How To Transfer Steem To Binance | Binance Article | Part 02

in Steem Sri Lanka2 years ago (edited)

Screenshot_1.png

හලො ඉතින් කොහොමද. ඉතින් අද මම හිතුවා මගේ බයිනෑන්ස් ආටිකල් සීරීස් එකේ දෙවෙනි කොටස ඔයාලට අරන් එන්න. හරිනම් මම මේක පටන් ගන්න ඕන බයිනෑන්ස් අකවුන්ට් එකක් හදන තැන ඉදන් උනත් ඒක හදද්දි කරන්න තියෙන සිකියුරිටි වෙරිෆිකේශන් වලට ඇත්තම ඩීටේල්ස් දෙන්න ඕන නිසා අපේ දමිදු මල්ලි ආයෙ ගෙදර එනකන් ඉන්න මම කල්පනා කරා. අපි එයාගෙ නමින් එකක් හදන හැටි ඉක්මනටම ඉගෙනගමු. ඉතින් අද මම කියල දෙන්නේ අපි අමාරුවෙන් හම්බකරගන්න ස්ටීම් ටික කාගෙවත් කුනු කතා අහන්නෙ නැතුව කෙලින්ම බයිනෑන්ස් එකට දාගන්නෙ කොහොමද කියලා. මගේ කලින් ආටිකල් එකේත් මදූ අක්කා ඉල්ලල තිබ්බා ඒ ගැනත් කියන්න කියලා. ඒ වගේම ඊයෙ පෙරේදා සිද්ද වෙච්ච දේවල් එක්ක මේ ගැන ඔයාලට කියල දෙන්න මම පරක්කු උන එකටම මම පසු තැවෙනවා. හරි එහෙනම් වැඩේ පටාන් ගමු. ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් වෙන්න මම් ගොඩාක් පැහැදිලිව මේක කරන්නම්. ඒ නිසාම ෆොටෝ ටිකක් වැඩි වෙයි අද.

මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාගෙ බයිනෑන්ස් අකවුන්ට් එකට ලොග් වෙන එක. ඒකට අපේ ඊමේල් පාස්වර්ඩ් ගහලා ඊට පස්සෙ අපේ ෆෝන් එකට එන කෝඩ් එක ගහන්න ඕන. ඊට පස්සෙ කෙලින්ම අපිව යන්නෙ මෙන්න මේ වෙබ් පේජ් එකට. ඒකට ගියහම ඔයාලට බලාගන්න පුලුවන් දකුනු පැත්තට වෙන්න wallet කියලා බටන් එකක් තියෙනවා. ඒකට මවුස් එක අරන් ගියාම මෙන්න මේ වගේ ලිස්ට් එකක් පෙන්නනවා. අන්න ඒ ලිස්ට් එකේ දෙවෙනියට තියෙනව Fiat & Spot(Deposit and Withdraw) කියල එකක්. ඔයාලා කරන්න ඕන අන්න ඒක උඩ click කරන එක. පහල පින්තූරෙන් මම පෙන්නල තියෙන්නෙ එතනට යන හැටි..

Screenshot_4.png

ඒක click කරහම අපිව අරන් යනවා Fiat & Spot කියන පේජ් එකට. ඒකෙ ඉතින් අපි ලග තියෙන ඔක්කොම කොයින් ප්‍රමාන සහ අද වෙනකොට ඒවයෙ ඩොලර් වටිනාකම පැහැදිලිව පෙන්නල තියෙනවා. ඉතින් ඒ පේජ් එකේ උඩ දකුනු පැත්තට වෙන්න කහ පාටින් හයිලයිට් උන බටන් එකක් තියෙනවා Deposit කියලා. හරි ඊට පස්සෙ මම කිව්ව ඩිපොසිට් කියන බටන් එක උඩ click කරන්න. මේ තියෙන්නෙ ඒකට අදාල පින්තූරෙ .

image.png

ඒකට ගියාම අපිට එනවා Deposit crypto කියලා පේජ් එකක්. දැන් තමයි වැඩේ තියෙන්නෙ. ඔයාලට පේනව ඇති ඒ පේජ් එකේ select coin කියල ඩ්‍රොප් ඩවුන් මෙනූ එකක් තියෙනවා. එතන ඩිෆෝල්ට් එන්නේ BTC Bitcoin කියලා. ඒත් අපි දැන් ඩිපොසිට් කරන්න යන්නෙ ස්ටීම් නිසා අපි ඒ ලිස්ට් එකෙන් ස්ටීම් තෝර ගන්න ඕන . ඒකට මම මේ පෙන්නල තියෙන විදිහට ඇරෝ එක උඩ click කරන්න.

Screenshot_6.png

දැන් ඔයාලට ඒවි එක එක කොයින් වර්ග තියෙන ලිස්ට් එකක් . එතන උඩම තියෙනවා සර්ච් කරන්න තැනක්. අන්න එතන මන් මේ ගහල තීනව වගේ steem කියල ගහන්න. එතකොට අපි හැමෝම දන්න ලෝගෝ එකත් එක්ක කොයින් එක පෙන්නාවි. ඊට පස්සෙ ඒක උඩ click කරන්න .

Screenshot_7.png

දැන් ඔයාලට මෙන්න මේ විදිහට Deposit to කියන තැනටත් steem කියන එක ඇවිත් තියෙනව පෙනේවි .ඒ එක්කම යටින් මේ වගේ එකක් පෙන්නාවි. Both Address and memo are required කියලා. ඒක ඕකේ කරන්න.

Screenshot_9.png

දැන් ඔයාලට එතන address එකයි memo එකයි පෙන්නාවි. මම මේ කොල පාටින් පෙන්නල තියෙන්නෙ තැනින් අපිට අපිට ලේසියෙන්ම ඇඩ්‍රස් එකයි මෙමෝ එකයි කොපි කරගන්න පුලුවන් .

Screenshot_10.png

හරි ඒ එක්කම අලුත් ටැබ් එකක් ඕපන් කරලා අපි යන් ස්ටීම් වොලට් එකට. ඒකට ගියාම ඔයාලගෙ ස්ටීම් තියෙන තැන ඩ්‍රොප් ඩවුන් මෙනූ එකෙන් Transfer කියන් එක ඔබන්න.

Screenshot_2.png

ඒ එබුවම මෙන්න මෙ වගේ පොප් අප් වින්ඩෝ එකක් ඒවි. එතනදි අපෙන් අහනවා අපේ ස්ටීම් කොහේටද යවන්න ඕන,කොච්චරක් යවන්න ඕනද සහ මෙමො එක මොකක්ද කියලා.

Screenshot_3.png

ඉතින් ඇඩ්ඩ්‍රස් එක විදිහට බයිනෑන්ස් එකේ අර අපිට ආපු ඇඩ්ඩ්‍රස් එක කොපි කරගන්න. කොපි කරලා ස්ටීම් වොලට් එකේ ඇඩ්ඩ්‍රස් එක දාන්න ඕන තැනට ගිහින් පේස්ට් කරන්න. දැන් අපි මෙමෝ එක දාමු. ඒකටත් කලින් වගේම බයිනෑන්ස් එකෙ අපිට ආපු මෙමෝ එක කොපි කරලා ස්ටීම් වොලට් එකේ මෙමෝ එක දාන තැන පේස්ට් කරන්න . මේක නම් පරිස්සමෙන් කරන්න ඕන. ඩබල් චෙක් කරනවනම් ගොඩක් හොදයි. නැත්තම් අපේ ස්ටීම් වලට් මොනා වෙයිද දන්නෙ නෑ .ඊට පස්සේ අපිට යවන්න ඕන ස්ටීම් ගාන දාන්න ඕන. මම මෙ වෙලාවෙදි ස්ටීම් 10 ක් බයිනෑන්ස් එකට යවනවා.

Screenshot_11.png

ඉතින් මේ ටික දාලා next දෙන්න .ඊට පස්සෙ අහනවා අපි මේ දාපු දේවල් හරි නේද කියලා. එතන්ට ඕකේ දෙන්න. ඔන්න අපෙ වැඩේ ඉවරයි. විනාඩි කිහිපයක් ඇතුලත අපේ බයිනෑන්ස් එකට අපි දාපු ස්ටීම් ටික එනවා. ආවම බයිනෑන්ස් එකේ නොටිෆිකේශන් වල ආව කියල පෙන්නවා. මෙන්න මේ වගේ .

Screenshot_12.png

අපේ ස්ටීම් අපේ බයිනෑන්ස් වොලට් එකට ආව කියල බලන්න පුලුවන් කලින් වගේම Fiat and spot එකට ගිහින්. එතන මෙන්න මේ විදිහට අපේ ස්ටීම් ටික පෙන්නාවි.

image.png

Sort:  

meka kiyala dena eka nm godak watinawa. harima pahadili meka. Thank you

Welcome welcomee😋

Thank you malli. Meka apita godak prayojanwath. Sinhalenma kiyla dena nisa godak watinwa 🤗

Meka apita godak prayojanwath.

Ehenm echchrai ithnn

Thank you mchn! This one is really helpul.

U are welcome aiye

ගොඩක් ස්තුති මල්ලි. කුණු කතා නම් අහන්න ඕනිම නෑ දැන් 😌😌

Oww aaaye oona naa 😎

කන්ටිනියු කරන් යන්න හොඳේ😁❤

Meken balala kattiyata binance hada gattanm wede hari. 🥴

Oww acc ekk hriyt hdgnna hatith kiyla denwa lgdim

ebuwama....😋😋😋

Good article brother... This is very good for newcomers read...

Thank you machn..... This was really helpful

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.033
BTC 66924.37
ETH 3085.49
USDT 1.00
SBD 3.71