Home Team එකට පැරදිලා කොහොමද

in Steem Sri Lanka11 months ago

FB_IMG_1688302660714.jpg

ඉතින් අද ලියන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් හැමෝම වගේ දෙගිඩියාවෙන් බලං හිටපු මැච් එකක් ගැන.world cup එකට qualifier round එක තිබ්බේ සිම්බාබ්වේ.ඒ නිසාම home team එක තිබ්බ හැම තරගයක්ම ජයග්‍රහණය කරලා තමයි හිටියෙ.ඉතින් ශ්‍රී ලංකාවත් එහෙම්ම තමයි.ඒ නිසාම මේ තරඟය කණ්ඩායම් දෙකටම තම ගෞරවය රැකගන්න යෙදුණු තරගයක්.ඒ වගේම තමයි මේ තරගයේ තරගයේ දිනන කණ්ඩායම ඉතිරි තරඟයේ ප්‍රතිඵලය කුමක් වුවත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබනවා .ඉතින් කණ්ඩායම් දෙකම එය නිසා මේ මැච් එක දිනලා තමන්ගේ ගෞරවය රැකගෙන වගේම ලෝක කුසලාන තරඟාවලියේ තම ස්ථානය වෙන්කර ගැනීමේ අරමුණින් තමයි මෙම තරගයට මුහුණ දෙන්න ආවේ.

FB_IMG_1688302654575.jpg

ඉතින් කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පෙර තරඟයේ තමන් අතින් සිදුවූ අත්වැරැද්ද මෙම තරගයේ සිදුවීමට ඉඩ දුන්නේ නැහැ.ඉතින් ඔහු ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.තමන් ගත් තීරණය අසාර්ථක එකක් වීමට මෙම තරගාවලිය පුරා දස්කම් පෑ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශේෂත්වය නම් මෙම තරගාවලිය පුරා කිසිදු කණ්ඩායමකට ලකුණු 200 කඩඉම පසු කරන්න ඉඩ ලබා නොදීමයි.ඉතින් දිල්ෂාන් මධුශංක ගත් සාර්ථක ආරම්භයත් සමගම මහීශ් තීක්ෂණ සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සුනු විසුනු කර දැමුවා.කලින් තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ට මුල් පුරුකක් වූ මහීශ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත් අතර දිල්ශාන් මධුසංඛ ලකුණු 15ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.ඉතින් ඒ සුපිරි පන්දු පන්දුයැවීම හමුවේ පන්දුවාර 32.2 තුළදී සිම්බාබ්වේ ක්‍රීඩකයින් සියල්ල ලකුණු 165 කට දවා ගැනීමට සමත් වුණා.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ තම ආසන වෙන් කර ගැනීමට අවශ්‍ය වුණේ ලකුණු 166 ක පහසු ඉලක්කයක්.
සුපුරුදු පරිදි පිටියට පිවිසි දිමුත් කරුනාරත්න සහ පැතුම් නිස්සංක ශතක සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මංපෙත් විවර කළා.දිමුත් කරුණාරත්න ලකුණු තිහක් ලබාගත් අතර පැතුම් නිස්සංක ජයග්‍රාහි ලකුණ ලබා ගත්තේ තම දෙවන ශතකය ද සමගින්.ඒ අනුව කඩුලු එකක් පමණක් දැවී ලකුණු 166 ක ඉලක්කය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.ශ්‍රී ලංකාව තරග වදින ඊළඟ තරගය ජූලි 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.එම තරඟයේ තීරණය කුමක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමක් දැනටමත් ලෝක කුසලාන තරඟාවලියක් සඳහා සුදුසුකම් ලබා අවසන්.😍

Sort:  

අද මැච් එකත් දිනපු නිසා අපරාජිතව සුපිරි හය දෙනාගේ වටය අවසන් කරන්න පුලුවන් උනා 😍

ඔව් හෙට එකත් ගැහුවම හරි 😎😍

Coin Marketplace

STEEM 0.18
TRX 0.12
JST 0.027
BTC 65661.21
ETH 3443.12
USDT 1.00
SBD 2.32