මං ලගින් ඔබ ඉන්න අන්තීම දවසලූ... 😌
කාලෙකට පස්සෙ මට හිතුන කවියක් ලියන්න. දැන් දවස් දෙක තිස්සෙ කල්පනා කරලත් කිසිම අදහසක් ආවේ නෑ. ඔය අතරෙ අද Car එකේ පොඩි ගමනක් යද්දි මට ඇහුන සින්දුවක් දිගේ මම ටිකක් කල්පනා කරා. ඒ සින්දුව තමයි සනත් නන්දසිරි මහත්මය ගායනා කරන "එදා මෙදා තුර" කියන සින්දුව. මේ සින්දුවේ ටිකක් දුර අහන් යද්දි තේරෙනව මේ සින්දුවේ තියෙන්නෙ මියගිය තමන්ගෙ පෙම්වතී ගැන පෙම්වතා දුක්වන ආකාරය කියල. මේක සත්‍ය කතාවක් පදනම් වෙලා හැදුන සින්දුවක්.මම සින්දුවෙ ලින්ක් එක දාන්නම්. You Tube එකේ ඒ විඩියො එක යටින් එම කතාව ලියල තියෙනවා . මේ සින්දුවෙ හැම වචනෙක්ටම මම හරි ආසයි
දැන් මම ඉදිරිපත් කරන්නම් මම නිර්මානය කරපු පැදි පෙල. මේක සින්දුවක්නම් නෙවේ. නමුත් මේ චරිතයට මම ඇතුල්වෙලා තමයි මේ වචන ටික ලිව්වෙ.
මේ තරම් තැම්පත්ද
දැකල නෑ කවදාවත්ම මම
පුයර ගැල්වූ මුහුන
මොන තරම් පෙම්වත්ද ඔබ.
දෑස් හැර බලනු මැන
නෑදෑයො මහ ගොඩයි.
ඔපීසියෙ නෝනලා
බිම පෙරලිලා අඩයි.
තව මොහොතකින් ඔබ
දුව ගොසින් තේ හදයි.
එහෙම කිව්වත් සැමට
නෑසුනා මෙන් හඩයි.
සුදු වතට ඔබ හරිම
ලස්සනයි සන්වරයි
අපි එකට පන්සලට
ගිය දවස සිහි කරයි
මං ලගින් ඔබ ඉන්න අන්තීම දවසලූ
රිද්දන්න බෑ ඔබට වෙයි මෙමට පව්සිදූ
ඒ හින්ද නැවතුනෙමි තරහ නෑනෙ සුදූ
මම එන්නෙ නෑ කොතට දල්වන්න ගිනිසිලූ.
විමල් ජයශාන්තයන් ගේ අත්දැකීමක් , එතුමන්ගේ පලවෙනි ගීත රචනය මම හිතන්නේ.ගොඩක් ම සංවේදී ගීතයක්.
ලස්සනට ලියල තියෙනවා. 💖💖💖
මිනිස්සුන්ගේ හිතට දැනෙන විදියට වචන ගලපන එක ලේසි වැඩක් නෙවෙයි... keep it up malli😍
Hee Thank You akkee
Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
A reality inherited by everyone.A heartfelt poem as well.
Yeahh thank youu
තව මොහොතකින් ඔබ
දුව ගොසින් තේ හදයි.
එහෙම කිව්වත් සැමට
නෑසුනා මෙන් හඩයි.
This part is the favorite one. 😍💖
Nice word combination. I love it. You need to write more Malli!! 💖
oh reallyy. Nice to hear that. Thank You akke
ඔයාට ලස්සනට ලිය්න්න පුලුවන්. තව ලියනො
Thaamss sahodariye. 😁
Lassana song ekak
Ow eka maara lassanaii
නියමෙට ලියලනෙ 😍😍 , keep it up machn ❤️
Thank u mchn
Wow! It's a heart-touching word combination.😍🤗
Thank u oshadiee
You wrote those words so beautifully malli. Those words clearly explain what needs to be said. Great .. I love this part ..
E kotasata mata godak duka hithuna. 🥺