ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය @rajithpriyasad

@rajithpriyasad

"ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය"

20240421_205824.jpg

Photo taken in Samsung Galaxy S9+ By me


1000021241.png


සුභ දවසක්

සුභ දවසක් මා රසික සියලු දෙනාටම. ඔබ සැම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පෙලෙනවා යැයි මා සිතනවා. අදත් මම ඔබ වෙනුවෙන් ඉතා විශේෂ එමෙන්ම ලෝකය ඉතා වැදගත් දිනයක් පිළිබඳ පිළිබඳව කතා කිරීමට සූදානම්ව සිටිනවා. මම දන්නවා ඔබ ඉතා නොවිසෙල්ලෙන් එය කුමක්දැයි බලා සිටින බව. අප බලමු ඒ කුමක්ද කියා.

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය ගැටලු විසඳීමේ දී පුද්ගල හෝ සාමූහික වශයෙන් නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ලෝක සංවර්ධනයට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම 21 වන දින සමරනු ලබන එක්සත් ජාතීන්ගේත් දිනයකි. එමෙන්ම ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය මුල්වරට 2018 වසරේ අප්‍රේල් මස 21 වන දින පවත්වන ලද අතර එය රටවල් 80 වක සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ 71/284 යන සම්මත කර නිර්මාණය කරන ලද්දකි. නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වසරේ එක් දිනක් නම්කලද ඇත්ත වශයෙන්ම බැලූ කල වසර පුරාම සෑම දිනකම වැදගත් වන දෙයක් ලෙස නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය හැඳින්විය හැක.

මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2018 වසරේ මුල්වරට පැවැත්වුවද මිනිසා ගල් යුගයේ සිට පරිණාමය වී අද දවස සහ ලෝකයේ මිනිසුන්ගේ හෙට දවස දක්වා ගමන් මග සඳහා නිර්මාණශීලීත්වය සහ ඒ තුළින් ඇති වූ නවෝත්පාදනය මගින් පිහි වූ හොඳ සහ නරක සියලු නවෝත්පාදනයන් ලෝකයේ අද දවස බිහිවීම සඳහා ඉවහල් වී ඇත. එමෙන්ම හෙට දින නවලෝකය දැකීමට සැරසෙන බිලින්දාගේ සිට හෙට දින ලෝක නායකයන් බවට පත්වී ලෝකයේ ආර්ථිකය සංවර්ධනය උදෙසා වැඩ කිරීමට සැරසෙන සියලු දෙනාටම මේ ඉතා වැදගත් මාතෘකාවක් මෙන්ම වැදගත් කරුණකි.

20240422_034129.jpg

Photo taken in Samsung Galaxy S9+ By me

අප රට තුළ භාවිතා කරන එක් වැදගත් වදනක් වේ. එනම් " නව නිර්මාණ නොතනන ජාතිය ලොව නොනගී " එම වදනේ ගැබ්ව ඇති කරුණු තුළම එනම් නව නිර්මාණ බිහි කිරීමට අපොහොසත් ජාතිය ලෝකයේ එකම තැන නතර වේ. එමෙන්ම ඔවුන්ට අනාගතයක් නොමැත යන්නයි. එම නිසා ලෝකයේ සියලුම පුද්ගලයින් නව නිර්මාණ සිදු කිරීම සඳහා උනන්දු වීම ඉතා වැදගත් වේ. කිමද සෑම දෙනාගේම සිතුම් පැතුම් ආකල්ප එකක් නොවන නිසා නව නිර්මාණ බිහිවීමේදී වඩා හොඳ නිර්මාණශීලී නිර්මාණ බිහිවීමට ඉන් අවස්ථාවන් බිහිවන බැවිනි. එමෙන්ම මෙහිදී ඉතා වැදගත් එක් කරුණක් වේ. නිර්මාණශීලීත්වය සහ බිහිවන නව නිර්මාණ මිනිසාගේ සහ ලෝකයේ ජීවත් වන සියලු සත්ත්වයන්ගේ හිත සුව පිණිස නිර්මාණය වීම ඉතා වැදගත් වේ. මක්නිසා යත් එම නව නිර්මාණ තුළින්ම ලෝකයේ අනාගතය තීරණය වන බැවිනි.

උදාහරණයක් ලෙස ගත් කල මිනිසා විසින් තමන්ගේ දෛනික වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා පිහිය නිර්මාණය කළද එමගින් තවත් පිරිසක් ජීවිතයක් නැසීමටද එය භාවිතා කරන බැවිනි. එමෙන්ම වෙඩි බෙහෙත් ගල් කැඩීම උදෙසා නිර්මාණය කළද තවත් පිරිසක් විසින් එමගින් ජීවිතයක් නැසීම සඳහා පුපුරන ද්‍රව්‍ය, බෝම්බ නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලදී. එම නිසා නව නිර්මාණ බිහි කිරීමේ දී එමගින් ලෝකයේ සියලු සත්ත්වයන්ට හිංසාවක් සිදු නොවන ලෙස නිර්මාණශීලී නව නිර්මාණ බිහිවීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

අවසාන වශයෙන් අප්‍රේල් 21 මෙවන් ලෝක නිර්මාණශීලී නව නිර්මාණ බිහිකිරී බිහිකිරීම මේ දිනයක් නිර්මාණය කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයට බෙහෙවින් ස්තූතිමත් වන අතර එමගින් ලෝකයේ වෙසෙන සියලු මිනිසුන්ගේ අවධානය සහ මේ සඳහා ඇති අවශ්‍යතාවය සහ තමන් තුළින් ලෝකයට සිදුවිය යුතු සේවය තේරුම් ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි.

Achivement1 verified

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 70771.68
ETH 3814.65
USDT 1.00
SBD 3.46