WIN OR LOSS I AM IN YOUR SIDE - 5% FOR SL CHARITY

in Steem Sri Lanka3 years ago (edited)

WhatsApp Image 2022-02-23 at 21.01.40.jpeg

සුභ සන්ධ්‍යාවක් හැමෝටම.ඉතින් ශ්‍රී ලංකාව හා ඔ්ස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය 4-1 ලෙස ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත්තත් කෙසේ හෝ අවසන් තරඟය අපේ කොල්ලො ටික ජයගනිමින් ක්‍රිකට් රසිකයින්ට යම්තාක් දුරට හෝ සතුටක් ලබාදෙන්න සමත් වුණා.ඒම තරඟාවලිය ගොඩක් වටින ඒකක් වුණේ ඊලඟ ලෝක කුසලානයත් ඔ්ස්ට්‍රේලියාවේම පැවැත්වෙන නිසා.ඉතින් තරඟාවලිය අවාසනාවන්ත විදියට පරාජය වුණත් ලබපු අත්දැකීම් වැදගත් වේවි කියල හිතනව.‌කොහොමහරි තරග පරාජයට මූලික හේතුව උනේ මුල්පෙල පිතිකරුවන්ගෙන් බොහොමයකගේ අසාර්ථකත්වය. නමුත් ඒ් අතරින් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ අගනා ඉනිම් කිහිපයක් බලාගන්නත් අපට අවාස්ථාව හිමිවුණා.

WhatsApp Image 2022-02-20 at 18.21.56 (1).jpeg

පැතුම් නිස්සංකනම් මේ වනවිට කණ්ඩායමේ වැදගත්ම පුරුකක් වී හමාරයි.ඒක්දින හා ටෙස්ට් තරඟ රටා දේකේ දස්කම් කලින් සිටම පෙන්වූ පැතුම් 20-20 රිද්මයද මනාව හදුනාගෙන මෙම තරඟාවලිය තමන්ට සාර්ථක තරගාවලියක් කරගෙන අවසන් කිරීමට ඔහු සමත් වුණා. ඔ්ස්ට්‍රේලියාවේදී ඔ්ස්ට්‍රේලියා වේග පන්දු යවන්නන්ට පහරදීම ඒතරම් පහසු කටයුත්තක් නෙවෙයි. කොහොමහරි දුර්වල පන්දු හදුනාගෙන කලබලයකින් තොරව සාර්ථක ලෙස ලකුණු රැස් කිරීමට පැතුම් , කුසල් සහ නායක දසුන ශානක තරඟ කිහිපයකදීම සමත් වුණා. ඒ් වගේම පන්දු යවන්නන් විදියට මහීෂ් , බිනුර , චමීර සහ ලහිරු කුමාර සමත් වූනා.

WhatsApp Image 2022-02-20 at 18.21.56.jpeg

ඉතින් කොහොමහරි ඊලඟ සංචාරය තියෙන්නෙ ප්‍රබල ඉන්දියවෙ සමඟයි. ඒ්කටත් 20-20 සහ ටෙස්ට තරඟ ඇතුලත්. තරඟාවලිය ආරම්භ කරමින් පළමු 20-20 තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.අවාසනාවට වනිදුට මෙම තරඟාවලියත් අහිමි වෙනව. ඒ් වගේම මහීෂ් සහ කුසල් මෙන්ඩිස් ද හෙට තරඟය සහභාගී වීම අවිනිශ්චිත බවයි සදහන් වෙන්නෙ. ඉතින් හෙට තරඟයනම් අපේ කණ්ඩායමට දැඩි අභියෝගයක් වෙනව නොඅනුමානයි. ඒ් කෙසේ වෙතත් හෙට ආරම්භ වෙන තරඟාවලිය අපේ කොල්ලො ටික ගේමක් දීල ජයගනීවි කියල ක්‍රිකට් රසිකයනින් විදියට අපි බලාපොරොත්තු වෙනව.