අද අපිට ගංවතුර ...
සුභ දවසක් ඔයාලා හැමෝටම ...
ඊයෙ රෑ එක දිගටම ලා වැස්ක් තිබ්බා. ඒත් ගං වතුර එන්න තරම් ප්රභල වැස්සක් නෙමේ.
අපේ ප්රදේශය හරහා යන හංගමුව ගග රත්නපුර කලු ගගේ ප්රධාන අතු ගංගාවක්. මේ ගග පටන් ගන්නේ රක්වාන කදු වැටියෙන්. මේ හංගමුව ගග නිරිඇල්ල ගග සමග එක්ව හීං ගග නම් තනි ගංගාවක් වී කලු ගගට එකතු වෙනවා.
රක්වාන ප්රදේශයට ලොකු වැස්සක් වැටී ඇති බව මනාව පෙනුනා, අද අපිට ආපු ගංවතුරෙන්. අද උදේම ඩියුට් ගියපු හස්බන්ඩ් එහෙමම ගෙදර ආවා. අද අපේ ප්රදේශයේ කිසිදු අයෙක් රැකියා වලට ගියේ නැහැ. ඔක්කොම පාරවල් යටවෙලා තිබ්බා. කාටවත් හානියක් නැහෑ මේ ගංවතුර.
ටිකක් දවල් වෙලා අපි ගං වතුර බලන්න ගියා.
අවුරුද්දට දෙතුන් වතාවක් මේ ප්රදේශය ජල ගැලීම් වලට ලක් වෙනවා. මම මේ ප්රදේශයට අලුත් නිසා මේ මගේ පළමු අත්දැකීම. ඒකමයි මම නම් ගියේ. මම දැකපු දේ ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනු නිසා මේ විදියට සටහනක් එකතු කලා.
ස්තූතියි 🙏




