Hacksaw Ridge

in Steem Sri Lanka11 days ago

1000135366.jpg
source

ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.මේ දිගටම දෙමළ ,හින්දි ,මලයාලම් movies ගැන ලියපු නිසා වෙනසකටත් එක්ක කලින් article එක කොරියන් drama එකක් ගැන ලිව්වා වගේ මේක english movie එකක් ගැන ලියන්න.ඇත්තටම කිව්වොත් මම බලපු english movies වල සුපිරිම ගණයේ ෆිල්ම් එකක් තමයි මේක.මට නම් මේක දැනෙන්නේ ඇත්තටම motivation movie එකක් විදියට. මොකද මේ කතාවේ අන්තිමටම පැහැදිලි කරනව , අපේ ඉලක්කවලට යන්න අපි ගෙනියන ප්‍රතිපත්ති කිසිම ආකාරයක බාධාවක් නොවෙන වග.

ෆිල්ම් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.මුලින්ම කියන්නම් මේක සත්‍ය කතාවක් ඇසුරින් ගොඩනැගුනු ෆිල්ම් එකක්.ඒ නිසාම ෆිල්ම් එකේ තියෙන රසය තව තවත් වැඩි වෙනවා.දෙවනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකාව සහ ජපානය අතර ඇතිවුණු යුද්ධයේදී ඇමෙරිකාවට අල්ල ගන්න එක අපහසුවූ ජපානයේ බලකොටුවක් පැවති hacksaw කඳු පන්තිය වටා තමයිි මේ සටන ඇවිලෙන්නෙ.යුද්ධයක තියෙන බිහිසුණු ගතිය සහ realistic ගතිය movie එක පුරාවටම හරි ලස්සනට තියෙනවා.ඉතින් imdb 8.2 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුණු මේ ෆිල්ම් එකේ නම තමයි Hacksaw Ridge.

ඉතින් යුද්ධයකට යන සෙබළෙක් ආයුධයක්, Weapon එකක් නැතුව යුද පිටියක survive වෙන ආකාරය ගැන ඔයාට හිතන්න පුළුවන්ද? ඒකත් බිහිසුණු යුද්ධයක් තියෙන ප්‍රදේශයක.ඒ විතරක් නෙමේ නෙමේ ඒස වලට තවත් සෙබලු 75ක් බේරගන්න පුළුවන් කියල ඔයාට හිතන්න පුළුවන්ද? ඉතින් ඔයාලට ඒක විශ්වාස කරන්න වෙනවා මොකද මේක ඇත්ත කතාවක් නිසා. ඒ වගේම ආයුධයක් භාවිතා නොකර යුද්ධයකදී සෙබළෙකුට ලැබෙන ඉහළම සම්මානයද ලබාගන්න මේ අපූරු සෙබලා සමත් වෙනවා. ඉතින් ඔහු ගැන තමයි මේ ෆිල්ම් එක පුරාවට දිව යන්නේ.ඉතින් ඔයාලට කිසිම සැකයකින් තොරව බලන්න recommend කරන්න පුළුවන් movie එකක් තමයි මේක.