අපේ පුංචි සුරංගනාවිට සුබ උපන්දිනයක්! | 5% to SL Charity
එයා ලොකු වුණත් තව වයසට ගියත් එයා වදකාරියක්. හැමදාම වදකාරියක්. ඒ වුණාට මීට අවුරුදු හතකට කලින් මාව මං කියවගන්නෙ එයාගෙන්. එයා තරම් මං දඟ නොවුනට මට මාව එයාගෙන් කියවගන්න පුලුවන්. එයා මගේ ෆොටෝ කොපිය.
චූටි ඉස්කෝලෙට එනකොට මං දහතුන වසරේ. මට එහා පැත්තෙ බිල්ඩින් එකේ උඩ තටිටුවේ පන්තියක එයා හිටියෙ. ලොකු අක්කී කෑවද කියලා හයියෙන් කෑ ගහනවා ඉන්ටවල් ඒකේදි. ඉස්කෝලෙ යනකොට අපි තුන් දෙනා ගියේ එකට. හැබැයි බෙල් කරොත් මැරෙන්න බය වෙලා අපිවත් දාල දුවනවා. එයා ඒ වගේ චණ්ඩියෙක්.
නංගිට තමයි එයාගෙන් ලොකුම කරදරේ තිබුණෙ. එයාගෙ පන්තියේ ටීචර් ස් ලා උගන්වන වෙලාවට පවා එයා කිසිම ගානක් නැතුව නංගිව බලන්න පන්තිය ඇතුළට යනවා. ගෙදර ඇවිත් කොයිතරම් තර්ජනය කරත් ඒ කරදර එයා ටිකක් ලොකු වෙනකම්ම තිබුණා. ඒත් දැන් හිතනකොට ඒ ලස්සන ජීවිතේ ජීවත් වුණා මට හොඳටම මදි!
18 වෙනි උපන්දිනේට එයාට මට එයාගෙම පෙන්සිල් ආර්ට් එකක් දෙන්න ඕනෙ වුණා. උපන්දිනෙත් පහුවෙලා දවස් කීපයකට පස්සෙ ගෙදරට ආව ඒක ඇත්තටම ලස්සනයි වගේම එයා මං දැක්කා අදත් ඒක අල්ලගෙන එහෙට මෙහෙට ඇවිදිනවා. මෙන්න මෙතනින් ඇන්ද කෙනාගෙ ලස්සන ආර්ට්ස් ටිකක් බලන්න පුලුවන්.
අවසානෙට ලියන් ඕනෙ චූටි කියන්නෙ මේ ලෝකෙ මට තියෙන වටිනම සුන්දරම දේවල් වලින් එකක්.මගේ එකම ප්‍රාර්ථනා ව එයා සතුටින් ඉන්න ගමන් එයාගෙ ලස්සන ලොකු හිතෙන් මේ ලෝකෙ ලස්සන කරන පොඩි තිතක් හරි වෙන්න එයාට පුලුවන් වෙන්න ඕනෙ.!❤
ඇය බොහොම දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වගෙයි.ඔයාගේ පුංචි සුරංගනාවිට මමත් සුබ පැතුවා කියන්න ඇයට සාර්ථක ලස්සන අනාගතයකට.
නෑ අක්කා එයා අඳින කෙනෙක් නෙවෙයි. මේක මං වෙන කෙනෙක්ට කියලා අන්දලා එයාට දීපු තෑග්ගක්.
Thank you so much for the wish❤
නංගි දක්ශයිනෙ තව ඉස්සරහට තවත් ලස්සනට අදීවි 😍
මේක මං වෙන කෙනෙක්ට කියලා අන්දලා එයාට දුන්න තෑග්ගක්😁. එයා ඇන්ද එකක් නෙමෙයි.
Happy birthday nangi..🍰 නංගි දවසක දක්ෂ කලාකාරියක් වෙයි😍
Thank you❤
nangita happy birthday... Igenime weda sarthaka wenna kiyala api prarthana karanwa.
Thank you❤
Nangita happy birthday.. eyage dakshathawaye dawsaka eyage watinakama wadi krawi.
Thank you❤ Habai me chithre nm wena knkta kiyl andla eata mn deepu bday gift eka.😁
Nangita suba upandinayak💖.
Thank you💖
ආදරණීය පෝස්ටුවක්.😍
😍💖
අනේ හරිම ලස්සනයි ඒ පෙන්සිල් ආට් එක. නංගියට සුබම සුබ උපන් දිනයක් වේවා🎂
❤
ඔහොම තමයි ඉතින් හැම අක්කම කියන්නේ. ඒ උනාට බලන්න ඕන බැඳල යන දවසට අක්කල අඬන හැටි😁😁
Thank you Roshi! 💖
Oww eka nam aththa thamai itin. Athuwath ba nathuwath ba. 😁
Happy Birthday to ur sister ,
ලස්සනට ලියලා තියනවා මේක ❤️