නවතිමු ද...? : RadicalLover - Article 2

in Steem Sri Lankalast year (edited)
**මේක කැම්පස් ආදර කතාවක්...**

RadicalLover කියල Article serious එකක් ලියන්න පටන් ගත්තනේ...හා හා පුරා කියල ඒකෙ එකක්නම් ලියා ගත්තා. එතකොට මේ ඒකෙ දෙවෙනි එක.

මේ නම් මං කියන්න යන්නෙ පේරදෙණියෙ හිමි නොවන ආදර කතාවක් ගැන. පේරාදෙණියම ප්‍රේමයක් ගගා බයිල ගැහුවට ඒකෙ ඉන්න ඉඳපු අය දන්නව මේකෙත් වැඩිපුරම තියෙන්නෙ විරහවේ වේදනාව කියන එක. එහෙම කියද්දි තමා මතක් වුනේ ලෝකෙ වැඩියෙන්ම trending වෙන්නෙත් ආදරේට වඩා විරහවනෙ නේ ද කියලා... විරහවට ගී කියපු දමිත්ල චාමරල කපුගේල තාමත් මදු විතක් අස්සෙ සෑහෙන්න මෙහෙයක් කරන්නෙ ඒකනේ. මොකද බොන තැනක කොහෙන් ගියත් කාගෙ හරි වේදනා කතාවක් නම් එනවම තමා... අද මං කියන්න යන්නෙ campus student කෙනෙක් විදියට අන්තිමට set උන වෙලාවෙ දික් ඇරුණු කතාවක් ගැන.

මේක සරසවි ප්‍රේමයක් ගැන කියවෙන කතාවක්...මේ විදියට ඒක කියන්න පටන් ගන්නම්කෝ....

හා හා පුරා අහපු ප්‍රේමය ප්‍රති විරුද්ද පාර්ශවයෙන් ප්‍රතික්ශේප වෙනව..මොකද කරන්නෙ ඉතින්.. එක්කෙනෙක්ට ආදරෙ හිතුන කියල අනිත් කෙනාටත් එහෙමම හිතෙන්න ඕනා... එයත් හා කියන්න ඕන ද...කොහෙද එහෙම නීතියක් තියෙන්නේ?

කොහොම හරි ඊට පස්සෙත් මේ දෙන්න lecture hall එකේ, ආය ඉතින් දන්නවනෙ කැම්පස් එකේ තියෙන අමතර වැඩ, ඒවයෙදි ඒම සෙට් වෙලා කතා කරන යාලුවො වෙනවා...ඒකනෙ ඉතින් campus එකේ සහෝදරත්වය කියන්නේ...මොන දේ උනත් batch එකේ උන් අනිකා වෙනුවෙන් ඉන්න එකටනේ...

කොම හරි අවුරුදු ගෙවිල ගිහ්හින් out වෙන්න ඔන්න මෙන්න තියල හම්බෙන අන්තිම දවසෙදි මේ ළමයට අර කිව්ව කෙනාව ආයම මතක් වෙනවා...මොකද ආය lecture hall වල තියා කොහොමවත් දකින්න බැරි වෙයිද කියන්න දන් නෑනේ...

හැබැයි ඉතින් මේ වෙද්දිත් එදා ඇහැව්වට පස්සෙ ආයම මේ කෙනා අර ගෑනු ළමයගෙන් ඇහැව්වෙ නැතිලු...

එදා දිග ඇරපු මුලු කතාවම කියන්න බෑ...කොහොම හරි ඒ කතා ටික ගලපළ මේ වගේ කතාවක් මට කියන්න පුලුවන් වුනා...

නවතිමු ද...?

ප්‍රේමයේ නගරයක තනිවෙලා සිව් වසක්
ජීවිතය සෙව්වා ද නැවතිලා එක දිනක්
හදට හද ළං ළංව කොදුරලා ඉඩ කඩක්
අපට අප හිමි නැති ද අහනවා තව වරක්

5.jpg

එක අතකින් බලන කොට, බලෙන් ආදරේ ලබා ගන්න දගලනවට වඩා... ඒ වගේම ආදරේ ලැබෙනකම් කියල ආදරේ සිඟමන් යදිනවට වඩා... මේ විදියත් හරිම සුන්දරයි නේ ද?

Article එක කියෙව්වට ස්තුතියි. ඊළඟ එකෙන් ආයම හමුවෙමු.







Sort:  

Mulu kathawama lassana poem ekaking sums up karala tiyanawa 💕

Thank you for your feedback and thank you for reading my article.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.033
BTC 61588.80
ETH 3006.18
USDT 1.00
SBD 3.64