සිංහල සිනමාවේ රැජිනsteemCreated with Sketch.

in Steem Sri Lankalast year


image.png
source

මාලනී ෆොන්සේකා 1947 දී ඉපදිලා තියෙන්නේ. ඇය සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියක්. සිංහල සිනමාවේ රැජින යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී හොඳම නිලිය සම්මානය ලබා ගැනීමෙන් පස්සෙ . 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු කියන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොදම නිළිය සම්මානය කීප වතාවක් දිනා ගත්තා.


image.png
source

මාලනී ෆොනසේකා ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙන්. 1963 දී නොරත රත වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී රග පෑ අකල් වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14 ක ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ පුංච් බබා චිත්‍රපටයෙන්. පස්සෙ ඒ අවුරුද්දෙදීම ඇය අබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ චිත්‍රපට වලද රගපාලා තියෙනවා . ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වෙනවා. ඒ අතර විදේශීය චිත්‍රපට ද තියෙනවා. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිදානය , අමරනාත් ජයතිලකගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකුළමයෙක් සහ බඹරු ඇවිත් ච්ත්‍රපට ගන්න පුලුවන් . ඇය 1984 දී සසර චේතනා චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කලා.1978 දී ඇය දෙමල රංගන ශිල්පී සිවාජිගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් වල රගපෑවා.


image.png
source

පසුකාලීනව ඇය රූපවාහිනි රංගනයටත් ආවා. ඇය රඟ පෑ මැනලද පුතේ කිරි දුන්නේ,පිට්ගම් කාරයෝ , කෙම්මුර සහ අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය ජනප්‍රිය වුනා. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමිවුනා.මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වුනා.
මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස ප්‍රසන්න විතානගේ ආකාස කුසුම් ච්ත්‍රපටිය ගන්න පුලුවන්.

Sort:  

Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community