බලු මෙහෙයුම -3 (Operation Dog - 3)

in Steem Sri Lanka2 years ago

කිසිවක් සිදු නොවී සති තුනක් ගෙවුනා. අතුරුදහන් වුනු පෝරිසාදයා ගැන ඉඳහිටයි මතක් වුනේ.දවසක් උදේ අර අළුත් ගේ හදන තැන වැඩ කරණ කෙනෙක් ඇවිත් පණිවිඩයක් කිව්වා.

"සතා ඉන්නව"

"කොහෙද ඉන්නෙ ?"

" අර කැලේ"

"කවුරු හරි දැක්ක ද"

" ඔව්, හවස 5න් පස්සෙ ඒ පැත්තට එන්නකො" එහෙම කියල ආව කෙනා ගියා.

වැඩ ඇරිල 5න් පස්සෙ අපි තුන් දෙනා ගෙදර තිබුනු බෙඩ් ෂීට්, තුවා, කාරෙක වහන කවරෙ අරගෙන එහෙට ගියා.තව අසල්වැසි මිත්‍රයො දෙන්නෙකුයි, පනිවිඩේ කියූ කෙනයි, තව කෙනෙකුයි එකතු වුනා.

අපි හිතා හිටියෙ සතා කිට්ටුවට ආවොත් අර ගෙනිච්ච රෙදිවලින් එයාව වහල අල්ලගන්න. උස කටු කම්බි වැට ටිකක් පහත් කරල තුවායකින් ඔතල එතැනින් පැනල පිරිමි හැමෝම වගේ ඇතුලට ගියා.එලියෙ රැකගෙන හිටියෙ මායි පොඩි පුතයි.

අනේ එදා අපි සෑහෙන වෙලාවක් රස්තියාදු වුනත් එයාව හම්බ වුනේ නෑ. එයා ඉන්න තැන කියල තාප්පයක් ලඟ තැනක් නිහාල්ට පෙන්නල තිබුනා අර පනිවිඩේ කිව්ව කෙනා.එයා ඉන්න බවට සලකුණු තිබුනා කියල නිහාල් කිව්වා. එයාව දැක්ක කියල ඒ ඉඩම අයිති කෙනාත් පස්සෙ කිව්වා.

ඔපරේෂන් ඩෝග් වන් කියල එදා මෙහෙයුම නම් කලේ එවෙලෙ අපේ උදව්වට ආව අසල්වැසියා. එයා ආමි එකෙන් පෙන්ෂන් ගිය Male nurse කෙනෙක්.

ඉතින් එදා ඉඳල ඊයෙ උදේ වෙනකල් සතියක් නිහාල් ඇතුළට ගිහින් කෑමයි තැන් තුනක වතුරයි තියල එනව. කෑම නම් කාල තියෙනව. ඒ එයාම ද වෙන සතෙක් ද කියල නම් දන්නෙ නැහැ.කම්බි වැටෙන් පැනල යන්න ලේසිත් නෑ. ඒ නිසා කොයි වෙලාවක හරි මේ අනුන්ගෙ ඉඩමට පනින වැඩෙත් නවතන්න වෙනව.

මේ කතන්දරය ඉවර නොවෙන කතන්දරයක් නිසා මෙතැනින් තිත තියන්නත් වෙනව.

cute-beagle-puppy_138676-2066.jpg

Sort:  

අනේ💔
එයාව ඉක්මනටම ලැබෙන්න කියලා විශ් කරන්නම්

ඔයාට ගොඩක් ස්තුතියි.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 67330.50
ETH 3103.66
USDT 1.00
SBD 3.78