The Stars Can Shine in the Hearts| 5% to SL Charity

in Steem Sri Lanka3 years ago
මහා ලොකු කඳු තරණය කරලා, ගල් බොරලු පාරවල් වල මහන්සි නොබලා දුවලා ලංකාවේ සංගීත ක්ශේත්‍රයට පායපු තරු ගොඩක් ඉන්නවා. මොන ක්ශේත්‍රයක වුණත් තරුවක් වෙන්න ලේසි නෑ. ඈත ගම්බද වුණොත් තවත් ලේසි නෑ. දමිත් අසංක කියන්නෙ මොණරාගල වැල්ලවාය කියන ඈත ගම ඇතුළෙ පායලා මිනිස්සුන්ගෙ හිත් වල නතර වුණු සැබෑම තරුවක්.

IMG_20210929_012012.jpg
Source

මට දැනෙන දමිත් අසංකගෙ හඬ ප්‍රේමණීය නිවීමක්. ඊට පස්සෙ කොයිතරම් ප්‍රේමණීය, සුන්දර නිවුනු හඬවල් ආදරයෙන් වැළඳගත්තත් දමිත් අසංක ගෙ සුන්දර වෙනස්ම හඬට තියෙන අගය අඩු වෙන්න ඒක හේතුවක් වුණේ නෑ.

මායිම් ගමේ වීරමනී ට ඒ තරම් ආදරෙන් කතා කරලා අපි සහජීවනය පිරුණු රටකදි හම්බවෙමු කියලා කියන්න දමිත් අසංක ට තරම් වෙන කාට හරි පුලුවන්ද කියලා ඇත්තටම මට සැකයි.

ඒ වගේම තමයි පත්තායම වී මනින්න, මේ අනන්ත රාත්‍රියේ වගේ ගීත වල තියෙන ආදරය පුදුම විදියට සුන්දරයි. උගත් නූගත් හැම මනුස්සයෙක්ගෙම හිත ඉක්මනට අල්ලගන්නවා. එහෙම වෙනකොට සංගීතය කියන්නෙ ඇත්තටම විශ්වීය භාශාවක් වෙනවා. මම හිතනවා දමිත් අසංක කියන්නෙ ඒ විදියට මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ නවාතැන් ගත්ත ගායකයෙක් කියලා.

දමිත් අසංකගෙ ගීත වල පරාසය අහසක් වගේ. සාමය, සහජීවනය, ආදරය, ගැමි සුන්දරත්වය, සොබාදහම ඒ හැමදේම තියෙනවා. ඉතින් එහෙම අහසක් වගේ ලොකු පරාසයක් හදලා දුන්නු ගී පද රචකයන්ට, සංගීත නිර්මාපකයන්ටත් ඒ ගෞරවය ලැබෙන් ඕනේ. සමහර තනු නිර්මාණ පරම්පරා ගානක් වුණත් සැනසිල්ලෙ රස විඳීවි. ඒ තරම් රසයක් ඒවයේ තියෙනවා.

දමිත් අසංක ගැන ලියන්න හිතුවෙ උඩින් මම ලියලා තියෙන ගීත හින්දම නෙමෙයි. මීට කලින් අහලා තිබුණෙ නැති මෙන්න මේ ගීතය මම ඇහුව හින්දා. ඒක හරිම ලස්සන එකක්.

ඒත් එක්කම මට මතක් වුණා මේක විතරක් නෙමෙයි තව ගොඩක් තියෙනවා කියලා! මෙන්න මේ හේතුව හින්දා දමිත් අසංකට මිනිස්සු ආදරෙයි කියලා මට හරියටම කියන්න බැරි වුණත් ඒ ආදරේ මිනිස්සු ගොඩ අතරෙ මමත් ඉන්නවා කියලා මම දන්නවා!

Sort:  

මමත් ආසම කටහඩක් තියෙන ගායකයෙක්🤗.

😍❤️

I like his deep voice too.Now he is not seen in the music world,,,

Yeah I didn't see his face recently.

අපේ කාලයේ හදවතේ ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ ❤️ අදටත් එයාගේ පරණ සිංදුවක් උනත් ආසවෙන් අහන්න පුළුවන්..

ඔව් හැම කාලෙටම වලංගුයි.

නුවර එලියෙ සිසිල් බවයි, සින්දුව තමයි මන් නම් ආසම. 😇

ahala balanna meka....

Ok ayya broo☺️

ඔව් ඒක ලස්සනයි💛

මායිම් ගමේ වීරමනී සින්දුවට තමයි ආසම මං 😍😍😍 , ගොඩක් වෙලාවට අහනව ඒක ❤️ , ඔක්කොම සින්දු වගේ නියමයි ආසම ගායකයෙක් ❤️😍

💛😍

එයා තනිවෙලා හිටියෙ ගොඩක් කාලයක් මන් හිතන්නෙ..මන් දැක්ක ‍Youtube එකෙ දාල තියනවා...ප්‍රශ්න ගොඩක ඉන්න ගායකයෙක්..ගැබුරු කටහඩක් තියනවා..මාත් ආස ගායකයෙක්

ඔව්. එහෙම කාලයක් තිබුණා.😥

Effortless sindu kiyna dial ekak...Asama karana kenek... Smajaya nisa winasa unu thawath ek tharuwak....

mekath ahala balanna nangi...

මේක මං අද ඇහුවා අයියා. ලස්සනම එකක්.💛 පද ටික දැනෙනවා.

Ehenam hondai...

එහෙම තමයි.. සමහර ගායකයො ඉන්නව අලුත් අලුත් ගායකයො, සින්දු ආව කියල අපේ හිත එයාල අල්ලගත්ත තැන නැතිවෙන්නෙ නෑ. මොකද එයාල unique. මං මෙයාගෙ ආසම මේ අනන්ත රාත්‍රියේ.. හැබැයි මං මෙයාටත් වඩා ආසයි චාමර වීරසිංහට. ඒ හඬ කොහෙදි ඇහුණත් මට නැවතිලා අහන් ඉන්න හිතෙන තරං මිහිරියි.

මම දෙන්නටම එක වගේ කැමතියි. දෙන්නම එකම කැටගරි එකේ.💛

Damith asanka is my one of favourite singer😍

Mine too!❤️

Coin Marketplace

STEEM 0.20
TRX 0.16
JST 0.030
BTC 66331.68
ETH 2720.25
USDT 1.00
SBD 2.87