"දිට්වා" සුළි කුණාටුව දිවයිනට කල විපත.

in Steem Sri Lanka10 days ago

පසු ගිය දින කීපය "දිට්වා" සුළී කුණාටුව මගේ රටට කලේ සුළු පටු ව්‍යසනයක් නොවේ. තද සුළං සහ වර්ෂාව හේතුවෙන් රටේ සෑම පළාතකම පවුල් දස දහස් ගනන් අවතැන් වීමට සිදු වුණා. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලින් ආරම්භ වුණ වැසි සුළං ක්‍රමයෙන් බස්නාහිර පළාත දක්වා ගමන් කළා. උතුරු සහ උතුරු මැද පළාත් වල වැව් වැසි ජලයෙන් පිරී ගියා. තද සුළං නිසා මහා ගස් පවා මහා මාර්ග වලට කඩා වැටීමෙන් ගමනා ගමනය සම්පුරන්ණයෙන් අකර්මන්‍ය වුණා. වැව් පිටාර ගැලීමේ හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යට වී ගියා. සමහර ස්ථාන වලට මි.මී 550 ක වර්ෂාවක් ලැබුණු බවට වාර්තා වුණා. බොහෝ ප්‍රදේශ වලට මි. මී. 200 අධික වැසි වාර්තා වුණා. සුළගේ වේගය පැයට කිලෝ මීටර් 80-100 අතර වුණා. දරුණු සුළං සහ වර්ෂාවේ හේතුවෙන් පාලම්, ගොඩනැගිලි, මං මාවත් වලට මෙන්ම ජිවිත වලට පවා දරුණු අලාභ හානි සිදු වුණා. ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වුණා.


Image source

මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිපයකම දරුණු නාය යාම් සිදුවීමේ හේතුවෙන් මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් අහිමි වී ගියා. ගොඩනැගිලි සහ දේපලවලට විශාල වශයෙන් හානි සිදුවුණා. වගා බිම් විනාශ වී ගියා. සමහර ප්‍රදේශ වලට ගමනා ගමණය සම්පුර්ණයෙන් ඇන හිටියා. මෙම බිහිසුණු කාලගුණ විපර්යාශය නිසාවෙන් අපොස (උ.පෙ) විභාගය පවා දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වුණා. මහජනතාවට උන් හිටි තැන් පවා නැති වුණා. බොහොමයක් මිනිසුන් අවතැන් වුණා.


Image source

27 වෙනි දින වන විට "දිට්වා" සුළී කුණාටුව දිවයිනේ බස්නාහිර දෙස දක්වා ගමන් කළා. සුළගේ වේගය පැයට හැතැක්ම 80 ක වේගයෙන් හමා ගියා. උඩරට ප්‍රදේශයේ වැව් වාන් දැමීමේ හේතුවෙන් ලංකාවේ සියළුම ගංගා වැහි ජලයෙන් පිරි ඉතිරී ගියා. මේ හේතුව නිසා ගංගා ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යට වීම නිසා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ගංවතුර තර්ජනයට මුහුණ දෙන්න සිදුවුණා.

අද දිනය වන විට වැසි සහ සුළං සහිත කාල ගුණය කෙමෙන් අඩු වී යාමක් තිබුණත් ගංගා වල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගංවතුර තර්ජනය එන්න එන්නම වැඩි වෙන ස්වරූපයක් දැක ගන්නට තිබුණ. විදුළිය විසන්ධි වීම් සෑම ප්‍රදේශයක්ම මුහුණ දුන් විශාල තර්ජයක් වුණා. එබැවින් ව්‍යසනයට මුහුණ දුන් පාර්ශ්වයන්ට සිය අපහසු තාවයන් දැනුවත් කිරීමට නොහැකි වීම නිසා විශාල තර්ජන වලට මුහුණ පාන්න සිදු වුණා.

මුළු දිවයිනටම ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්වයක් ලබා දුන් "දිට්වා" සුළී කුණාටුව මේ වන විට දිවයිනෙන් බැහැරව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය දක්වා ගමන් කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ වන විට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් දිට්වා දිවයිනට කල ව්‍යසනය සුළු පටු විනාශයක් නොවේ. රටේ ආර්ථිය ගොඩ ගැනීමට තිබු මුදල් දැන් ශ්‍රී ලංකාව නැවත නැගිට්ටවා ගැනීමට යොදවන්න වීම ශ්‍රී ලංකික අපේ මහත් අභාග්‍යක්ම නොවන්නේද? කුණාටුව පහව ගියද, ව්‍යසනය තාමත් සම්පුර්ණයෙන්ම තුරන් වී නැති බව මතකයේ තබාගෙන පරිස්සම් වීමට අපි සැම වග බල ගමු.

අපේ රටට තිසරණය හා සියලු දෙව් දේවතාවන්ගේ පිහිටයි .

Sort:  

Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟

Thanks for your support.