අසම්බන්ධිත මීයා

in Steem Sri Lanka3 months ago (edited)

WhatsApp Image 2024-03-09 at 06.51.03_90227e44.jpg
screenshot

සුබ දවසක් ස්ටීමිට් යාලුවනේ. ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. මම අද කතා කරන්න යන්නෙ මේ ස්ටීමිට් වේදිකාවේ ඉතාමත් සුවිශේෂී චරිතයක් ගැනයි. ඒ තමයි අපි කවුරුත් හඳුනන එහෙත් නන්නාඳුනන අභ්‍යවකාශයේ අඳුරු කුටීටරයක ඉදන් මේ ස්ටීමිට් වේදිකාව දිහා බලන් ඉන්න විසන්දි වූ මීයා නොහොත් @disconnect මේ ස්ටීමිට් වේදිකාවේ ඔහු ඉටු කරන්නේ ඉතාමත් සුවිශේෂී මෙහෙවරක්.

WhatsApp Image 2024-03-09 at 19.03.58_b6ff8cf3.jpg

Link

අපි හැමෝම ස්ටීමිට් වෙත එන්නෙ ක්‍රිප්ටො වෙලඳපොලේ එක පියවරක් හරි ඉදිරියට යන්න හිතාගෙන. එහෙම ඇවිත් ආයෝජනයකින් තොරව ඉදිරියට යෑම ලිපි පලකිරීමේ සම්භාවිතාවට අනුලෝමව සමානුපාතිකයි කියලා අපි හැමෝම දන්නවා. ඉතින් එහෙම ලිපි පලකරද්දි අපේ ලංකාවේ මේ කමියුනිටි එකේ හැර අනිත් කමියුනිටි වල ලිපි පලකරද්දි අපිට හිතුනු මාතාවක් යටතේ ලිපි ලිවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි කියලා හෝඩියේ ඉදන් ආපු මම අත් දැකීමෙන්ම දන්නවා. ඔයාලටත් ඒ අත්දැකීම ඇති. ඉතින් එහෙම ලියද්දි අපිට ඒ ඒ කමියුනිටියේ නීතී රීති වලට අනුව කන්ටෙස්ට් වලට ලියන්නම වෙනවා. ඉතින් ඒ කන්ටෙස්ට් දිනපතා හොයාගන්න එක ටිකක් අමාරු කටයුත්තක්. ඒ ගැටලුවට විසඳුමක් විදිහට මගේ කථාවේ කථානායකයා @disconnect හරි අපූරු වැඩක් කරනවා. ඔහු දිනපතාම සියලුම කමියුනිටි වල යාවත්කාලීන වන සියලුම කන්ටෙස්ට් එකතු කරලා එක ලිපියක් පලකරනවා. ඒක අපි හැමෝටම ලොකු සහයෝගයක්. කොටින්ම කිව්වොත් ඒ ලිපි මට ලොකු උදව්වක් වුනා. ඉතින් මේ කවි පෙල ඔහුගේ මෙම උපකාරයට උපහාරයක් වශයෙන් පල කරමි.

ඔක්කොම තරග ටික එක්කර එකට කර
දින දින ගේනවා අතටම නොමැත දුර
අගයනු පිනිස ඔහුගේ මෙම සහය හර
පබදිමි මෙහෙම පදවැල් මම අකුරු කර

දුටු දුටු දේම කා දමනා ලොකුම විනේ
මීයන් කිව්ව විට තරහක් හිතට දැනේ
එනමුත් මෙකී මීයා නැත එකී තැනේ
දෙන සහයටම පැලවී ඇත හිතක කොනේ

දුර ආකහේ කළු කුහරෙක තුලට වෙලා
නිතරම ස්ටිමිට් මාවත දෙසම බලා
පෙරටම ඇදෙන ගංගාවක් විලස ගලා
මිනුමට ඔබේ මෙහෙවරෙ බර නොමැත තුලා

පතනෙමි ඉදිරියත් ඔබ හට සුබ වෙන්න
තව තව දිරිය වේවා පෙරටම යන්න
මේ පොඩි එකෙක් දුන් තුති මල් පිලිගන්න
මීයෝ හෙටත් අපගේ සහයට එන්න

මොහුගේ මෙම ක්‍රියාවෙන් අපිට ඉගෙනගන්න ලොකු පාඩමක් තියෙනවා. මම පොඩි උදාහරනයකින්ම පැහදිලි කරන්නම්. හිතන්නකො අපේ ලංකාවේ එකෙක් කෑම කඩයක් දැම්මා කියලා. එහා වැටේ එකා බලන්නෙ ඊට වඩා ලොකු කෑම කඩයක් දාන්න. අන්න එතනයි අපිට වැරදුනේ. අලුත් දෙයක් හිතන්න උත්සහා කරන්නෙ නෑ. අද මේ අපේ කතාවේ කථනායකයා එහෙම අලුතින් හිතලා දෙයක් කරපු කෙනෙක්. ඔහු ඒ තුලින් අද සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ ඔහුගේ ආදර්ශය උපුටා දැක්වීම හා ඔහුගේ සහය ඇගයීමේ ලිපිය මෙතනින් අවසන් කරමි. ඉතින් අසම්බන්ධිත මීයෝ ඔබ හැමදාම අදුරු ගුහාවෙම හැංගිලා ඉදන් මෙහෙට එන්න. ඔබට ජයෙන් ජයම වේවා!

ස්තූතියි!

Sort:  

මමත් මට සහභාගී වෙන්න පුළුවන් තරඟ මොනාද තියෙන්නේ කියල හොයල බලන්නේ Contest Alert කියවල. ඇත්තෙන්ම හරි වටිනා සහයක් ඒකෙන් ලැබෙන්නේ. වෙනස් විදියට හිතල වැඩ කරන්න පුළුවන් අය තමා ලෝකේ ගොඩාක් සර්ථක වෙන්නේ. මෙච්චර ජනකායක් මේ platform එකේ එහා මෙහා යද්දී අපේ එකෙක් ඒ වගේ වැඩක් කරපුවම ශ්‍රී ලංකන් කෙනෙක් හැටියට අපිටත් ලොකු ගැම්මක්. හා නැද්ද.

ඇත්තටම ආඩම්බරයක් අපිට

ඇත්තටම ඔව්. @disconnect කියන්නෙ එහෙම වෙනසක් කරපු අපේ එකෙක්❤

අසම්බන්දිත මීයා මම හිතන්නේ අපේ steemit මිතුරන්ගෙන් මෙයා ගැන නොදන්න කෙනෙක් නෑ කියලා. ඇත්තටම හැම සතියකම මෙම වේදිකාවේ අපිට සහභාගි වෙන්න පුලුවන් තරග මොනවද කියලා තමයි අපි නිතර බලන්නේ ඉතිං විවිධ වූ ප්‍රජාවන් තුල ඇති තරග අප වෙතට ගෙන එන්නේ මේ අසම්බන්දිත මීයා..ස්තූතියි ❤👍

අනිවාර්යයෙන්ම. ස්තුතියි ඔබේ අදහසට

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.031
BTC 67778.49
ETH 3811.60
USDT 1.00
SBD 3.53