පාර නම් අබලන්...

in Steem Sri Lanka3 years ago

පුංචි කාලෙ...ඒ කියන්නෙ පෙර පාසල් යන කාලෙ එක එක ක්‍රියාකාරකම් කරනවනෙ. චිත්‍ර අඳිනව.. කඩදාසි ඉරල පොඩි කරල අලවනව. දම්වැල් හදනව. ඉරටු වලින්, ගිනිකූරු වලින්, ටොනික් මූඩි, තේ කුඩු සහ එකී මෙකී නොකී නානාප්‍රකාර දේවල් වලින් අපි ලස්සන ලස්සන නිර්මාණ කළා මතක ඇතිනෙ. ඒ දවස්වල කරපු නිර්මාණ වලින් මං ගොඩක්ම ආස උනේ මං මේ කියන්න යන වැඩේට. ඒ දවස්වල විතරක් නෙවෙයි දැන් මට අවුරුදු විසි නවයක් වෙලත් තවමත්...

මැටි අනල ලෑල්ලක් උඩ තුනී කරල ලස්සන ලස්සන ගම්මාන වල ආදර්ශන හදනකොට මට දැනුනෙ මං ඒ ගම ඇතුලෙ ඉන්නව වගේ.. චූටි වල් පැළ ගලවගෙන ඇවිත් කුඹුරු, කැළෑ එහෙම හැදුව. වේලපු පොල් කුඩු වලට නිල් කලවම් කරල ලස්සන දියඇළි ගංගා හැදුව. අම්ම තමයි මට ඒව ලස්සනට හදල දුන්නෙ.. මං මහා පුදුමයක් වගේ ඒ දිහා බලන් හිටිය මතකයි.

ඉතින් හිතේ අස්සෙ හැංගිලා හිටපු ඒ පුංචි ළමයට අද ටිකක් පණ ආව. අද කියන්නත් බෑ ඉතින් අර පිස්සු කන්නගෙ පත්තර වල වැඩ එහෙම ගොඩක් මට තමයි කරන්න දෙන්නෙ එයා. ඉතින් මං තාම බෝනික්කො නළවනව. මල් ඇඳල පාට කරනව..

කොහොමහරි අද මට අර වගේ ආදර්ශනයක් හදන්නම හිතුණ. පිස්සු කන්නවත් හවුල් කරගත්ත මැටි අනන්න. එයාගෙ බාප්ප නම් පැත්ත පළාතෙ ආවෙ නෑ. මේක පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවෙ නැති නිසා හදපු විදිහ නම් ෆොටෝ ගන්න බැරි උණා. එච්චර ලොකු වැඩක් කළෙත් නෑ. පරණ මී කිරි හට්ටියක මැටි ටික තුනී කරල පාරෙ අයිනෙ ඉවුරු වල තිබුණ පාසියි වල් පැළයි ඒ මැටි වලට උඩින් තියපු එක තමයි කළේ. ඕනි ඕනි විදිහට වල් පැළ හිටවල මගේ වැඩේ කඩාකප්පල් කරන්න ගිය එක ඇරෙන්න පිස්සු කන්න ගොඩක් උදව් කළා වැඩේට. හැබැයි පාර නම් ලස්සනට හදාගන්න බැරි උනා.. පාරට ගල් කැට හරි ගියේ නෑ. වැලි දැම්මනම් හොඳයි වගේ.

IMG_20210921_135412.jpg

IMG_20210921_135219.jpg

1632234312443-01.jpeg

IMG_20210921_190552.jpg

IMG_20210921_135159.jpg

ඔයාලත් හදල බලන්න. හොඳ හොඳ කලාකාරයො ගොඩක් ඉන්නවනෙ. ඔයාල මට වඩා ලස්සනට පිළිවෙලට හදයි.

Sort:  

මම හිතුවේ නෑ ඒක හදපු එකක් කියලා පළවෙනි පොටෝ එක දකිද්දී. ඒක හරිම ලස්සනට හදලා 💚😍 try කරලා බලන්න ඕන දවසක.

😀 ස්තූතියි ඔයාට.. හදන්න.. කිසිම මුදලක් වැය වෙන්නෙත් නෑ...👍

godak lassanai eka. podi aya ekka kalaya gatha karaddi ape athiitheth ebema mathaketa enawa.

Thank you...! Ow apith ibema podi lamyi wage hasirenna gannawa ethakota.

ඒක ලස්සනට හදලා තියෙනවා 😍.

පාර තමයි අවුල්..😄

ඊලඟ ආණ්ඩුවට කියලා හදවගමු 🤭.

🤣🤣🤣 ඇවිදින මංතීරුවක් හරි හදාගන්න ඕනි..

A beautiful work of art that frees the mind.

There are some artists who make this kind of things amazingly. They look so real.. my one is just for relaxation.. 😀 Thank you for your appreciation..

ඒකේ අමුතු look එකක් තියෙනවා .. 😍 චූටි බබාටත් ගොඩක් සතුටු ඇති....🙊

ඔව් දැන් ඒක එයාගෙලු. මං ලොකු එක්කෙනෙක් හින්ද ඒව ඕන්නැල්ලු.

ඒක හරිම ලස්සනයි. 😍මාත් මේ වගේ ටිකක් කළා polymer clay වලින් Corona පලවෙනි රැල්ලට ගෙදර ඉඳිද්දි.

ප.ලි: අක්කත් පොඩි අතුරු පාරවල් ටිකක් contract ගන්න කාට හරි මන්ත්‍රී කෙනෙක් ට කොමිස් පොඩ්ඩක් දීලා. මේ වගේ තමයි ඒවත් හදන්නේ. හරිම ලේසියි. ලොකුවට මේ තරම්වත් මහන්සි වෙන්න ඕනි නෑ.😜

🤣🤣🤣🤣 ඒක නම් හොඳ අදහසක් තමයි..

Woow eka harima creative💓 mata hithaganna beri una eka hadapu ekakda kiyala🙈

Thank you! Oya wage ewa lassanatahadana heti net eke thiyenawa.balannako.. miniature landscape diorama kiyala thiyenne.

eka lassanayi

😄 bohoma sthuthiy.. oita wadaa lassanata hadanna oni aye serayak.

Ane eka harima harima lasssni akke. 💖 Mata pudumath hituna eka dakkama. mamath hdnnm one ehema ekak. 💖😍

Thank you nangi....🙉. Hadala balannako... hadala iwarawela dakinakota asai

 3 years ago (edited)

ekanam maru ah...lassanai.

😀😀 thankuuu!!

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 61660.23
ETH 3056.45
USDT 1.00
SBD 3.82