හෙට දවස වෙනුවෙන් දරුවන්ට පාඩමක්.

in Steem Sri Lanka2 years ago

FB_IMG_16398415493524222.jpg

දරුවන්ට ඉතිරිකිරීම කියාදිය යුත්තේ ළමාවියේ සිටමයි.මෙහි පූර්ණ වගකීම ඇත්තේ දෙමාපියන් හටයි.ඕනම පුරුද්දක් දරුවන්ට හුරුකළ යුත්තේ යමක් තේරෙන වයසේදීයි.ඉතින් මුලු ජීවිතයටම වැදගත් වන ඉතිරිකිරීම ගැන පාඩමක් පොඩ්ඩන්ට පුංච් කාලයේදීම කියලා දෙනඑක අපේ දෙමව්පියන්ගේ ආදරණීය වගකීමක්.

FB_IMG_16398425811437242.jpg
දරුවකුට මුල් කාලයේ මේ පිළිබදව අවබෝධයක් නොමැති වුවත් වයසින් වැඩෙත්ම එය ක්‍රමානුකූලව දරුවා අවබෝධ කරගනියි. ලෝ ප්‍රකට කතුවරයකු වන "බෙත් කොබ්ලිර්නර්ට අනුව පුංචි දරුවෝ ඉතිරිකිරීම ගැන ඉගෙන ගන්නේ අවුරුදු 3 සිටයි.පුංච් කාලේ ඉදලම ඉතිරිකිරීම ගැන එයාලට කියලා දෙන්න සරල ක්‍රම කිහිපයක් කියාදීමයි මේ ගන්නා වූ අරමුණ.
අවුරුදු 3,4 දරුවන්ට මුදල් කියන්නේ තවත් සෙල්ලම් බඩුවක් විතරයි .

IMG_20211101_163126.jpg

ඔහුන්ට කාසියක් හෝ නෝට්ටුවක් හමුවුනොත් ඒවා කටේ දමාගැනීම තමයි පළමුව කරන්නේ.තවත් සමහර පොඩි දරුවෝ නෝට්ටු ඇහැට ප්‍රිය නිසා හොදින් ඒවා නිරීක්ෂණ කරයි.කාසියක් බිමවැටුනම ශබ්දයක් නිකුත් වෙන නිසා ඒ ක්‍රියාකාරකමත් පොඩි දරුවන්ට කාසියක් හමුවුනොතින් කරයි.මේ සියලුම දේ වලින් සිදුවන්නේ පොඩි දරුවෝ සල්ලි හදුනා ගැනීමයි.නමුත් සල්ලි කටේ දමා ගැනීම වැනි දෑ කිරීම පිලිබදව සැලකිලිමත් වීම වැඩිහිටි අපගේ යුතුකමය.

දරුවකුට කැටයක් ලබා දීමට ක්‍රියා කිරීමට යොමුවන අය ඉතිරි කිරීමේ අගය පිලිබදව මනාව දනී.එසේ කිරීමේදී දරුවාට විනිවිද පෙනෙන කැටයක් යොදාගත හැකි නම් එය වඩා අගනේය.මොකද කුඩා දරුවා එහි මුදල පිරීයන ආකාරය දැකීම තුලින් උනන්දුවෙන් මුදල් පිරවීමට ක්‍රියාකරන් ලබයි.

IMG_20211209_183724.jpg

දෙමාපියන් උදේ රෑ නොබලා වෙහෙසී මුදල් සොයා වෙහෙසී කටයුතු කරන්නේ දරුවන් වෙනුවෙන් වග උදාහරණය මගින් පෙන්වීමට ක්‍රියාකිරීම කලහැක .
හොදින් ඉගෙනගෙන උසස් රැකියාවක් කලහොත් තමන්ට කැමති කැමති රස කෑම,සෙල්ලම් බඩු ආදිය මිළදී ගත හැකි බව ඔහුන්ට කියාදෙන්න.දකින දකින දේ ඉල්ලා අඩන දරුවන් අප නිතර දකින දර්ශනයකි.එය ආශාවට පමණක් වන අතර කුස පුරවාගැනීමකට නොව.

IMG_20210804_174600.jpg

අප ආහාර අපතේ යවන විට ලෝකයේ ඕනතරම් දරුවන්ට කිසිදු ආහාරයක් නොමැතිව දුක්ව්දිනබව කියාදීමට උත්සුක වන්න.ඔබ කඩයට යාමට පෙර සකසන බඩු ලයිස්තුව දරුවන් සමග එකතුව සකස් කරන්න.දරුවන්ද එහි එක්ක ගොස් අවශ්‍ය බඩු පමණක් තෝරාගැනීමට ඔහුන්ගේද සහය ලබාගන්න.
මෙවැනි ක්‍රම මගින් දරුවන්ගේ තීරණ ගැනීමේ හැකියාව,ඉතිරි කිරීමේ පුරුද්ද වැනි යහපත් පුරුදු වර්දනය වේ.

Sort:  

ඔබ කඩයට යාමට පෙර සකසන බඩු ලයිස්තුව දරුවන් සමග එකතුව සකස් කරන්න.දරුවන්ද එහි එක්ක ගොස් අවශ්‍ය බඩු පමණක් තෝරාගැනීමට ඔහුන්ගේද සහය ලබාගන්න.

attatama hoda puruddak..hamoma karanawa nam.

දරුවකුට කැටයක් ලබා දීමට ක්‍රියා කිරීමට යොමුවන අය ඉතිරි කිරීමේ අගය පිලිබදව මනාව දනී.

මගේ දෙමව්පියන් මේ දේ පොඩි කාලෙ ඉදලනම පුරුදු කල නිසා මගේ ගාව අදටත් කැටයක් තියනවා

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.030
BTC 67489.61
ETH 3762.16
USDT 1.00
SBD 3.56