ක්වාන්ධයක කෑගැසීම

in #cremation2 years ago (edited)

යකුනේ!

මම උනත් තොපි උනත් මේකෙන් ගත්ත දේවල් වැඩියි
මොන තරම් මහා පොළොවට දීපු එකෙක් උනත්
ගනිපු දේ වැඩියි
මම මේකට ණයයි
තොපිත් මේකට ණයයි ....!

මෙහෙමවත් මට ඒ ණය ටිකක් හරි ගෙවන්න දීපල්ලා
කොහෙවත් නැති විලියම් ගිල්බර්ට් කෙනෙක් ළඟ මගේ රෙදි ගලවන්නේ නැතුව හිටපල්ලා
මම කවදාවත් නොගියපු පැත්තක සභාවකට මාව විකුණන්නේ නැතුව හිටපල්ලා....!

හුස්ම ගත්ත හුළඟට වත් අසාධාරණයක් නොකර ඉන්න මට ඉඩ දීපල්ලා
අහිංසක වලාකුළු කළු පාට නොකර එහෙම තියෙන්න ඇරපල්ලා....!

යකුනේ....!

මාව වල දාපල්ලා...
එහෙමවත් මේ ණය අඩු කරගන්න මට මේ පොළොවට පොහොර ටිකක් එකතු කරන්න ඉඩ දීපල්ලා.....!

උබලට බොත්තමක් ඔබල ගිනි තියන්න බැරි උණානම් මර කම්මැලි උබල ගහයි සෑ....
කොටෙන් කොටේ එකතු කරලා කොලෙන් කොලේ අලවල
මගේ නමට ගහයි සෑ....!
නොදකින් තොපි

තොපිට ඕන නම් විකිණියව්
මට කෙලෙහි ගුණ අමතක නොකරපියවු.....!

(ක්වාන්ධයකට හිසක් නොමැති වුවත් තම කෑගැසීම කියා පා නොහී හිස ඇති කඳක් වුව ක්වාන්ධයක් සේ රචකයා දකින ලදී. විලියම් ගිල්බර්ට් විසින් 16 වන සියවසේ දී විදුලිය සොයා ගන්නා ලදී )

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

Coin Marketplace

STEEM 0.07
TRX 0.29
JST 0.046
BTC 65432.11
ETH 1907.10
USDT 1.00
SBD 0.49