අපේ පීඩනයට පලි ගෙදර අයද

in Steem Sri Lanka2 years ago (edited)

stressed-out.png.webp
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙත් ටිකක් වෙනස් දෙයක් ගැන. රැකියාවක් කරද්දි තියෙන stress එක දන්නෙ ඒක කරන මනුස්සයමයි. ඒ රස්සාව ඉන්ජිනේරු වෘත්තිය, ගුරු වෘත්තිය , වෙද හෝ ඕනෑම එකක් වෙන්න පුලුවන්. සම්හර වෘත්තීන් වලදී ගතටත් තවත් සමහරක් වෘත්තීන් වලින් ඒ සමානව හිතටත් පීඩනය දැනෙනව. ලංකාවෙ අනිත් ර්ටවල් වලට වඩා කොහොමත් ඒක දෙගුණයකට සමාන වෙනව දැන් රට තියෙන තත්ත්වෙ එක්කනම්.ඉතින් මනුස්සයෙක් රස්සාව කරල හවස ගෙදරට එන්නෙ බාගෙට මැරිල. මොකද රස්සාවෙදි සෑහෙන්න වෙහෙසිලා හවසට බස් එකේ කෝච්චියෙ තෙරපිල ගෙදරට එන මනුස්සය ගැන අමුතුවෙන් හිතන්න ඕන නෑනෙ . ඒ ඔලුවෙ තියෙන පීඩනය ගැන. ඒක අම්මලට වඩා තාත්තලට වැඩියි මොකද පවුලෙ බර තියෙන්නෙ තාත්තගෙ කර උඩ නිසා. ඉතින් ඒ පීඩනය ගොඩක් වෙලාවට පිටවෙන්නෙ ගෙදර මිනිස්සුන්ගෙන්. ඒක සුලු වැරැද්දක් වෙන්න පුලුවන්. නමුත් අර මුලු පීඩනයම ඔහු පිටින් පිටවෙන අව්ස්තාව වැඩියි. ඒක කොතරම් දුරට සාදාරණද කියල ලස්සන කතාවකින්ම ලියන්න හිතුව.

51625976-look-at-me-furious-angry-father-touching-arms-of-his-daughter-while-punishing-her.jpg
source

කලින් කිව්ව වගේම එක තාත්ත කෙනෙක් වැඩට ගිහින් හොදටම මහන්සි වෙලා ගෙදරට ආවෙ ඔය කලින් stress එක සෑහෙන්න ඔලුවෙ තියන්. ඉතින් ඔහොම ආවම තාත්ත දැක්ක තෑග්ගක් ඔතල දෙන්න ගෙනාපු දිලිසෙන ලස්සන කොලයක් හරි මැදින් කපල තියෙනව. ඒ කොලේ ආයිත් පාවිච්චි කරන්න බැරි තරමට තමයි කොලේ කපල තිබුනෙ. ඉතින් තාත්තට ඕක දැක්ක ගමන් යක්ශාවේශ වුනා. ඒ වගේම තාත්ත දැක්ක අවුරුදු හතරක් වයස චූටි දූ තමයි මේක කපල තියෙන්නෙ කියල. නමුත් ඒ වෙලාවට කවුද වයස කීයද කියල බලන්නෙ නෑ . මොකද දැන් ඉන්නෙ වෙනද ඉන්න තාත්තත් නෙවෙයි වැඩ ඇරිල මහන්සි වෙලා ගෙදර ආපු තාත්ත. ඉතින් තාත්ත මුලු පීඩනයම දූගෙ පිටින් යැව්ව සෑහෙන්න බැන්න. චූටි දු කාමරේට ටික වෙලාවක් ඉදල තාත්ත ටිකක් නිවුනම පොඩි පෙට්ටියක් අරන් ඇවිත් තාත්තට දුන්න ඒ පෙට්ටිය ඔතල තිබ්බෙ ඒ තෑගි කොලෙන්. චූටි දූ තාත්තට තෑගි පෙට්ටිය දුන්නම තාත්තටත් කලින් බැනපු හැටි මතක් වෙලා ටිකක් දුකත් හිතුන . ඉතින් චූටි දූට ස්තූති කරල තෑගි පෙට්ටිය අරන් ඇරල බැලුවත් මොනවත් තිබ්බෙ නෑ.

දැන් තාත්තට ආයිත් කේන්තියි. තෑගි පෙට්ටිය විසික් කරල ආයිත් චූටි දූට බැන්න. චූටි දූ මුකුත් නොකිය ගිහින් තෑගි පෙට්ටිය අරන් ඇවිත් බිම බලන් ඊල්ගට කියපු දෙයින් තාත්ත හෙ හිත සෑහෙන්න රිදුන. චූටි දූ කිව්වෙ ඒ පෙට්ටිය තියෙන්නෙ දූ උදේ ඉදන් දීපු හාදු විතරයි කියල තාත්තට දූ ලග නැති උනත් ඕන් වෙලාවට තාත්තට දූගෙ හාද්දක් ගන්න පුලුවන් කියල මේකෙන්. හිතන්නකො ඔයා තාත්තනම් ඒ වෙලාවට මොකක් හිතේවිද කියල.කතාවට අනුව දූ මාස කිහිපයකට පස්සෙ රිය අනතුරකින් මිය ගිහිල්ල තිබුන.නමුත් ඒ තාත්ත ගාවින් තැගි පෙට්ටිය නැති වුනේ නෑ. මානසිකව වැටුනු හැම වෙලාවකම තව දවසක් ජීවත් වෙන්න ඒ තාත්ත හිතට හයිය ගන්නෙ ඒ තෑගි පෙට්ටිය ඇරල බලල.

ඉතින් අපි අතිනුත් අනන්තවත් මෙහෙම් වෙලා ඇති. නමුත් අපේ stress එකට වෙන අය පලි නෑ කියල අපි දැනගද්දි ගොඩක් වෙලාවට පරක්කු වැඩියි.

Sort:  

attma kthawk bro

ම්ම්ම්ම් ඒක තමයි 😐😐

මම හමුදාවේ ඉන්න කාලෙත් එහේ තිබ්බ පීඩනය ගොඩක් යැව්වේ ලගම ඉන්න කෙනාගෙන් තමා අයින් උනාට පස්සෙ තමා තේරුනේ කොචර තරහකින්ද මම ඒ කාලේ ඉදල තියෙන්නෙ කියලා

මටත් තාම තියෙනව දැන් හැබැය් ගොඩක් අඩුයි කලින්ට වඩා🙂

අඩුයි නේ

හායි හලෝ

Coin Marketplace

STEEM 0.29
TRX 0.11
JST 0.031
BTC 68216.84
ETH 3827.63
USDT 1.00
SBD 3.63