Golden Era of Hollywood Comedy Genre

in Steem Sri Lanka3 years ago

The Goat (1921) - USA
Dir: Buster Keaton, Malcolm St. Clair

★★★★

කොමඩිය කියන්නේ ආට් එකක්.

image.png
Source

මටනං නිහඬ යුගය කියන්නේ සිනමාවේ සිරාවටම 'වෙනමම' සීන් එකක්. චාල්ස් චැප්ලින්, බස්ටර් කීටන්, හැරල්ඩ් ලොයිඩ් වගේ මිනිස්සුන්ගේ වැඩ අද අපි දකින වෛවර්ණ රූපරාමු එක්ක සසඳන්න ගියොත් අහසයි පොළවටයිත් වඩා මොකක්හරි තමයි. හැබැයි නිර්මාණශීලීත්වය අතින් මිලියකවත් වෙනසක් තියෙනවද කියන එකනං කතා කරන්න නියම ටොපික් එකක්.

1920 සිනමාකරුවො ෆිල්ම් හැදුවේ උන්ට මොන සම්පත් තිබිලද?

සසඳන්න කලින්, මේ ෆිල්ම් හැදිච්ච කාලය ගැන සලකා බලන්න හිතලා බලන්න මතක් උනොත්. අන්න එහෙම උනොත්... කොහොමහරි, මං නං කියන්නෙ චැප්ලින්ගේ City Lights, කීටන්ගෙ Sherlock Jr., ලොයිඩ්ගෙ Safety Last කියන්නේ 'අතිවිශිෂ්ට' නිර්මාණ. මං එහෙම කියන්න හේතුව මේකයි. ඒවා බලනකොට මං මේ බලන්නෙ 1920 දශකයේ පරණම ඇන්ටික් එකක් ය කියන වග මගෙ ඔලුවට කොයි වෙලාවෙවත් එන්නෙ නැති නිසා.

The Goat කියන්නේ රීළ දෙකක වැඩක්. Sherlock Jr තරම් ලස්සනට කතාව ගොතලා නැති උනත්, මේකෙත් කොමඩියෙ ක්‍රියේටිවිටි එක එහෙමමයි. මේ කොමඩි 'කෑලි', කවදාවත් එපා වෙන්නෙ නෑ. මේකෙ Mind Blown වෙන තරමෙ විශිෂ්ට ෂොට් එකකුත් තියෙනවා කීටන් දුම්රියක් එන්ජිම ඉස්සරහ ඉඳගෙන ඉන්න.

image.png
Source

මේ තියෙන්නෙ මං කිව්ව ඒ ෂොට් එක තමයි, ඒත් මෙහෙම නැතුව, කැමරාව එක තැනක හිටවලා, කෝච්චිය ඈත ඉඳන් කැමරාව දිහාට ඇවිත් මේ ෆ්‍රේම් එකෙන් නවතින ලස්සන පෙන්වන්න තිබුනනං හොඳයි. ඒ කාලෙ හැටියට ගෝඩ් ලෙවල් වැඩක්.

තව කීටන්ගෙ ගොඩක් දේවල් බලන්න අදහසක් තියෙනවා, The Negotiator, Steamboat Bill Jr., The Cameraman වගේ චිත්‍රපට ගොඩක් රසිකයන්ගෙ ආදරයට ලක්වුණ කීටන්ගෙ නිර්මාණ. මට දැන් හිතෙනවා නිකං ඇඳට වෙලා අනාගතෙ ගැන වොරි වෙවී දුක් විඳින පැය විසිහතර ඒ අභිරූපණ කොමඩි ටික බලන්න වෙන් කෙරුවනං ඇකඩමික් නැතත් මොකක් හරි සෙතක් වෙනවනෙ කියලා. බලමුකෝ.

IMDb Rating - 7.7

image.png
Source

Sort:  

You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 63645.37
ETH 3067.90
USDT 1.00
SBD 3.81