ඔබ හැමවිටම හරිද????

in Steem Sri Lankalast month

argument.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.වෙනදා වගේම අද ලියන්න යන්නේ අපේ ජීවිතයට ගොඩක් වැදගත් වන මාතෘකාවක් ගැන.මං හිතනවා වයස් සීමාවක් අදාල නැතුව හැමෝටම මේක වැදගත් වෙනවා කියල.ඉතින් මුලින්ම ලසිත් මාරම්භගේ සහෝදරයට මේ article එකේ සම්පූර්ණ ගෞරවය ලබාදෙනවා.මොකද මට මේක ගැන ලියන්න හිතුනේ ඔහු ලියපු ලස්සන article එක කියෙව්වට පස්සේ.මම ඒකත් ඔයාලට දාන්නම් පුලුවන්නම් මුහුණු පොතේ එයාගේ account එකට ගිහින් බලන්න නියම contents ටිකක් තියෙනව කියවන්න හොද.හරි මම මාතෘකාවට එන්නම්. සමහර වෙලාවට ඔයත් මමත් ඇතුළුව ලංකාවේ ගොඩක් මිනිස්සු අනුන්ගේ මතයකට විරුද්ධ වෙද්දී ඒ විරුද්ධ වෙන විදිය ගොඩාක් ප්‍රාථමිකයි.ඒ නිසාම ඒවා අවසන් වෙන්නේ ගොඩක් වෙලාවට ගැටුම්වලින් හෝ වාග්ප්‍රහාර වලින්.මේවට ප්‍රධාන උදාහරණයක් තමයි දේශපාලනය සහ ආගම.ඉතින් කොහොමද අපි ඒකට විරුද්ධව අපේ මතය ඉදිරිපත් කරන්නේ? ඔව් ඇත්තටම එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් වගේම ඒ වෙලාවට කටයුතු කරන්න ඕන විදිය ලස්සනට මේ article එකෙන් පැහැදිලි කරන්න ලසිත් සොයුරා සමත් වෙලා තියෙනවා.ඉතින් ඔයත් කියවලා බලන්න මේ විදිය කොච්චර දුරට සාර්ථකද කියල.සමහරවිට දැනටමත් ඔයා මේ විදිය අනුගමනය කරනවා ඇති.

🚫 මොකක් හරි ප්‍රකාශයක් තමන් දරන මතයට විරුද්ධ නම්, ඒකෙ දත්තමය සහ තොරතුරුමය වශයෙන් තියෙන නිවැරදිතාව ගැන කිසිම විශ්ලේෂණයක් නැතිව, ගුණාත්මක නොවන ප්‍රතිචාර දැක්වීම. (ගොඩක්ම දේශපාලනික සංවාද වලදී)

🚫 කරල තියෙන ප්‍රකාශයේ වචන අල්ලගෙන, වචන වෙනුවෙන් වාදයන් නිර්මාණය කිරීමට කටයුතු කිරීම. (සාමාන්‍යයෙන් මතයකට විරුද්ධත්වය ප්‍රකාශ කරන ඕනෑම අවස්තාවකදී)

🚫 තමන් දරණ මතයක් හෝ විශ්වාසක් ගැන තියෙන අන්ධ භක්තිය නිසා ඒ තමන් දරණ මතයේම මූලික හරයන් වලට පවා හානිකර ආකාරයට කටයුතු කිරීම. (ආගමික කරුණු සම්භන්ධ සාකච්ඡා වලදී)

🚫 යම් කිසි ප්‍රකාශයක් කරන පුද්ගලයාගේ ප්‍රකාශයේ අන්තර්ගත කරුණු වෙනුවට, ඒ පුද්ගලයාගෙ පෞද්ගලික තොරතුරු උපුටා දක්වමි අපහාස කිරීම. (සාමාන්‍යයෙන් මතයකට විරුද්ධත්වය ප්‍රකාශ කරන ඕනෑම අවස්තාවකදී)

තව ක්‍රම ගොඩක් දකිනව. ඒත් ඔය ටික තමයි සමාන්‍යයෙන් වැඩිපුරම පාවිච්චි වෙනව මම දකින්නෙ. ඇත්තටම මේ ක්‍රම බොහොම ප්‍රාථමිකයි.

එතකොට කොහොමද කෙනෙක්ගෙ මතයකට ගුණාත්මක විඳියට ප්‍රතිචාර දක්වන්නෙ?

මම දැන් කියන්නෙ, මම practice කරන විඳිය. මම එක එක resources වලින් අහම්බෙන් ඉගෙනගත්‍ය්හ කරුණු වලින් තමා මගේ ක්‍රමේ හැදිල තියෙන්නෙ. අමුවෙම නෙවෙයි, මම හිතල කරපු වෙනස්කම් එක්ක.

මොකද මම හිතනව ඕන කෙනෙක්ට internet search කරල හොයාගන්න පුළුවන් theories වෙනුවට, මගේ ප්‍රායෝගික අත්දැකීම මම ශෙයා කරානම් හොඳයි කියල. ඊට පස්සෙ ඕන කෙන්නෙක්ට මේ ගැන වැඩිදුර හොයන්නත් පුළුවන්.

හරි, කොහොමද මම කරන්නෙ?

✨️ මම දකින හෝ අහන ප්‍රකාශය මගේ මතයට කොච්චර විරුද්ධ උනත්, මුලින්ම ඒ කෙනා කියන කරුණු ගැන බොහොම පුළුල්ව බලන්න උත්සාහ කරනවා. මම ඒකෙදි මානසිකව මැදිහත් අවස්තාවක ඉන්න try කරනවා. එහෙම නැතිව අන්තගාමීව ඉඳගෙන ඒක දිහා බැලුවොත් වැරදෙන්න පුළුවන්.

✨️ මතයකට විරුද්ධව content එකක් කරන අදහස් දක්වන හැම වෙලේම true facts දෙන්න ඕනෙ. එහෙම නැතිව, තමන්ගෙ අදහස් විතරක් දැම්මොත් ඒකට ප්‍රතිවාදී ප්‍රතිචාර එන්න තියෙන සම්භාවිතාව වැඩියි. True facts එක්ක ගියාම ඔයාගෙ argument එක strong වෙනවා.

උදාහරණයක් විඳියට මම කලින් කරපු "හැම ගමකම ඉන්නව බුදුන් විකුණන තට්ටයෙක්" කියන article එකේ ඇයි මම එහෙම කියන්නෙ කියල බුද්ධ වචනයම උපුටලා දක්වලා කියල තියෙනව, මේ කරන්නෙ නිවැරදි බෞද්ධ දර්ශනය ඉස්සරහට අරන් යන එක නෙවෙයි කියල. ඒකෙන් post එක බාගෙට කියවපු කෙනෙක් හැරෙන්න, කිසිම කෙනෙක් hate comments දැම්මෙ නෑ. හරිනම් hate comment බර වැටෙන්න ඕනෙ එකක්.

✨️ comment එක්කදි වගේ, සංවාදයකදි වගේ කෙනෙක්ගෙ මතයකට විරුද්ධ වෙනව නම්, එයා කියන දේ තියෙන මොනවම හරි positive fact එකක් තියෙනව නම්, ඒකට තමන් එකඟ බව කියන ගමන් තමන්ගෙ අදහස දානව. එතකොට ඒ කෙනත් මගේ අදහස සලකා බලන්න, එහෙමත් නැතිනම් වලියට බර නොවී සංවාදය ගෙනියන්න turn වෙන්න පුළුවන්.

✨️ ඔයා කෙනෙක්ගෙ මතයකට විරුද්ධව යමක් කියන්න යනව නම් ඒ post එකට ha ha දාල පටන් ගන්න එපා. Facebook එකේ ha ha එක තියෙන්නෙම ලේසියෙන් hu*rt වෙන expression එකක්. ඒ වෙනස හොඳට තේරෙනව facebook ha ha එකයි, හෙළකුරු එසැණ එකේ ha ha එකයි බැලුවම. එසැණ ha ha එක friendly. ඒක අව්ලක් නෑ.

Facebook එකේ නම් ඒ වෙනුවට වෙන react එකක් දාන්න. ඒකෙන් එයාට තෙරෙනව ඔයා එන්නෙ එයාව පහත් කරන්න නෙවෙයි, ඇත්තටම වැරද්දක් තියෙනව නම් ඒක පෙන්නන්න තමයි කියලා. ඒ වගේම comment එකේදිත් හොඳ imoji එකක් දාලා replay එකේ සැර බාල කරන්න. 😘 මෙන්න මේ වගේ.

✨️ ඔය මොන quality strategy එක දැම්මත් මෝඩයා මෝඩයාමයි පුතා. ඒක නිසා එහෙම කෙනෙක් physically හම්බූනොත් එයාට කතා කරන්න දීලා ඔයා මෝඩයා වෙලා අහන් ඉන්න. අවසානෙට පොඩි කින්ඩි හිනාවක් දැම්මට අව්ලක් නෑ. 🥱 comment වලදිත් ඒවගේ අයට ප්‍රතිචාර නොදක්වා ඉන්න එකයි වඩා හොඳ.

ඔය ටික තමා මම වලි දාගන්නෙ නැතිව කෙනෙක්ගෙ මතයට විරුද්ධ වෙන්න පාවිච්චි කරන ක්‍රම ටික. මම හිතනව ගුණාත්මක social media භාවිතයක් සහ සහ සම්භන්ධතා වලට මේ points ටිකත් ප්‍රමාණවත් කියලා.

අපිට ලෝකය වෙනස් කරන්න බෑ. අපි තනි තනියෙන් වෙනස් වෙමු. එතකොට ලෝකය ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඒ වෙනුවෙන් ඔයාගෙ share එක මේ දැන් contribute කරන්න.

ජයෙන් ජයම වේවා!

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

@damindu ඇත්තටම ගොඩක් වටින article එකක්. මොකද මේක කියවද්දිම මට හිතුනේ අපේ රටේ තියෙන දේශපාලන පසුබිම ගැන.. සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මම හිතනවා මේ article එකේ වැදගත්කම තියෙන්නේ දේශපාලනය කරන අයට කියලා . කෙසේ උනත් මෙවැනි වටිනා පලකිරීමක් ගෙන ආපු ඔයාට සුභපතනවා සහෝදරයා❤ 💪

ගොඩක් ස්තූතියි ❤️

Coin Marketplace

STEEM 0.18
TRX 0.12
JST 0.027
BTC 64593.80
ETH 3405.02
USDT 1.00
SBD 2.32