මගෙ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ

in Steem Sri Lanka2 months ago (edited)

mentor-e1455633899839.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නෙ ඔයාගෙ මගේ ජීවිතේ පොඩි කාලෙ ඉදන්ම හිටිය වීරයා ගැන ලියන්න. ගොඩක් වෙලාවට ඒ වීරයාගේ වටිනාක්ම වැඩියෙන්ම දැනෙන්නෙ ඔයත් තාත්තෙක් උනාම කියල මන් ගොඩක් අය කියනව අහල තියෙනව.ඒ කොහොම උනත් තාත්තල ලමයි වෙනුවෙන් කරන කැපකිරීම් , තම පවුල ගොඩදාන්න වෙන මහන්සිය, ගෙදර හැම ප්‍රශ්නයක්ම ,හැම බරක්ම කරට අරගෙන වැඩ කරන් විදියනම් හිතන්නවත් බෑ. ඔයා දැනටම්ත් මොකක් හරි රැකියාවක නිරත වෙනවනම් ඔයාලටම තේරිලා ඇති තාත්ත කොහොමද අර වගෙර් පඩියකින් අපිට හොදට සැලකුවෙ කියල. ඉතින් ඒ තම්‍යි තාත්තල. කොච්චර අග හිගකම් මැද්දෙ ගියත් ලමයින්ගෙ ආසාව්ල් ඉස්සරහ තාත්තට කරන්න බැරි දෙයක් නැහැ. ඒක මම පෞද්ගලිකව අත්විදල තියෙනව . මන් හිතන්නෙ ඔයාලත් එහෙම්මම ඇති.මේ කතාවත් ඒ වගේ එකක්. මුහුනු පොතෙන් අහ්ම්බෙන් හම්බුන article එකක්.ඒත් ජීවිතේ ගොඩක් දේවල් ආපස්සට මතක් කරන්නත්, තාත්ත කියන්නෙ මිහිපිට දෙවියෙක් කියල මතක් කරන්නත් මේක හොද උදාහරණයක් .ඉතින් කියවලම බලන්න.


"උදේට බටර් ගාල පාන් කන්න ආසයි..."
දවසක් මම කීවෙමි.

"බටර් ඉවරයි...
තාත්තා අතේ මේ දවස්වල සල්ලිත් නෑ..."
අම්මා රහසින් වගේ එහෙම කිව්වේ
තාත්තාට එය නෑසෙන ලෙසටය.

මම වහා තත්ත්වය තේරුම් ගත්තෙමි.
මම කොහොමටත් තාත්තාගේ බැරි අමාරුකම් වටහා නොගත් දරුවෙක් නොවේ.

"තාත්තා බස් වියදම විතරක් අතේ
තියාගෙනයි වැඩට ගියේ..."

තාත්තා රෑ වැඩමුරයට ගිය පසු අම්මා
මට වඩාත් පැහැදිලි කළාය. මගෙන් පිටවුණු කතාව ගැන ලැජ්ජා වූ මම මූණ බිමට හරවා ගෙන සිටියෙමි.

නමුත් තාත්තා උදේම ගෙදර ආවේ උණු උණු පාන් රාත්තලක්ද, සීතල බටර් එකක්ද අරගෙනය.

"අතමාරුවක් ගත්තද"
අම්මා රහසින් අසනු මට ඇසිණ.

"නෑ....මං පයින් ආව..."
මගේ පුංචි හදවත දැවී පිච්චී ගියේය.

තාත්තා...! 🙏🌏❤🥹

Sort:  

Thaththala daruwo wenuwen Kochchara kepa kirimak karanna ethida kiyala thamath hithaaganna bee
🥺

අනිවාර්යයෙන් ❤️

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.028
BTC 66490.29
ETH 3513.26
USDT 1.00
SBD 2.54