අලුත් විදියට අලුත් තැනක
ඉතිං කාලෙකට පස්සේ මේ දවස් වල වෙන වැඩ ගැන ලියන්න හිතුනා. Academic period එක ඉවර වෙනවාත් එක්කම අපේ තුන්වන නිසා අවසාන training period ඒක ආරම්භ වුණා .ඒ අනුව අපිට කැමති training places හොයාගන්නත් නැත්නම් අපිට ඔවුන් ලබාදෙන එකකට යන්නත් අවස්ථාව ලැබුණා.ඉතින් කලින් දෙපාරම ගොඩක් දුර training places වල හිටපු නිසාත් සහ තවත් හේතු කිහිපයක් නිසා ගෙදර ඉදන් යන්න පුලුවන් training place එකක් තමයි මම හෙව්වේ කොහොමහරි අන්තිමට කරාපිටියේ hospital එකට අලුතින් සම්බන්ධ කරන building එකක site එකක් මට හොයාගන්න පුළුවන් උනා.ඒ වගේම ඒකෙ structural part එකත් යමින් තිබුණ නිසා අනිත් හේතු පසෙකලා මම ඒකට යන්න කැමති උනා.
Structural part ඒක යනවා කියන්නෙම කට්ටක් කියලා දන්නව උනත් මට ඒ කට්ට කන්න ඕන වුණේ , ඒක දැනුම අනාගතයට ගොඩක් වටින නිසාත් මට ඒ part එක කොහෙන්වත් හරියට දැන ගන්න නොලැබුණ නිසා.ඒ විදිහට ගිය මාසෙ මාසේ මේ training place එකට ආපු මට මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා.මොකද මම කලින් training periods දෙකම හිටියේ Road project වෙන නිසාම building ගැන හරිහැටි දැනුමක් ලබාගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.ඒක නිසාම මේක මට හොද අවස්ථාවක් වෙනව ගොඩක් දේවල් දැනගන්න.මාස හයක training එකෙන් හැමදේම ඉගෙනගන්න ලැබුණේ නැතත් මම හිතනවා සැලකිය යුතු මට්ටමකින්වත් නොදැන සිටි දේවල් ගොඩක් දැනගන්න අවස්ථාව මේකෙන් ලබා ගන්න.ඉතින් ඔය විදිහට තමයි මං intern කෙනෙක් විදියට මේකට සම්බන්ධ වෙලා ඉන්නෙ.ඉතින් මේක මේ දවස්වල යන වැඩ සහ කොහොමද දවස ගෙවෙන්නේ කියල ඊලග article එකෙන් ලියන්නම්....
Intern period එකේදි හොද අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි
It will be advantageous to be landed with a good a job when you have explored new areas during the intern period.
Yeah I hope so 😍