ආලෝකයට සංවේදී විදුලි ස්විචයක් නිර්මාණය කරමු.

in Steem Sri Lanka3 months ago

WhatsApp Image 2024-03-12 at 20.26.48_78ed5902.jpg
canva

කොහොමද ඔයාලට යාළුවනේ. ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. මම අදත් කියන්න යන්නේ සරල ඉලෙක්ට්‍රොනික පරිපථයක් ගැනයි. මෙහි අරමුණ තමයි ආලෝකයට සංවේදී විදුලි ස්විචයක් නිර්මාණය කරගන්නා අයුරු සරලව පැහැදිලි කිරීම. මෙම ස්වයංක්‍රීය විදුලි ස්විචය ක්‍රියාත්මක වන්නේ ආලෝකයේ ඇතිවන වෙනස්වීම පදනම් කරගෙනයි. එම නිසා මෙම පරිපථයේ හදවත ලෙස ආලෝක සංවේදී ඩයෝඩය (LDR) හඳුන්වා දිය හැකිය. පරිපථයේ ක්‍රියාකාරීත්වයට 12V DC අවශ්‍ය වන අතර එමගින් Relay සුවිචය ක්‍රියාකරවා 230v AC විදුලි ධාරාවක් පාලනය කළ හැක. උදේ සවස ON /OFF කිරීමට අපහසු ස්ථානයක ඇති විදුලි පහන්, ආලෝක තත්වය අනුව ස්වයංක්‍රීයව ON / OFF කිරීමට මෙම පරිපථය යොදාගත හැකිය. මෙම සංකල්පයට අනුව මේ ආකාරයේ උසස් තත්වයේ පරිපථ ඔබට ඕනෑ තරම් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. එහෙත් ඒවායේ ද පවතින්නේ මෙම සංකල්පයමයි. එම නිසා ආධුනිකයන්ට හා පාසල් දරුවන්ට අත්හදා බැලීමට ඉතාමත් සුදුසු පරිපථයක් ලෙස මේ හඳුන්වා දිය හැකිය.

අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග
ResistorsDescriptionQty(Ea)
R1LDR01
R2100K pot meter01
R33.3 K01
R41k01
CapacitorsDescriptionQty(Ea)
C10.01uf (ceramic)01
Diode & Semiconductor DevicesDescriptionQty(Ea)
Q1BC 548 Transister01
Q2SL 100 transister01
D11N 400701
IC-1NE 55501
Other ComponentsDescriptionQty(Ea)
PCB(vero board)Dotted 15cm * 10cm01
Relay K112 v01
Ic Base8 pin01
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය
  • Soldering Iron
  • Tweezer
  • Plier
    Cutter
  • Screw Driver
  • De-soldering pump
  • Solder
  • Flux
  • Conducting wire
පරිපථ සටහන

WhatsApp Image 2024-03-12 at 19.02.00_60d1f91a.jpg

පරිපථ ක්‍රියාකාරිත්වය
  • මෙය අලෝක පහනක් ස්වයංක්‍රීයව ක්‍රියාකරවීමට ඉතාමත් සුදුසු පරිපථයකි. සංවේදකය මත වැටෙන ආලෝක තීව්‍රතාවය සීමාව ඉක්මවා ගිය විට රිලේ ස්විච්චය ක්‍රියාත්මක වේ.

  • පරිපථයේ NE 555 හා රිලේ ස්විචයේ ක්‍රියාකාරීත්වය ට්‍රාන්සිස්ටර් දෙක මත පදනම් වේ. සාමාන්‍ය ආලෝක තත්වය යටතේ LDR හරහා වෝල්ටීයතාව සැපයුම් වෝල්ටීයතාවයෙන් 1/3 කට වඩා අඩුවන ආකාරයෙන් සකස් කර ඇත.

  • මෙම සාමාන්‍ය ආලෝක තත්වයේදී NE 555 IC එකෙහි 3 පින් එකෙන් ප්‍රතිදානයක් නිකුත් වේ. එම ප්‍රතිදානය මගින් BC548 ට්‍රාන්සිස්ටරයේ පාදමට ධාරාව ලැබී ඒ හරහා පරිපතය සම්පූර්ණ වේ. එම නිසා SL 100 ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක නොවේ. එම නිසා ආලෝකය ඇති අවස්ථාවේදී රිලේ ස්විචය ක්‍රියාත්මක නොවී බල්බය නොදැල්වේ.

  • LDR එක මත වැටෙන ආලෝකය අඩු වූ විට NE 555 IC එකෙහි 3 පින් එකෙන් ප්‍රතිදානයක් නිකුත් නොවේ. එහිදී BC548 ට්‍රාන්සිස්ටරය ක්‍රියා නොකරන අතර මේ අවස්තාවේදී R4 ප්‍රතිරෝධකය හරහා SL 100 ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වී රිලේ ස්විචය ක්‍රියාත්මක කරයි. ඒ මඟින් අඳුරේදී ස්වයංක්‍රීයව බල්බය දැල්වේ.

  • මෙහි ඇති විචල්‍ය ප්‍රතිරෝධකය මගින් ආලෝක තත්වයට අනුව පරිපථයේ ක්‍රියාකාරීත්වය සීරු මාරු කරගත හැකිය.

මා විසින් සැකසූ පරිපථයක්

මෙය මා විසින් අත් හදා බැලූ සාර්ථ්ක පරිපථයකි. ඔබගේ පහසුව පිනිස එහි ඡායාරූප කිහිපයක් හා ක්‍රියාකරන ආකාරය පිලිබඳව වීඩියෝවක් මගින් දක්වමි.

WhatsApp Image 2024-03-12 at 19.04.54_7ea59f6b.jpg

WhatsApp Image 2024-03-12 at 19.05.34_107100ab.jpg

ක්‍රියාකරන අයුරු වීඩියෝව

ඉතින් යාලුවනේ ඔයාලත් මේ පරිපථය උත්සහා කරලා බලන්න. මේකට ලොකු ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ. මේ ස්වය්ංක්‍රීය ස්විචය ඔයාලට වෙලඳපොලෙන් මිලදී ගන්න පුලුවන්. ඒත් තමන්ම හදලා ලැබෙන ආත්ම තෘප්තිය ගන්න නම් බැහැ. ඒ නිසා උත්සහා කරලා බලන්න. ආයෙත් දවසක මේ වගේ පරිපථයක් තුලින් හමුවෙමු.

ස්තූතියි!

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.031
BTC 67778.49
ETH 3811.60
USDT 1.00
SBD 3.53