3 IN A ROW

in Steem Sri Lanka12 hours ago

1000053586.jpg
source

පළමු එක් දින තරඟයෙන් සාර්ථක ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට පිවිසුණේ මේ තරගයත් ජයගෙන තරගාවලිය ජය ගැනීමේ අරමුණින්.මේ තරඟයත් පැවැත්වුණේ හරාරේ පිටියේමයි.ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟය වැදගත් වුනේ කණ්ඩායම් වර්ගීකරණයේ දැනටමත් හතරවන ස්ථානයේ සිටින කණ්ඩායමක් එකොළොස්වන ස්ථානයේ සිටින කණ්ඩායමකට පැරදීමේ ලැජ්ජාව සහ අවමානයෙන් මිදීම ප්‍රධාන හේතුවක් කරගෙනයි.එක් දින පිටිය තුන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟාවලි කිහිපයේම විශිෂ්‍ට දක්ශතා පෙන්නුවේ බංගලාදේශ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින්.මේ තරඟයෙන් කාසිය වාසිය ජයග්‍රහණයය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදු වුණේ ආබාධයකට ලක් වුණු නිශාන් මදුෂ්ක වෙනුවට නුවණිදු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමත් සමගයි.මුල් පෙළ පිතිකරුවන් සියල්ලම වගේ සාර්ථකව ඉනිම දියත් කළ නිසා සිම්බාබ්වේ ඉනිම පන්දු වාර පනහ අවසානයේ ලකුනු කඩුලු හතක් දැවී ලකුනු 277ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී බෙන් කරන් සහ සිකන්දර් රාසා අර්ධ ශතක ලබා ගැනීමට සමත්වුණුු අතර චමීර කඩුලු තුනක්ද අසිත කඩුලු දෙකක් ද දවාගැනීමට සමත් වුණා.278ක ඉලක්කය හඹායාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැරී ඉලක්කය සම්පූර්ණ කළේ පැතුම්ගේ විශිෂ්ට ශතකයක්ද සමඟින්.කණ්ඩායමේ දැනට සිටින හොදම consistency player තමන් බව නැවත නැවතත් ඔප්පු කිරීමට පැතුම් නිශ්ශංක සමත් වුණේ හත්වන ශතකය තමන්ගේ නම ඉදිරියේ තබා ගනිමින්.චරිත් අසලංකත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මං පෙත් විවර කරමින්.ඒ අනුව එක දිගට තුන්වන තරඟාවලි ජයග්‍රහණයත් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.