කාලෙකට පස්සේ ....

in Steem Sri Lankayesterday

1000119986.jpg
source

ඉතින් යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි article එකක් ලියන්න හම්බවුණේ.ගෙවන අතිශය කාර්‍යබහුල කාලය නිසාම Article එකක් ලියන එක පවා ගොඩක් දුරට මගහැරුණා කිව්වොත් නිවැරදියි.විවේකය නිවාඩුව වගේ දේවල් මේ මාස හතර පහටම ගොඩක් දුරට සීමා වුණා.ඉතින් සමහර වෙලාවට විවේකය අඩු වෙන එකම හොඳයි කියල හිතන අවස්ථාත් නැතුවම නෙවෙයි.ඒ නිසාම වැඩත් එක්ක මේ කාලය කාර්යබහුල වීමත් මට එක පැත්තකින් පොඩි සැනසීමක් උනා.හරි කොහොම කොහොම හරි අද ලැබුණු පොඩි විවේකයේදී article එකක් ලියන්න හිතුනෙ කාලයක් ආසාවෙන්ම කරපු දේ මග ඇරගන්න ආස නැති හින්ද.

විස්සයි විස්ස ලෝක කුසලානය තමයි මේ දවස්වල ක්‍රිකට් රසිකයින්ගේ ප්‍රධානම මාතෘකාව වෙලාා තියෙන්නේ.ඊටත් එහාට ගිහිල්ලා බංගලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමත් සමඟ ඔවුන් ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ වීම අහිමිව යාමේ ලොකු ඉඩකඩක්ද දැන් පැන නැගෙමින් තිබෙනවා.දේශපාලනය ක්‍රීඩාවට එනවා කියන්නේ එතනම ක්‍රිකට් වල තියෙන මහත්මා ගුණය නැතිවෙලා යන එකයි. කවුරු කොහොම කිව්වත් මම නම් ප්‍රධානම දෝෂාරෝපණ එල්ල කරන්නේ ඉන්දියාවට මේ පිළිබඳව.මොකද ඉන්දියාව තමයි මුලින්ම දේශපාලනයේ ක්‍රීඩාව හා සම්බන්ධකරගත්තේ. පෞද්ගලික මම නම් ඒක තරයේ හෙලා දකින කාරණයක්.ඔහොමින් කෝමහරි දැන් මේක උඩුදුවල නිසා අන්තිමට ලෝක කුසලානයක තියෙන උද්වේගකර භාවයත් නැතිවෙලා යන එක තමයි ක්‍රිකට් රසිකයින් වන අපිට තියෙන ලොකුම දුක.හරි ඉතින් අපි බලමු ඉස්සරහට මොකින් මොකක් වේවිද කියලා.