යතුරුපැදියක දැනගෙන යමුද???
හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා,අද ලියන්න යන්නේ යතුරුපැදියක් පාවිච්චි කරන , ඒ වගේම දිනපදා යතුරු පදයකින් තමන්ගේ රැකියාවට යන එන පුද්ගලයන්ට ගොඩක් වටින article එකක්.ඇත්තටම අපිට තියෙන ලොකුම ප්රශ්නය තමයි හදිසියේම යතුරු පැදිය ක්‍රියා විරහිත වෙන එක.ඒ වගේ අවස්ථාවක අපි සෑහෙන්න අසරණ වෙනවා, කරන්නේ මොකක්ද ? ඊළඟට ගතයුතු පියවර ගැන හරි අදහසක් නැතුව.ඉතින් මට මේ ගැන ලියවුණු හරි පැහැදිලි වටින article එකක් මුහුණු පොතේන් හොයාගන්න පුළුවන් වුණා ඒක ලියල තිබුනෙත් new jayantha motors කියල පුද්ගලික ආයතනයකට අයත් මුහුණු පොතේ පිටුවකින්.ඉතින් මට හිතුනා ඔයාලටත් මේක ගොඩක් වැදගත් වේවි කියලා.
ධාවනය වන යතුරුපැදියක් එක් වරම නැවතුනොත් (මහමග අතරමං )මොකද කරන්නේ?
1️⃣ යතුරුපැදියේ ඉන්ධන තිබේදැයි තහවුරු කරගන්න. ඉන්ධන තිබේනම්
2️⃣ ප්ලග් එකට විදිලිය පැමිනෙන්නේදැයි තහවුරු කරගන්න. (ප්ලග් ටොප් එක ප්ලග් වයර් එකෙන් ඉවත් කර එන්ජින් එකට 1cm දුරකින් තබා කික් කිරීමෙන් හෝ start මෝටර් එක ක්‍රියාත්මක කර )
A. ප්ලග් එකට විදුලිය එනවා නම්,
a. ඉන්ධන කාබියුරේටර් එකට එන්නේ නෑ. 🤔( ඉන්ධන බටය කාබියුරේටර් එක අසලින් ඉවත් කර පෙට්ට්‍රල් ටැංකියේ මූඩිය විව්ය්රර්ත කර වාතය ටැන්කියට යනතුරු පිබින්න. ඉන්පසු ඉන්ධන පැමිනෙනේ නම් පෙට්ට්‍රල් කරමයේ අවහිරයක් හෝ ටැන්කි අභ්‍යන්තර පෙරනයේ අවහිරයක්.)
b. ප්ලග් එක පත්තු වෙන්නේ නෑ.🤔 [යතුරුපැදියක tool kit එකක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. එහි 10mm open spanner, little size spanner, plier, philip screw drive, flat screw drive, 16mm or 18mm plug box and some plugs]
c. කාබියුරේටර් එකේ රොඩු නිසා ජෙට් අව්හිර වීමක්. Ignition coil එකේ සිට විදුලිය යන HT වයර් එක දෝෂ සහිත වෙන්න පුලුවන්.
3️⃣ ප්ලග් එකට විදුලිය එන්නේ නෑ, 🤔
A. Ignition coil වයර් එක ගැලවී, කැඩී තිබීම/ ignition coil සවුත්තූ වීම/HT වයර් එක short circuit වීම( මෙසේ වීමට plug top සහ plug එකේ impedance වැඩි වීම.)
B. 4pin ac ඉග්නිශන් සහිත බයික් එකක් නම්
a. ignition switch හෝ ignition වයර් ක්ලිපය.
b. Coil bed එකෙන් එන වයර් ක්ලිපය.
c.cdi unit එක.
C.4 pin හෝ 2pin සහිත DC ඉග්නිශන් බයික් එකක් නම්
a. Ignition switch ය.
b.Run on/ off switch ය,
c.cdi එකට විදුලිය යන්නේ නෑ හෝ බැටරි බැහැල හෝ පල්සර් කොඉල් ගැටලුවක් හෝ cdi යුනිට් එක.
d. Ignition coil එක.