SHERLOCK JR. (1924) | Genius Comedy

in Steem Sri Lanka3 years ago

Sherlock Jr. (1924)
Dir: Buster Keaton

★★★★★

හම්මෝ...😂😂😂

image.png
Source

"A Comedian does funny things. A Good Comedian does things funny."

මේක Buster Keaton ගේ ම කියමනක් ලු. වෙන්න ඇති. හාකෝ. මං දන්නේ අලුතෙන් හැදෙන කොමඩි දහයක් නෙමෙයි සීයක් බැලුවත් හිනායන්නෙ නැති මට එක ෆිලුමකින් මතක හිටින ආතල් එකක් දෙන්න නිහඬ යුගයේ චිත්‍රපටවලට පුළුවන් කියල විතරයි. මේ මං Sherlock Jr. බලන දෙවෙනි වතාව. තියෙන්නේ විනාඩි 46යි බලපු එක තත්පරයක්වත් නාස්ති උනේ නෑ. එදත් එහෙමයි අදත් එහෙමයි. මට තියෙන ප්‍රශ්නේ අච්චර අඩු සම්පත්, තාක්ෂණයක් තිබුණු 1924දී මේ දේවල් කරේ කොහොමද කියලයි. මොකද අද කාලේ stunts වගේ නෙමෙයිනේ 1924දී. සෙල්ලං නෑ..දෘශ්‍ය මායා, කැමරා ට්‍රික්ස්.. ඒ පාවිච්චි කරපු ක්‍රම මොනවා උනත්,පට්ටම දක්ෂතාවයක් තියෙන්න ඕන මටනම් හිතෙන්නේ. හිතාගන්න බෑ!

image.png
Source

සමහරවිට මේක ඔය Reality vs. Dream සංකල්පය පළවෙනියට පාවිච්චි කරපු ෆිල්ම් කීපයෙන් එකක් වෙන්න පුළුවන්. මං කියන්නේ මේ.. ටිකක් ලොකුවට පාවිච්චි කරපු.. එතකොට පේන විදියට දැනට තියෙන හොඳම ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් එක විය යුතුයි, කෙළින්ම ෂර්ලොක් හෝම්ස් කතාවක් කියන්න බැරිඋනත්. ( ඩවුනිගේ ෆිල්ම් දෙකනේ තියෙන්නේ නෙහ් 'සලකන්න' පුළුවන් මට්ටමේ? ඔව් ඒ දෙකට වඩා නම් හොඳයි). මේ මං බලපු Buster Keaton ගේ පළවෙනි එක. අනික් ඒවගේ වෙනස්ද දන්නේ නෑ, චාලි චැප්ලින්ගේ ෆිල්ම් හැම එකකින්ම වගේ අපි දකින යටින් දෙනවා වගේ සමාජ පණිවිඩයක් මට මේකේ දකින්න ලැබුනේ නෑ. ඒ පැත්ත නැතුව කොමඩි පැත්තට වැඩි බර දීල කියල හිතෙනවා. කතා කරනවනම් ඉවරයක් නැතුව කතාකරන්න පුළුවන් ෆිල්ම් එකක්. මට 10/10.

image.png
Source

.ම්ම්.. කොහොම උනත් බල කරන්නේ නෑ බලන්න කියලා. මේ වගේ නිර්මාණ නොබලා මැරෙන්න තරම් කවුරුවත් අවාසනාවන්ත වෙන්න එපා මං නම් කියන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'මෙය නොබැලු දෑස කුමටද?'...

අහ් වාර්තා ලිපිලේඛන පැත්තෙන්...
IMDb Rating 8.2ක් අරගෙන තියෙනවා. ඒ නිසා IMDb Top 250 ත් #162 ස්ථානයේ ඉන්නවා. ආයේ.. Rotten Tomatoes 94%, Roger Ebert රේට් කරනවා 4/4 කියලා. ඊටපස්සේ මේ මෑතකදී Time සඟරාව Sherlock Jr. නම් කරනවා දැනට බිහිවුණු හොඳම ෆිල්ම් 100න් එකක් විදියට.. ඔය මදෑ.

image.png
Source

Sort:  

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

අඩේ
සුපිරිය්ක් නේ. Telegram ගෘප් එකේ තිනෝ ද??

You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 63432.48
ETH 3063.80
USDT 1.00
SBD 3.81