එකපාරට හිතෙන දේවල්!

in Steem Sri Lanka4 months ago

CF653397-7D70-4776-825F-9137F4955E53.jpeg

ඔබ සමඟ හිඳින්නට
මට කුඩා නිවසක් ඇතිය
එවිට මට ඔබ සමඟ
කිට්ටුවෙන් ගැවසෙන්න හැකිය

හිරු නැගෙන පැත්තෙන්ම
කවුලු වක් තැනිය යුතුය
බිළිඳු හිරු රැස් පැමිණ
ඔබේ කම්මුල් සිප ගන්න යුරු
බලා ඉන්නට හැකිය

නිදිමතම ඇස් වලින්
ආදරය මුදාගන්නට හැකිය
"ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
මුමුණමින් "
තේ හදන්නට හැකිය

අඹ ගහේ පාමුලින්
කුඩා බංකුවක් තැනිය යුතුය
කුරුලු වෙස් ගත් සුර දූතයන්ට ඇසෙන්නට
හොඳ දෙයක් කතා කළ හැකිය

ගෙමුදුලේ ලෑල්ලක අතුරා
කරුණාව තියන්නට හැකිය
අවැසි කෙනෙකුට ඇති තරම් ගෙන
අනේ ස්තූතියි නොකියාම
පිටව යන්නට හැකිය!

වෙහෙසකර, ඇස් වලින්
ප්‍රීතිමත් ඇස් වලින්
කෝප වුණ ඇස් වලින්
හෝ ඔනෑම විදියකින්
හැකි ඉක්මනින් ගෙදර එන්නට

ඇරුණු දොර කවුලුවක්
ඔබට කවදත් හිමිය!

ලියන්න ආස අය එක එක විදියට ලියනවා. සමහරු ටිකක් හිතලා ලියනවා. තව සමහර අයට එකපාරට දේවල් හිතෙනවා. මාත් ඒ සමහර අයගෙන් එක්කෙනෙක්. දැන් ටික දවසකට කලින් රෑක මේකෙ මුල් ටික ඔලුවට ආවහම ඉතුරු ටික ඉබේම ලියවුණා. අපි කවි විදියට ලියන්නෙ අපිට කවදාවත් ලබාගන්න බැරිවුණ දේවල්. නැත්නම් කවදහරි අපිට ලබාගන්න ඕනෙ දේවල්. එහෙමත් නැත්නම් දුක, වේදනාව, සතුට වගේ හැඟීම්. ඒ කොහොම ලිව්වත් කවි කියන්නෙ ලස්සන භාශාවක්. මං ඒක තේරුම් ගන්නෙ සමහර පුදුමාකාර කවියන්ගෙ ලස්සන කවි කියෙව්වම. මට කවියෙක් වෙන්න බැරිවුණත් මං ලියන්න ආසයි. වෙලාවකට දේවල් ඔලුවට එනවා. ඉතින් මං හිතුවා මේක බෙදාගන්න ඕනෙ කියලා!

Sort:  

අනේ ඔයා කවි පොතක් ලියන්නම ඕනි. ඔයාගෙ වචන වලට හරිම ආසයි මං.

Thank you so much akka ❤️

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 67790.81
ETH 3815.03
USDT 1.00
SBD 3.51