ගෝල්ෆේස් වල හවසක් | 5% to SSL Charity

in Steem Sri Lanka2 years ago (edited)

IMG_20220218_200519.jpg

ඒක ඇත්තටම කලින් ප්ලෑන් කරපු හවසක් නෙමෙයි!. අපිට කොටුවට යන්න ඕනෙකමක් තිබුණා බඩු ටිකක් ගන්න. හැබැයි ඊටත් වඩා ඕනෙකම තිබුණා මහන්සිය නිවාගන්න
අපි හය දෙනාගෙන් හතර දෙනෙක්ට විතරයි ඕනෙ වුණේ ගෝල්ෆේස් එක පැත්තට ගිහින් ඇවිදලා එන්න. මුහුද පේන තැනක වාඩි වෙලා හිටියත් හිතට සැනසීමක්. ඉතින් අපේ වැඩේ ඉවරකරගෙන අපි හතර දෙනා ගෝල්ෆේස් එක පැත්තට ගියා.

IMG_20220219_085351.jpg

අපි වගේම එතනට ආව අය ගොඩක් හිටියා. සමහරු සරුංගල් අරිනවා සමහරු සෙල්ලම් කරනවා, සමහරු කනවා ,සමහරු වාඩි වෙලා බලන් ඉන්නවා ආදරේ කරන අය මුහුද දිහා බලාගෙන කතා කරනවා. සමහරු තනියමත් වාඩි වෙලා මුහුද දිහා බලන් හිටියා. ඔය අස්සෙ මම නූඩ්ලස් එකක් කන ගමන් මගේ යාලුවෝ තුන් දෙනා එක්ක වාඩි වෙලා අහසයි මුහුදයි, අර ලොකූවට පිම්බිලා එන සබන් බෝලයි දිහා බලන් හිටියා. එතකොට හරිම සැහැල්ලුයි!

IMG_20220221_094829.jpg

අපි හතර දෙනෙක්ම හිටිය හින්දයි දැන්ම යන්න ඕනෙ කියලා අදහසක් තිබුණෙ නැති හින්දයි අපි අඳුර වැටෙනකම්ම එහෙට වෙලා හිටියා. අහසයි මුහුදයි වෙන් වෙලා පේන් නැති ඈත ක්ශිතිජයේ පොඩි ලයිට් එළි පේනකොට ඇත්තටම මට කතන්දර ගොඩාක් මතක් වුණා. රොබින්සන් අන්දරය, ටයිටැනික්. රොබින්සන් කෲසෝ! මං හිතන්නෙ ඔයාලා මේ කතන්දර දන්නවා.

SAVE_20220218_200741.jpg

රසවත්ම දේ මේකයි. පහුවෙනිදා උදේ මට මම ටිකක් දන්න ඒත් කවදාවත් මුණ ගැහිලා කතා කරලා නැති කෙනෙක් ගෙන් මෙහෙම message එකක් ඇවිත් තිබුණා. " ඊයෙ රෑ ගෝල්ෆේස් එකේ හිටියා නේද? මම දැක්කා"

ඒ වගේ පොඩිම පොඩි සිද්ධිත් මට හරිම රසවත්!😍

Sort:  

Congratulations..!!!

Your quality post has been supported by @nishadi89 member of "Arts Curator Team", using the @steemcurator04 account. We appreciate your efforts, keep making quality posts and get a chance to win a vote from our Curation team.

Note :- Please do not forget to include #writing and #creative hash tags in your posts.

7b4bio5hobgskW8qdPdvSqcwwJTvbiCMpGmRey1Rtd8H5qu3xTQPDs6S6RRXLb8rm5fojsDN7rKh64CkzAdmkW96RMRcnjThuXRHBHVT1REjisP1dRF2KMmLVEcx5HUCczGrwn44JUuWiwEx7ZUQWhKUx1nn.png

Thank you so much.

මුහුද පේන තැනක වාඩි වෙලා හිටියත් හිතට සැනසීමක්.

Ekanam aththa ekatanm math godaak asai.mahansiya wagema prashnath amathaka wenawa.🥰

රෑ වෙද්දි තමා ඉතිං galle face එක ලස්සන ...

මමත් ළඟදි ගියා ගෝල්ෆේස් 🙊 හැබැයි දවල් ගියේ. මෙහෙම හවසක යන්න ලැබෙනවා නම් මම ආසයි 👀

දවල්ට අව්ව සැරයි. හවස හොඳයි😁

Harima lassanata liyala. kalekin giye na.

Thank you😍❤

robinsan andaraya, thamath mathakai.

හරිම ලස්සන අත්දැකීමක් 😍. මාත් ගෝල්ෆේස් යන්න ආසාවෙන් ඉන්නේ

ඇත්තටම ස්වාභාවික වෙරළක්, මුහුදක් තරම් ගෝල්ෆේස් ලස්සන නෑ මට නම්. ඒත් මේ අවටින් හොයාගන්න පුලුවන් ළඟම මුහුද. ගිහින් බලන්නකො.😁😍

හවස් වෙලාවක මුහුද දිහා බලාගෙන ඉන්න එක නම් ඇත්තටම සුන්දර හැගිමක් ❤️

ඔව්.😍❤

සමහරු තනියමත් වාඩි වෙලා මුහුද දිහා බලන් හිටියා

Ekama eka dawask mn ehema bln idala thiynwa hawasaka. Eta passe giye eka parai. 😬 hawasata muhuda diha balan inna eka hari lassama feeling ekak

.මුහුද දිහා නිදහසේ බලන් ඉන්න නිදහස් වෙරළක් හොඳයි ගෝල් ෆේස් එකට වඩා. ඒත් මොකුත්ම නැති වෙනවට වඩා ගෝල් ෆේස් එක හොඳයි.

ගෝල්ෆේස් ගිහින් කාපු ඉස්සො වඩේ එකේ රස තාම මතකයි. 😋
ඇත්තටම මාත් හරිම ආසයි හැන්දෑ වෙලාවක මුහුද දිහා බලාගෙන ඉන්න. ඒක වෙනමම ෆීලින්ග් එකක්. 😍

මං එක දවසයි කෑවෙ. මට එපා වුණා ඉස්සො වඩේ.😪

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 61821.21
ETH 3068.39
USDT 1.00
SBD 3.84