පලක් නැති කඩදාසි කොළය තොප Just a pile of useless papers/5% SL Charity

in Steem Sri Lanka5 years ago (edited)

නිරතුරුව හඹා ගොස්
සතු කරගන්ට වෙර දැරූ
දෙයක් වෙද තොප තරම්
මනු සතුන් ලොල් වැඩූ

හීන ඇහිඳිමින් ගිය
අතුරු මං පෙත් දිග
යස ඉසුරු හමු වුණි
මිනිස්කම් ගිලිහුණි

දුර ඈත අතීතයෙ
තාත්⁣තේ කියූ අය
යළි සොයා දෙන්නෙකුට
වත්කමෙන් අඩක් දෙමි

ගත සවිය සිත දිරිය
ගිලිහී ගොසින් ලිහී
රුදුරු මරු ලුහු බඳින
බරැති පා හඬ ඇසේ

තව කුමන පල ද යලි
අරඹමි නොනිමි ගමන
ඉගිල යනු රිසි අතක
මුදු පවන හා වෙලී

--- චාම් ----
senior-grey-haired-man-wearing-business-jacket-sad-expression-covering-face-hands-crying-depression-concept-senior-212203289.jpg
Source of image;dreamstime.com

Sort:  

@champikawije65

ගත සවිය සිත දිරිය
ගිලිහී ගොසින් ලිහී
රුදුරු මරු ලුහු බඳින
බරැති පා හඬ ඇසේ

The End.....

@saman88;කොවිඩ් ආව කාලෙ පිටරටක සිදුවීමක් අන්තර් ජාලයේ තිබුණු.මහල් නිවාසවල කොවිඩ් රෝගීන් මුදල් නෝට්ටු ජනෙල්වලින් පාරට විසිකරල. පාරේ විසිරිලා.ඒ පිංතූරෙ මතක් වුණේ. 😥

දුර ඈත අතීතයෙ
තාත්⁣තේ කියූ අය
යළි සොයා දෙන්නෙකුට
වත්කමෙන් අඩක් දෙමි

සල්ලි ඉස්සරහ අම්ම තාත්තත් අමතක වෙන බවද මේ පේලියෙන් හඟවන්නෙ?

ඔවි..