කෝවිලක හවසක්!

in Steem Sri Lankalast year

ලංකාව කියන්නෙ සංස්කෘතීන් සහ ජාතීන් ගොඩක එකතුවක්. ඒ සංස්කෘතීන් අතරෙ තියෙන දේවල් හරිම ලස්සනයි. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ වැදි ජනතාව තමන්ගෙ සංස්කෘතීන් ඊළඟ පරම්පාරවට පවරන විදිය සහ සමහර සැමරුම් හරිම ලස්සනයි. සමහර විශ්වාස පවා.

IMG_20230516_170220.jpg

ඉතින් මේ ළඟදි දවසක හවස මට කෝවිලකට යන්න අවස්තාවක් ලැබුණා. කොළඹ කොටහේනෙ තියෙන පොන්නම්බලම් වානේශ්වරම් කියන කෝවිලට තමයි අපි ගියේ. ඒ තමයි කෝවිලක් ඇතුළට අඩිය තිබ්බ පළවෙනි ම දවස. ඒක සාමාන්‍යයෙන් ටිකක් ලොකු කෝවිලක්. අපි යනකොට කෝවිලම කහ වතුරෙන් සෝදලා තිබ්බෙ. එතන වෙන්නෙ මොනවද, එයාලා මොකද කරන්නෙ කියන එක මං බලාගෙන හිටියා.

පන්සල් වල බෝදි පූජා තියෙනවා වගෙම කෝවිල ඇතුළෙත් විවිධ පූජාවන් තියෙනවා. අපි බෝදියක් ළඟ වාඩිවෙලා ප්‍රාර්ථනා කරන දේවල්ම එයාලා එයාලගෙ දෙවියො ළඟ වාඩිවෙලා ප්‍රාර්ථනා කරනවා. ඒ කෝවිල ඇතුළ විස්තර කරන්න අමාරු ගුප්ත හැඟීමක් තියෙනවා. ඇතුළ ඔක්කෝම ලා කහ පාටයි.

ඉතින් මගෙ යාලුවට නිදහසේ වැඳගන්න දීලා මං ඇතුළෙ තිබ්බ ගල් බැම්මක් උඩ වාඩි වෙලා ඔය ඔක්කෝම බලාගෙනයි හිටියෙ. එයා වැඳලා ඉවර වුණාම අපි එළියට ආවා. කෝවිල එළියෙ හරිම නිස්කලංකයි. හැමදාම රෑ අටට පොංගල් බත් දෙනවා කියලා තමයි මං දැනගත්තෙ. ඕනෙ කෙනෙක්ට ඇවිත් කාලා යන්න පුලුවන්. මේ අමාරු කාලෙ කොයිතරම් නම් දෙයක්ද?

ඒ කෝවිලට ගවයෙක් ඉන්නවා. එයාට දෙවියන්ට වගේ සලකනවා කියලා තමයි කිව්වෙ. කෝවිල වඳින්න එන මිනිස්සු අතර හින්දු භක්තිකයො වගෙම විදේශිකයොත් හිටියා. මිනිස්සු විදියට අපි හැමෝම හිත හදාගන්න උත්සාහ කරනවා එක එක දේවල් හරහා. ආගම කියනනෙ එයින් එකක්.

IMG_20230516_170157.jpg

ඒකයි විමලරත්න කුමාරගමයන් දවසක කෙම්මුර දවසට ගහකට පූජා පවත්වන ගැමියන් දිහා බලලා ලිව්වෙ මම නොකෙරුවත් නොකළෙමි එය ගැරහීම...! කියලා.

ඒක නිස්කලංකව ගෙවිලා ගිය හවසක්!

Sort:  

math harima asai ane kovil walata. mama asama ewage architecture ekata

Mamath eda giyata passe

akka first pic eka aran tiyana thanam thamai mamath e kovil ekata giyama wadi wela inne. mm gihipu kovil walin asam thanak 💖

mn gypu 1stma eka. Eka lassni thmii😍

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.031
BTC 67778.49
ETH 3811.60
USDT 1.00
SBD 3.53