කනත්තක තනි වෙන්න ඕනමද අරලියා

in Steem Sri Lanka3 months ago

WhatsApp Image 2024-03-07 at 10.34.09_4d88a2f3.jpg

"කනත්තක තනි වෙන්න ඕනමද අරලියා" ඉතින් යාලුවනේ මේක තමයි අද මාතෘකාව. මේ සමාජය නම් කනත්තේ රැවටිලිකාර බඹරු වගේ පිරිමි නිසා තනිවෙච්ච අරලියා මල් වගේ කාන්තාවන් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔවුන්ට සුබවාදී අරමුණක් ලබාදීම තමයි මේ ලිපියේ අරමුණ.

ගැයු ගීත දුන් හීන සුලඟටම කර තියා
බඹර තුඩු ඉගිලුනිය සුමුදු පෙති හැරපියා
තනි හිතට රිද්දුවට ඇන කතන්දර කියා
කනත්තක තනි වෙන්න ඕනමද අරලියා

සැඩ සුලං රැලි ඒවි තවත් හිත පාරන්න
අකාලෙට නම් එපා නටුව හැර ගිලිහෙන්න
පුළුවනිය නුඹ හටත් පුදසුනක බැබලෙන්න
පන්සලට යන එවුන් ඉන්නවා ඉවසන්න

බෙරි වෙන්න පුළුවනිය උයනකොට වුව බතක්
නරි කියයි හලන්නට නැතිව කිසි හිරිකිතක්
බැරි කතා ඉවත ලා තියාගෙන එක හිතක්
කිරි ටිකක් එකතු කර හැදිය හැක කිරිබතක්

නරි කතා අසාගෙන හැලුවොතින් බත ඔන්න
එනවමයි උන් වටෙන් හෙමි හෙමින් ලෙවකන්න
ඒ නිසා ඉවසගෙන කිරි බතක් හරි වෙන්න
ඉන් පසුව හැකිය හෙට හොඳ තැනක නවතින්න

කාන්තාව කියන්නෙ ආදරය ලඟදි හරිම බොලඳ අය. ඔවුන් ඒ නිසාම ආදරය වෙනුවෙන් සමාජයේ බොහෝ පුද්ගලයින්ගේ රැවටීම් වලට ලක් වෙනවා. ආදරය අන්දයි කියන්නෙ ඒ නිසා. ඔවුන් බොහෝ දෙනෙක් ආපසු හැරෙද්දි ඔවුන්ට ජීවිතය වැරදිලා. බොහෝ අය ඒ වන විටත් කුමරි බඹසර බිඳගෙන අවසානයි. අපේ සමාජය ඔවුන් ඉතාමත් පිලිකුල් සහගත ලෙසයි දකින්නෙ. ඒ වගේම ඉරණමක් විවාහයෙන් දික්කසාද වන කාන්තාවන්ටත් හිමිවෙලා තියෙනවා. මේ වගේ දෙවැනි අවස්තාවක් ලැබිය යුතු කාන්තාවන් බොහෝමයක් අවස්තාවාදීන්ට රැවටෙන අවස්තා බොහෝමයි. ඉතින් වරක් ජීවිතය වැරදුනු ඔවුන් දෙවැනි අවස්තාවේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එවැනි කාන්තාවන් සමාජයෙන් එල්ල වන පීඩනය නිසා සියදිවි නසා ගැනීමේ සම්භාවිතාවය වැඩියි. එමනිසා ඔවුන් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ට මේ සමාජයේ දෙවැනි අවස්තාවක් හිමිවිය යුතුමයි. එම නිසා ඔබගෙන් ඉල්ලන්න තියෙන්නෙ කිසිම අවස්ථාවක වටිනා ජීවිතය අහිමි කරගන්න එපා. ඔබට ජීවිතයේ තව ඕනෑ තරම් අවස්තා තියෙනවා. මේ කවි පෙල ඔබ වෙනුවෙන් ලියා තබමි. ඔබ සැමට සුබ දවසක්.

ස්තූතියි!

Sort:  

හරිම ලස්සනයි ඒ වචන ටික❤️

බොහොම ස්තූතියි ඔබට

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 67790.81
ETH 3815.03
USDT 1.00
SBD 3.51