Do Not Shout | කෑ ගහන්න එපා | 10% to SL-Charity

in Steem Sri Lanka3 years ago

photo_2021-07-06_17-23-49.jpg

පොඩි කාලේ ඉදන්ම අපේ ගෙදර හරිම silent තැනක්. මොකද "කෑ ගහන්න එපා" කියන එක තමයි නිරායාසයෙන්ම අපේ ගෙදර වැඩිපුරම use වෙන වචන ටික.

අපි ගෙදර පුසගෙන් පටන් ගනිමු. අපේ ගෙදර ඉන්නේ කටක් හෙලවෙනව දැක්කත් අමාශේ පේන තරමට කට ඇරගෙන බෙරිහන් දෙන ලස්සන පූසෙක්. ඉතින් ඌ කෑ ගහනව දරා ගන්න බැරි වුණාම අපි හැමෝම ඊට වඩා සද්දෙට කියන්නේ, "කෑ ගහන්න එපා". අනික් අතට පූසා නිදි වෙලාවට අපට කිවිසුමක් වත් ගියොත් උගේ බාසාවෙන් ඌ කියන්නෙත්, "කෑ ගහන්න එපා".

ඊළඟට අපේ බිංගෝ. උඩ ගෙදර බල්ලා බුරනකොට ඒත් එක්ක බුරන අපේ බිංගෝ ගේ සද්දේ මීටර ගණනක් දුර ඇහෙනවා. කන ළඟ ඉදලත් කතා කරන දේ නෑහෙන කොට බිංගොට කොටුවක් පෙන්නලා අපි කියන්නෙ "කෑ ගහන්න එපා". අයිස් ක්‍රීම් වෑන් එකේ සද්දෙට ඌ උඩුබුරුලන කොටත්, "කෑ ගහන්න එපා".

photo_2021-07-06_17-23-52.jpg

මම පුංචි කාලේ ඉඳන් පණ ගෙවෙනකම් කාමරේ ට වෙලා පාඩම් කරද්දී පවුලේ අනිත් අය අල්ලාප සල්ලාපයේ නම් මම කෑ ගහන්නේ , "කෑ ගහන්න එපා". අම්ම News බලන වෙලාවට තාත්ත ට Telephone Call එකක් ආවොත්, අම්ම කියන්නෙත් "කෑ ගහන්න එපා".

මයික් on කරත් නොකරත්, online class එකක් පටන් ගන්න කලින් පෙර සූදානමක් විදියට අපි දෙන්නම කියන්නේ, "කෑ ගහන්න එපා". Online Exam එකේ ගෙදර සද්දේ ඇහෙනවට බයේ, එකදිගට පැය තුනක් "කෑ ගහන්න එපා". රස්සාවක් හම්බෙනකම් සැරින් සැරේ Interview යද්දී "මේක ඉවර වෙනකම් කෑ ගහන්න එපා"

photo_2021-07-06_18-14-41.jpg

Office එකේ Meeting එකක් පටන් ගන්න කිට්ටු වුණාමත්, කාමරෙන් කාමරේ ට ගිහින් කියන්නේ "කෑ ගහන්න එපා". කොයි මොහොතේත් කෑගහන්න බැරි අපේ ගෙදර තමයි වැඩ කරන්න, පාඩම් කරන්න මට සුදුසුම තැන.

හැබැයි අපේ අම්මත් තාත්තත් මග බලන් ඉන්නේ නිදහසේ කෑ ගන්න ලැබෙන දවස කවදද කියල!

Sort:  

අපේ බිංගෝ.

බිංගෝ ගේ දත් සෙට් එක මරු 🤭

cute story ekak ekanam

It is reality

Yes, we were really frustrated by the noise, there was so much open space in those times, and no one is bothered by how much screaming, but nowadays there are a lot of people around us, and a lot of gadgets to make noises. If we want to scream we should go to any lonely island. You have written a very nice topic.

yeah.. did you translate it? usually Sinhala to English translation is very bad. but you have taken the real meaning.

Yes, I understood the topic.

issaraha lecture wala iddith kiyanne ka gahanna epa liyala.. zoom lecture walath ehmai.. thawath ekak add karanna list ekata.. hee heee..

mata eka sir kenek mathak wenwa 1st year eke hiti.

hee heee. mata hithenawa kawuda kuyla

මේක ඇත්තක්... සම්පුර්ණ ඇත්තක්...

anna ekane.

😂😂😂 කෑගහන්න එපා

කෑ ගහන්න එපා oyath. meka oyata office ekedith use krnna puluwan. ;D

😂😂😂 Api meka use karanawa hitapugaman... 😂😂

කෑ ගහන්න එපා Pls😐😂

mekanm aththa.. wadiyenma kiyanne kegahanna epa kiyala 😂.

oyalage gedarath ehemda?

Mama tamai ehema 😂😂.

කෑ ගහන්න එපා 😂

great story

bitter trueth

In fact, this is a word I heard a lot when I was a kid. Because I also say that sometimes the mouth is loud'.

It seems this is normal in every house 🤦

Coin Marketplace

STEEM 0.26
TRX 0.13
JST 0.032
BTC 60837.81
ETH 2874.77
USDT 1.00
SBD 3.62