විබාගෙ මැද්දේ | 5% to SL Charity
කලින් පෝස්ට් එකෙ කිව්වනේ විබාගෙ කාලේ මට කොච්චර කටුක කාලයක් උනාද කියලා. විබාගෙ වැඩි බරක් තිබුන විශයන් හතරක්ම එක දිගට තිබිල හොදටම හෙම්බත් වෙලා ඊට පස්සෙ ඊලග විශයට කලින් ලැබෙන්න තිබුන දවස් කිහිපෙක නිවාඩුව ගැන හිතලය් ඉවසන් හිටියෙ. ඔන්න ඒ අන්තිම විශයේ අන්තිම පේපර් එකට කලින් ඉන්ශිගෙන් කෝල් එකක් ආවා. ඊලග දවසෙ තියෙන එයාගෙ උපන්දිනේට එන්න කියලා ආරාදනාවක් ඒ.
අම්මා පොඩ්ඩක් අසනීපෙන් හිටපු නිසා වගේම විබාගෙ නිසා මන් වෙන කෙනෙක් එන්න කිව්වනම් එන්න බෑ කියලා කෙලින්ම කියනවා උනත් ඉන්ශිට එහෙම කියන්න පුලුවන්ද. ඉතින් මන් එක පයින්ම ආරාදනාව පිලිගත්තා. ඒත් හිතට පොඩි දුකක් ආවෙ එයාට දෙන්න දෙයක් සූදානම් කරගන්න බැරි උන නිසය්. අපි දෙන්න සාමන්‍යෙන් උපන්දිනේට වගේම ජීවිතේ ගොඩක් වැදගත් අවස්තා වලට අපි අතින් හදපු දෙයක් හුවමාරු කරගන්න පුරුදු වෙලා තිබුනා. මේ පාර මේ කරදර එක්ක මට එහෙම දේකට වෙලා තිබුනේ නෑ. ඒනිසා මන් ඉක්මන්ට එයාට දෙන්න දෙයක් අරගත්තා. හදපු දේ පස්සෙ දෙන්න පුලුවන්නෙ.
ඊලගට තිබුනේ යන එක. විබාගෙ ඉවර උනේ හවස් වෙලා නිසා විබාගෙ ඉවර උන ගමන් ඉක්මනටම ලෑස්ති වෙලා එහෙන්මම ගෙදරින් ආවා. ගමනාන්තය උනේ හික්කඩුව. මන් යද්දි ඉන්ශිලා එහෙට ගිහින් තිබුනා. මට අමාරුම වැඩේ උනේ මොනවද කන්නෙ කියන එක. කොච්චර දේවල් තිබුනත් මට ගැලපෙන ඒව හරි අඩුයි. සෑහෙන වෙහෙසකට පස්සේ ඒ වැඩෙත් ඉවර උනා.
ඊලගට තමය් විශේශම දේ. ෆොටෝ ගහන එක. කීයක් නම් ගත්තද කියල මතක නෑ. කොහොම හරි හිතට හරියන කිහිපයක් ගන්න පුලුවන් උනා අන්තිමට.
එතන වටපිටාව හරි ලස්සනය්. මුහුදු වෙරලක් අයිනෙ ඒ තැන තිබුනේ. විශේශයෙන්ම හවස් වරුවක ඉර බැහැගෙන යන අතරෙදි ඒ ලස්සන බලන් ඉන්න ආසය්. ඒ ලස්සන අස්සට අපේ ලස්සන ලස්සන කතාත් එකතු උනාම ඒ ලස්සන තවත් වැඩි උනා. කාලෙකින්නෙ හම්බ උනෙත්.
ඒ හිනාවල් කතාවල් මැද්දෙ පැය ගානක් ගෙවිලා නේද කියලා මතක් උනේ වටපිටාව කලුවර වේගෙන එද්දි. තව ටික වෙලාවක් ඉන්න හිතුනත් ගෙදර එන්න රෑ වෙන නිසා ආපහු එන්න ආවා.
ඉතින් තව ලස්සන දෙවසක් ගෙවුනෙ ඔහොම. විබාගෙ නිසා එපා වෙලා ඉදපු ගතිය සෑහෙන්න අඩු උනා ඒ ලස්සන පැය කිහිපය නිසා.

Good decision to give to charity.
Thank you
Photos godak gaththama thama hithata hartiyana ekak set wenne.
owow. eda eth godakma ganna une na wenada tharam
Wibage athare yaluwek hambenwa kiyannema itin sahalluwak tama.
owow. vibage godakma awl tika iwara wela nisa thawa hodaai
වෙනසකටත් එක්ක මෙහෙම දේවලුත් තීන්න ඕනෙ..නෙහ්.
anna hari. naththan jeewithe hari kammali
😊