Marbel Beach in Trinco

in Steem Sri Lankalast month

56D620B9-84E1-4298-A3C5-B888D526D3A1.jpeg

ත්‍රිකුණාමලයේ තියෙන ප්‍රසිද්ධම මුහුදු තීරයන් දෙකක් තමයි නිලාවේලි සහ මාබල් කියලා කියන්නෙ. මට මේ දෙකෙන් අංක එක දෙන්න පුලුවන් මාබල් beach එකට. මාබල් බීච් එකට යන්න ටිකක් කැලේ ඇතුළින් වගේ යන්න ඕනෙ. ඒ යන පාරෙ No Stopping Boards දාලා තියෙනවා. ඒ හරියෙ beach එකේ රළ නගන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් මුහුදකට වඩා වැවක් වගේ. අනුරාධපුරේ පැත්තෙ තියෙන වැවක් වගේ.

832A7375-FEE9-48EC-AE88-254EC6732674.jpeg

මාබල් beach එකට කොච්චර ප්‍රසිද්ධ ද කියලා එතනට ගියාම තේරෙනවා. Beach එකේ ඉඳන් සෑහෙන්න දුරකට ඇතුළට යන්න පුලුවන්. යන්න පුලුවන් සීමාව ලකුණු කරලා තියෙනවා. පීනන්න බැරි වුණාට බය වෙන්න දෙයක් නෑ. මුහුද වතුර කවදාවත් ඔයාව ඇතුළට ගන්න try කරන්න්ඩ් නෑ. ඒක හැමවෙලේම උත්සාහ කරන්නෙ ඔයාව උඩට තල්ලු කරන්න. මේක මං බය වෙන හැමවෙලාවෙම අහන දෙයක්.

අපි ගොඩාක් වෙලා මුහුදෙ ගිලිලා හිටියා. නාගන්න තැනක් තියෙනවා තමයි. හැබැයි ඒ නාන්න වෙන්නෙත් ලුණු වතුරම තමයි. ඉතින් කොහොම හරි ඒ ලස්සන මුහුදු තීරයටත් Good Bye කියලා අපි එන්න පිටත් වුණා.

15A242EA-94EF-4FBA-B324-3CDDB2CF59C0.jpeg

ඊට පස්සෙ මම ඔයාලට කියන්නම් මං ආපහු එන ගමනෙ මං දැක්ක ලස්සනම දේ. වෙලාව හවස හයට විතර ඇති. මුහුද හරිම නිස්කලංකයි. ඉර බැහැලා ගිහින්. ඒත් ලස්සන ලස්සන පාට ක්ශිතිජයේ ඉතුරු වෙලා. අපි එතන නැවතුණා. එතන හිටිය photographer කෙනෙක්ගෙ කැමරාවෙ අපිවයි අර ලස්සන අහසයි මුහුදයි capture වෙලා තිබිලා එයා අපිට ඒක දුන්නා.

ඒ ලස්සන හැන්දෑව ඉවර වෙලා යනකම්ම අපි ඒ ඒ හැන්දෑවත් එක්ක හිටියා!
2A93618D-9A0B-4F4C-A714-BF007B625CF0.jpeg

Sort:  

ඇත්තටම මම මෙතෙක් කල් හිතාන හිටියේ නිලාවේලි තමා ලස්සනම මුහුදු වෙරළ කියල, ඒත් එදා මාර්බල් beach ගිය වෙලේ තමා දැනුනේ ඒ වෙරළේ ලස්සන. ඕනෑම පොඩි ළමයෙකුට වුනත් බය නැතිව නාන්න පුළුවන් තැනක්.

නිලාවේලි සාමාන්‍ය ලස්සනක් තියෙන මුහුදක්. ගොඩාක් ඇතුළට යන්නත් බෑනෙ. මාබල් බීච් ගොඩාක් ලස්සනයි තමයි. ❤️

🌻

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @prasadi,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 71238.01
ETH 3865.22
USDT 1.00
SBD 3.51