් අතර හොර කපු මහතුන්ද සිටී.ඔවුන්ගේ බසට රැවටී සමහර කාන්තාවන් විවිධ අපයෝජනය වන අවස්තාවන්ද බොහෝ අසා ඇත.වෙලද දන්වීම් පලකරමින් සමාජ මධ්‍ය පුවත් මගින්ද ව්ශාල ලෙස මුදල් වියදම් කරමින් තමාගේ දේවාලයට මිනිසුන් ගෙන්වා ගැනීම සදහා විවිධ උපක්‍රමයන් භාවිතා කරති.සමහර උදවිය දුර බැහැර ප්‍රදේශයන් සිට තමන්ගේ කාරනා සිදුකර ගැනීමට පැමිණෙති.විවිධ කාරනා නිසා අයකර ගන්නා මුදල් ප්‍රමාණයන්ද අති විශාලය.

FB_IMG_16383772427700350.jpg
ගුරුන්නාන්සේ පැමිණි පුද්ගලයන් ඉදිරියේ යාතිකා වෙමින් ඔලුව කරකවමින් බෙර ගසමින් කන්නලව් කරමින් ආරූඪ ඌවාක් මෙන් රගපෑමක නිරත වෙයි.කිසිවක් නොදන්නා මිනිසුන් ඔවුන් කියනා මුදල දී පිටව යයි.මෙම කාරනාවන් හරියට සිදු කරනා අය අතර වැඩි කොටසකගෙන් කෙරෙන්නේ බොරුවය.නූලක් දමා යන්තරයක් දමා කොඩිවින කපා බිල්ලක්ද දී යකුන් පලවා හැර අපල දුරු කර ඒවා ඉවත් කෙරූ බව ඔවුන් කීවාම ඒවා පිලිගන්නවා ඇරෙන්න ඔවුන් සමග තර්ක කිරීමට නොහැක.අද මුදල් තිබෙනවානම් ඕනෑම දෙයක් කර ගැනීමට පුලුවනි.ලක්ෂ ගනනින් මුදල් වියදම් කරමින් කරගන්නා කිසිවක් මා දන්නා තරමින් සාර්ථක වී නොමැත.තවද මුදල් දෙන අප සිටි තැනටත් වඩා පහලට වැටී ඇත.කපුවන් තට්ටු ගනනින් ගෙවල් ගසයි.සැපවත් වාහන පරිහරනය කරයි.ඔවුන් ඔවුන්ගේ ජීවිකාව ගොඩනගා ඉවරය.ඔවුන්ට දොසක් කීමද වැරදිය.යන අප කල්පනා කල යුතුය.අප නොයන්නේ නම් ඔවුන් ඒ මුසා පවසන්නේ නැත.හැමදේකටම හිත හයියනම් අපිට අන් පිහිටක් අවශ්‍ය නැත.බුදුන් වහන්සේගේ ධර්මය අප ව්ශ්වාස කරන්නෙමු. සියල්ල සිදුවන්නේ රංග භූමියක රගපෑමක් ලෙසය.රංගනය අවසානයේ සියල්ල හමාරය.මුදල් දුන් පසු සියල්ල අවසන්ය.
FB_IMG_16383775617899154.jpg
මොහොතක් සිතන්න.මේවයේ විද්‍යාත්මක බව අප දන්නේ නැත.හරි හෝ වැරදි වීමට හැක.නමුත් සිදුවන්නේ තවත් අමාරුවේ වැටීම පමණි.සෑම දෙයක්ම යහපත් සිතින් srකිරීම තුලින් තමාට යහපතක් මිස අයහපතක් සිදු නොවේ.සියල්ල සිදුවන්නේ මේ මනුෂ්‍ය ලෝකය තුලය සෑම දෙයක්ම රදාපවතින්නේ අප කරන කියන යහපත් දේවල් වලින් පමණි.

Sort:  

සල්ලි සතපහක් ගන්නේ නැතිව ලොකු ලොකු පූජා කරන කෙනෙක් අපේ දිහා ඉන්නවා.එයානම් ආරූඩ වෙන් නෑ.හරිම හොද මනුස්සයෙක්.

ගොඩක් අපේ මිනිසුන්ට ඔන මැජික්.
ඉස්සර නම් යන්ත්‍ර මන්ත්‍ර දන්න හොද ගුරුන්වහන්සේ ලා හිටියලු. දැන් නම් බහුතරයක් කරන්නේ බොරු.


image.png

Your post has been upvoted by @zero-to-infinity. We are supporting all the STEM Content Publish in Steemit.

For more,you can visit this community

JOIN WITH US ON DISCORD SERVER:

Support us by delegating STEEM POWER.
20 SP50 SP100 SP250 SP500 SP

Follow @zero-to-infinity & @steemitblog for latest updates

මෙම ස්ථාන සදහා බොහෝ විට යනු ලබන්නේ කාන්තාවන්ය.ඔවුන් මෙම දේවාල වලදී කට්ටඩියන් හෙවත් කපු මහතුන් අතර හොර කපු මහතුන්ද සිටී.ඔවුන්ගේ බසට රැවටී සමහර කාන්තාවන් විවිධ අපයෝජනය වන අවස්තාවන්ද බොහෝ අසා ඇත.

ඕව පස්සෙ යන උන්ට හොද වැඩේ...

Coin Marketplace

STEEM 0.23
TRX 0.12
JST 0.029
BTC 67332.03
ETH 3499.40
USDT 1.00
SBD 3.25