Smart අවුරුදු Night with Midlane 🎸

in Steem Sri Lanka19 days ago

Hello Everyone!! අද මම ලියන්න යන්නේ කාලේකට පස්සේ බලන්න යන්න හම්බුනු Musical show එකක් ගැන කියන්න. Musical Show කිව්වාම ඉතින් ඉස්සර නම් ඒ තරම් දෙයක් නැති තරම්. කොහේ හරි musical එකක් තියෙනවා කියලා දැනගත්තොත් කොහොම හරි ගෙදරින් පැනලා යන්නම තමා බලන්නේ. ඒ දවස් වල music band කිව්වාම ජනප්‍රිය ඉතිම් Purple Range, Seeduwa Sakura, All Right, Saneedapa, Hikkaduwa Shyne, Flashback වගේ Band නේ. Flashback කිව්වාම නම් ඉතින් අදටත් නොයන කෙනෙක් නැති තරම් නෙහ්. ඒ උනාට මේ කාලේ වෙද්දි ගොඩාක් අය Ecostick Band වල සිංදු අහන්න තමයි නැඹුරු වෙලා ඉන්නේ. ඒ තමයි News, Infinity, Midlane, Wayo, 2Fourty2, Doctor, Taxi ඔය වගේ Music Band වලට තමයි මේ වෙද්දි තරුණ පරම්පරාව ගොඩාක්ම කැමති.

0F6BEBA5-247F-4B32-BB0F-22591F7F6CC9.jpeg

ඉතින් ඒවට තියෙන ඉල්ලුම නිසාම ඒ band වල තියෙන musical බලන්න යන්න ටිකට් එකක් නම් ගන්නම වෙනවා. අඩුම ටිකට් එකක් ඉතින් 2500/- ක් විතර වත් වෙනවනේ. බොහොම කලාතුරකින් තමයි Free musical එකක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ free musical show මේ ළගදි මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ තිබුනා. මමත් ඒක ගැන දැක්කේ අහම්බෙන් වගේ facebook එකේ. මේක තිබ්බේ අප්‍රේල් 28 වෙනිදා.

අපි දෙන්නා කලින් ඉදන්ම ලැස්ති වෙලා තමයි හිටියේ ඕක බලන්න යන්න. මොකද මේ වගේ චාන්ස් එකක් ආයේ කවදා එයිද කියලා කියන්න බැරි නිසා. එකේ artist lineup එක ඒ තරම්ම හොදයි. Iraj, Bathiya & Santhush, Wasthi, Romesh, Kanchana, Jayasri, Centigradez වගේ මේ කාලේ ජනප්‍රියම අය හිටිය නිසා ඒකට නොයාම බැරි උනා. මොකද midlane Band එකත් හොද නිසා.

IMG_3810.jpeg

Musical එක රෑ 7ට තමා පටන් ගන්නවා කියලා තිබ්බේ. අපි ඉතින් ගෙදරින්ම 7ට විතර ගියා. ඊට පස්සේ අපි musical එක බලන්න යන්න කලින් Mr.Kotthu එකට ගිහිල්ලා Noodls කොත්තුවක් කෑවා. ඉස්සර Mr.Kotthu එකේ කෑම රස නෑ කියලා කට්ටිය කියලා තිබ්බට දැන් නම් එකේ කෑම රසයි. අපි ඉතින් කොත්තුවත් කාලා 8 වගේ වෙනකොට ground එකට ගියා. ඒ වෙනකොටත් සෙනග පිරෙන ගමන් තමයි තිබුනේ. ඒ musical එක අවුරුදු උත්සවයක් සමග තිබුන නිසා අවුරුදු කුමරා, කුමරි තෝරන එකත් තිබුනේ ඒ වෙලාවටම තමයි. ඒ වැඩසටහන ඉවරවෙනකොට රෑ 10.30 විතර උනා. අන්තිමට musical එක පටන් ගත්තේ රාත්‍රි 11ට විතර, අපිට හිටගෙන ඉදලම එපා උනා.

IMG_3827.jpeg

කොහොම හරි අපි midlane concert එකක් බලන්න ගියපු පලවෙනි වතාව. අපි හිතුවටත් වඩා ඒ band එක නම් සුපිරි. Play කරපු සිංදු, performance ඔක්කොම හොදයි. Band එක play කරලා ඉවර උනාට පස්සේ B&S තමා සිංදු කියන්න ආවේ. Bathiya, Sabthush දෙන්නම අදටත් අපි පොඩි කාලේ දැක්කාවගේමයි. ඒ වගේම තරුණ පෙනුමට ඉන්නවා. ඊට පස්සේ Wasthi, Iraj, Romesh සිංදු කියන්න ආවා.

61A6F9A2-2E71-42F6-96B5-244D3EF9FA74.jpeg

Romesh සිංදු කියන වෙලාව වෙනකොට නම් අපි ටිකක් අමාරුවෙන් හිටියේ. මොකද ඒ වෙද්දි අපි ගොඩක් වතුර තිබහෙන් හිටපු නිසා. අපිට අමාරු නිසා බැරිම තැන අපි ආවා. ඊට පස්සේ ඉතින් Jayasri, Centigradez සිංදු කිව්වද දන්නෙත් නෑ. අපරාදේ අපි දෙන්නම ආසාවෙන් හිටියේ ඒ අය perform කරනවා බලන්න. ඒ උනාට වතුර බීලා ආපහු සෙනග අස්සෙන් යන්න බැරි නිසා අපි ගෙදර ආවා. මොනවා උනත් ඒක අපි කාලෙකින් ගියපු සුපිරි musical එකක්. ඔයාලත් musical බලන්න යන්නවනම් ලොකු වතුර බෝතලයක් අරන් යන්න අමතක කරන්න එපා. 😉

Thank you for reading....

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @chathux,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 69516.92
ETH 3835.82
USDT 1.00
SBD 3.72