මෙවර ශූරයන් කවුරු වේවිද????
ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.මේ දවස්වල master league භීෂණය නිසා අදත් ඒක ගැනම ලියන්න හිතුවා.අද තීරණාත්මක තරගයක් ක්‍රියාත්මක වෙනවා.ඒ තමයි පළමු අවසන් පූර්ව තරඟය.මේ තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තමයි පැවැත්වෙන්නේ. තරගාවලිය පුරා ඉතා හොඳින් දස්කම් පෙන්වන්න සමත් වුණු කණ්ඩායම් දෙකක් තමයි මේ දෙක.ඉන්දියාව හැම තරඟයකම වගේ හොඳ දළ ලකුණු වේගයක් ලබාගැනීමට සමත් වුණු අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් ඊට දෙවැනි වුණේ නැහැ.ශේන් වොට්සන් බෙන් ඩන්ක් තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් පෙන්වන්න සමත් වුණා.ඒ නිසාම පළමු අවසන් පූර්ව තරගය මේ කණ්ඩායම් දෙක අතරින් කුමන කණ්ඩායම ජයග්‍රහණය කරාවිද කියලා අනුමාන කිරීමත් එතරම් පහසු නැහැ.
තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන නිසා ඉන්දියානු කණ්ඩායම නම් කිසි ලෙසකින්වත් අව්තක්සේරු කරන්න බැහැ.ඉන්දියානු කණ්ඩායම නම් දැනටමත් අවසන් මහා තරගය ගැන බලාපොරොත්තු තියාගෙන ඉවරයි කියලා මම හිතනවා.කොහොම නමුත් තරඟය නම් දෙපිලටම තීරණාත්මක සහ රසිකයන් වන අපිට ආසාවෙන් බලන්න පුළුවන් තරඟයක්. දෙවන අවසන් පූර්ව තරඟය හෙට දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්නම් අපේ කණ්ඩායම ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන තමයි ඉන්නේ.ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මෙවර ශූරයන් විදිහට කුමාර සංගක්කාර ප්‍රමුඛ අපේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට නැවත එන්න පුළුවන් වෙන්න කියලා.ඔයාලා මොකද කියන්නේ? මෙවර ශූරතාවය මොන කණ්ඩායමට යාවිද?
Cured by @damithudaya