Steemit Challenge s28wk3: When Hope Returns

in #writing-s28wk37 days ago

උයන්පල්ලාගේ වචන රොනීගේ හදවතේ මහත් පෙරලියක් ඇති කළා. ඔහුට වෙනස් වෙන්න ඇත්තටම අවශ්‍යතාවයක් ආව. ඔහු ටිකෙන් ටික ජිවිතේ වෙනස් කරගන්න ඉගෙන ගන්න හිතුව. බැල්කනියට වෙලා තනියම හිටන් ඉන්නව වෙනුවට ඔහු නැවත හුස්ම ගන්න උත්සාහ කලා. ඒ විතරක් නෙමේ ඔහුට ඕන වුණා නැවත සිනාසෙන්න සහ ජිවිතේ ගැන විශ්වාශයක් ඇති කරගන්න.


Immage source

නීනා එයාලගේ කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ ඔහු තවත් වෙනස් වෙන්න ඉගෙන ගත්තා. ඒත් ඔහුට අවශ්‍ය වුණේ නැහැ ඇයට ලන් වෙන්න. රොනී දුරින් ඉදන් නීනා දෙස බලා හිටිය. රොනී දැක්ක නීනා හැමෝම එක්ක සුහදව හිනාවෙනවා. ඒ විතරක් නෙමේ එයා හැමෝටම කරුණාව පෙන්නුවා. රොනීට නිනගේ විශේෂත්වයක් පෙනුණා. ඔහු ඇගේ පරණ පෙම්වතිය එක්ක නීනව සංසන්දනය කළා. නිනාගේ කරුණාවන්තකම, මෘදු බව මේ හැම දෙයක්ම රෝනිට අලුත් අත්දැකීම් වුණා.

කොතෙක් හිත දැඩි කරගත්තත් ඔහුට නොදැනීම ඔහු නිනාට කිට්ටු වුණා. නීනා ළග ඉන්න හැම මොහොතක්ම රෝනිට ලොකු සැනසීමක් ගෙනාව. ඒත් රෝනීට ලොකු බයක් දැනුණා. දවල් වැටුණු වලේ ආයේ නම් වැටෙන්නේ නැහැ කියල ඔහු තමාට කියා ගත්ත.

දවස් සෙමින් ගෙවී ගියා. ඔහු උද්‍යානයේ ඇවිදින්න ගියේ ලොකු සතුටකින්. කුරුල්ලන්ගේ මිහිරි ගීත ඔහුට වෙනදට වඩා ලොකු සතුටක් ගෙනාවා. උද්‍යානය හරහා හමා යන සීතල සුළගට ඔහු ආදරය කරා. දවසක් ඔහු දකිනවා එදා වියළී ගිය ගස රෝස පැහැති දළු වලින් වැසී ගොස් තියනවා. ළමයි ඒ ගස යට සෙල්ලම් කරණවා, තවත් සමහරු ඒ ගස චායාරූප ගන්නවා. ඔහු ඉතා ආශාවෙන් ඒ දිහා බලා සිටිය. ඔහුට එකෙනෙහිම උයන්පල්ලාගේ වචන මතකයට ආවා. "කාලය නැවත පැමිණි විට මේ ගස නැවත වැඩි මල් පිපෙණු ඇති". අද ඔහුගේ දෑස් ඉදිරිපිට එය සැබෑ වී ඇති බව දැකීමෙන් ඔහු බෙහෙවින් සතුටු විය.


එක් සන්ධ්‍යාවක රොනී තමාට අත පසු වු කටයුත්තක් නිම කිරීම සදහා කාර්යාල වේලාවෙන් පසු නැවතුණා. ඔහුගේ වැඩය නිම කරමින් සිටි අතරතුර අවශ්‍ය වූ ලිපි ගොනුවක් සොයා ගැනීමට ඔහු සිය කාමරයෙන් එළියට පැමිණියා. ඔහු දුටු දෙයින් විශ්මයට පත් ඔහු ඇය ලගට ගියේ ඇය මේ වෙලාවේ කන්තෝරු කාමරයේ තනිවම කුමක් කරනවාදැයි බැලීමටයි. ඇය පෙර දිනක ඔහු විසින් ඉල්ලන ලද වාර්තාවක් සකස් කිරීමට යුහුසුළු වන බව දැන ගත් ඔහු මදක් ලජ්ජාවෙන් වුවද ඇයට උදව් කිරීමට ඉදිරිපත් විය. ඔහුගේ ඉදිරිපත් වීම ඇයගේ සිතට මහත් අස්වැසිල්ලක් විය. ඇය උණුසුම් සිනහවකින් මෙසේ පිළිතුරු දුන්හ, "මම තනිවම සිතමින් සිටියේ කවුරු හරි මගේ උදව්වට සිටියා නම් කියා".

දෙදෙනා එකතුව පැයකට අධික කාලයක් වැය කරමින් එම කාර්ය නිම කළෝය. වැඩය නිමා වීමෙන් අනතුරුව නීනා සැහැල්ලු සුසුමක් පිට කර මෘදු සිනහවකින් මුව සරසා ගෙන රෝනිට ස්තුති කාළය. ඇයගේ ඒ මෘදු සිනහවෙන් ඔහුගේ හදවත සෙලවී ගියා. ඔහුට දැනුණේ කාලයක් වසා සිටි දොරක් හෙමින් ඇරෙන්නාක් මෙනි.

ඔවුන් වැඩ නිමවා කන්තෝරුවෙන් එලියට පැමිණෙන විට මද වැස්සක් ඇද හැලෙමින් තිබිණි. නීනා සිය දෑත් දිගු කර වැහි බිඳු ස්පර්ශ කරමින් "වැස්සට මම ආදරෙයි, එය මට ජීවමාන බවක් ගෙන දෙනවා" යයි රෝනිට පැවසිය.

පෙර දිනවල තමාද වැස්සට ආදරය කල බවත්, එහෙත් ඔහුගේ දුක් බර අවධියෙන් පසු ඒ හැම දෙයක්ම අමතක කල ආකාරයත් ඔහුට සිහි පත් විය. කෙසේ වුවද ඇයගේ ඒ මෘදු සරල වචන ඔහුට සදහටම අමතක වී ඇතැයි සිතු ඒ පැරණි මතක යළි සිහියට ගෙන ආහ.

පසුදා උදෑසන රොනී උද්‍යානයට යනවිට මල් පිපුණු ගස යට උයන්පල්ලා වාඩිවී සිටියේය. එතනට ළඟා වූ රොනී බොහෝ කලකට පෙර ඔහු පැවසූ වදන් වලට ස්තුති කළේය. මහළු උයන්පල්ලා සිනාසී, "ජිවිතේ කිසිවක් වියළි යන්නේ නැහැ. අපේ හදවත් වලට පවා සෘතු ඇතැයි" පැවසුහ.

ඊළඟ සති කීපය තුළ නීනා සහ රොනී හොදම මිතුරන් බවට පත් විය. ඔවුන් සැම විටම කාලය ගත කලේ එකට, කෑම කෑවේ එකට. එකට සිනාසුණා, විවේකය එකට ගත කළා. රොනී නැවතත් ආදරය කිරීමට බිය වුණත් තමාගේ හැගීම් පාලනය කරන්න උත්සාහ කලේ නැහැ. ඔහු ඔහුගේ හැඟීම් වලට ගස් අතරින් එන සුළං මෙන් රිසි සේ ගලා යාමට ඉඩ දුන්නේය.

දිනක් ඔවුන් හවස් යාමයේ ඇවිදින්නට ගියේ ඒ මිතුදමේ ප්‍රථිපලයක් ලෙසිණි. ඔහු ඇයව රැගෙන ගියේ ඔහුට ජිවිතයේ වටිනාකම ඉගැන්වූ උද්‍යානය වෙතයි. ඔවුන් නොයෙක් දේ කතා කරමින් ඇවිද යන අතර තුර හදිසි වැස්සක් කඩා හැලුණි. වැස්සෙන් බේරීමට තැනක් සොයන රෝනිගේ ඇසට හසුවූයේ එදා වියළි ගොස් තිබුණාද අද මල් වලින් පිරි ඇති ඔහුට ජිවිතයේ වටිනාකම ඉගැන්වූ ඒ ගසයි. ඔහු ඇයවත් ඇදගෙන ඒ ගස යටට දිව ගියේ වැස්සෙන් ආවරණය වීමටයි.

ගස යටට පැමිණි ඔහු අහස දෙස බැලූ විට කළු වලාකුළු හිසට උඩින් හමා යන අයුරු දුටුහ. පරිසරයද කෙමෙන් අඳුරු පැහැයට හැරෙමින් තිබිණි. ඔහු හෙමින් හිස හරවා නීනා දෙස බැලිය. නීනාගේ උණුසුම් සිනහව තව දුරටත් ඔහුගේ හැඟුම් පාලනය කිරීමට ඉඩ දුන්නේ නැත. ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කිරීමට අවශ්‍යතාවයක් තිබුණේද නැත. නිනාගේ දිලිසෙන ඇස් ඔහුට ආයාචනා කරන්නාක් මෙන් දැනුණි. ඔහු සෙමින් නීනා තමා දෙසට හරවා ගෙන ඔහුගේ අතක් ඇයගේ බද වටා යවමින් ඇයගේ පපුව තමාගේ ශරීරයට තද කර ගත්තේය. සෙමින් හිස පහත් කර ඔහුගේ දෙතොල් ඇයගේ දෙතොල් අතර සිරකරේ උයන්පල්ලා ගේ වචන සිහියට නගා ගනිමිණි. හදවත් වලට පවා වසන්තය ලගා වීමට කාලයක් පැමිණෙන බව එය ඔහුට පසක් කර දුන්නේය.

Invite to
@eliany
@chant
@anasuleidy
@suboohi

Thank you for reading my blog.

Sort:  

20251021_095317.jpg

Week-3 : Hope Grows Like Spring

 
Hello @senehasa, thank you so much for taking part in Steemit Challenge Season 28 Week-2. We truly appreciate the time and creativity you put into your entry. Your assessment, including feedback and scores based on our evaluation criteria provided below.

CriteriaMarksRemarks
Story start to finish4.8/5Good
Originality & Uniqueness3/3Good
Presentation0.9/1Okay
My observation1/1Good
Total9.7/10
FeedbackYou are right, "When the time comes, every tree blooms again." But it should have ability to do so.
Moderated By
@dove11

Thanks for the verification.

Hi friend. Please, what language is that? I would like to translate it.

It is my mother tongue, Sinhala. Translate, read and comment.

OK thanks. I will do it soon.

Bueno, el Ronny que usted retrata es un hombre bastante adolorido que, a pesar del peso de la mala experiencia, sucumbió ante la magia de una nueva criatura. Lindo relato.

Thanks for reading and your kind feedback.

Thanks for the support my friend.