වීදි නාට්‍ය ❤️

in Steem Sri Lanka3 years ago

Hello Everyone !..


ඔයාලට කොහොමද හැමෝම පරිස්සමින් ඇති කියල මම හිතනවා.ඉතින් අද මට කියන්න හිතුනෙ ජූලි පලවෙනිදා ඒ කියන්නෙ අපේ සරසවියට වසර අසූවක් සපිරීම නිමිත්තෙන් තිබුන open day එක ගැන.

ඇත්තටම මට ඕනි නෑ කවුද හරි කවුද වැරදි කියල පෙන්නන්න. තනකොල නම් සති දෙකෙන් වැවෙයි.නමුත් ඒ දේවල් දැකල කැම්පස් එන්න ආසාව ඇතිඋන දසස් ගනන් මල්ලිලා නංගිලා අපේම කැම්පස් එකට එන්න වැඩ කරයි.ඒ සතුටම ඇති නේද. කොහොම උනත් ස්වයං විනය කියන එක අපි හැමෝටම තියෙන්න ඕනි.තමන් කාපු බීපු දෙයක ඉතිරි වෙන දෙයක් නිකම්ම පරිසරයට මුදාහරින එක නොකල යුතු වැඩක්.

ඇත්තටම මම ඒ දවසෙ මොනාද කරේ කියන එක ගැන ඔයාලට කියන්න හිතුනා. අපේ කැම්පස් එකේ තියන එක එක society වලින් එකක් තමා අභින කියන්නෙ. ඇත්තටම ඒකෙ හැම faculty එකේම අය ඉන්නවා.ඉතින් ඒ අභින එකමුතුවෙන් අපි වීදිනාට්‍යක් සහ වේදිකා නාට්‍යක් සංවිධානය කරා. මම මගේ ජීවිතේ මීට කලින් වීදි නාට්‍යක් නම් කරල තිබුනෙ නෑ.ඒ නිසාම ඉතාම ආසාවෙන් ඒ වැඩේට සම්බන්ද උනා. සති ගානක් තිස්සෙ ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට අපි කැම්පස් එකේ සෙනට් එක යට පුරුදු උනා මේ වීදි නාට්‍ය. මේකෙ විශේශත්වය තමයි කලා විශය හදාරන කිසිම කෙනෙක් හිටියෙ නෑ.අපි ඔක්කොම වෙන faculty වල තමයි උපාධිය හදාරන්නෙ.ඉතින් open day එක දවසෙ තැන තැන ගිහින් ජනතාව දැනුවත් කරමින් අපි අපේ වීදි නාට්‍ය ඉදිරිපත් කරා.ඒ හැම තැනකදීම ගොඩක් හොද ප්‍රතිචාර අපිට ලැබුනා වගේම ගොඩක් අය අපි එක්ක චායාරූප ගන්න ආවා.ඉතින් ලොකු සතුටක් අපිට ඇති උනා.ඒ වගේම තමයි ලොකු පනිවිඩයක් අපිට ජනතාවට දෙන්න පුලුවන් උනා.

IMG-20230701-WA0034.jpg

IMG-20230701-WA0089.jpg

IMG-20230701-WA0118.jpg

IMG-20230701-WA0156.jpg

IMG-20230701-WA0190.jpg

IMG-20230701-WA0203.jpg

අනිත් නාට්‍ය තමා අපේ වේදිකා නාට්‍ය.ඒක ඉදිරිපත් කලේ කලාගම කියන කොටසේ.එදා දවසම කලාගමේ විවිද දේවල් විශ්වවිද්‍යාල පිරිස ජනතාවට ඉදිරිපත් කලා.ඉතින් ගොඩක් සතුටු දවසක් වගේම වෙහෙසකර දවසක් ඉතාම හොදින් ගෙවිලා ගියා. ඒ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න මම හිතුවා.

IMG-20230701-WA0227.jpg

IMG-20230701-WA0244.jpg

ඉතින් තවත් කතාවකින් ඔයාල හමුවෙනතුරු හැමෝම පරිස්සමින් ඉන්න.
ස්තූතියි 🙏🏻

Sort:  

Campus life eka fun me wage events set unama...

Coin Marketplace

STEEM 0.05
TRX 0.29
JST 0.043
BTC 67646.57
ETH 1956.30
USDT 1.00
SBD 0.38