බූලි පොලිම
පහුගිය ටිකේම ටීවී එකේ දකින්න ලැබුන දේ තමයි ෂෙඩ් පෝලිම. අද උදේම කොළඹ යන්න සිද්ධ වුණ නිසා මම හිතුව ඒ ගමන්ම තෙල් පෝලිම් ඒ කියන විදියටම තියනවද කියල ඇත්තටම පරික්ෂා කරල බලන්න. අපි බද්දේගම ඉදන් යද්දී මුලින්ම හම්බෙන්නේ ගෝනපිණුවල ෂෙඩ් එක. එතන පාරේ දෙපැත්තේ CEYPETCO filling stations දෙකක් තියනව. ඇත්තටම මම ලොකු දෙයක් හිතන් ගියේ නෑ. ඒත් මෙන්න එක සැරේටම පාර දිගේ මහා වාහන පෝලිමක් නතර කරල. වෙලාව උදේ 7 ට විතර ඇති. මට තේරුණ විදියට කලින් දවසෙ ඉදන්ම ඇවිත් පෝලිමේ තැනක් book කරල වාහනේ තියල මිනිස්සු ගෙවල් වල යන්න ඇති. සමහර විට ඒ වෙලාවේ වාහනෙන් බැහැල හිටිය වෙන්නත් පුළුවන්. කොහොම හරි ඩීසල් bowser එක එන වෙලාව එනකම් මේ විදියට පෝලිමේ රැඳිල ඉන්න ඇති.
අපිට කිසි ගැටලුවක් නැතුව පාරේ එක පැත්තක තියන ෂෙඩ් එකෙන් පෙට්‍රල් නම් ගහගන්න පුළුවන් වුණා. ඊළඟට තිබුණේ හික්කඩුව ෂෙඩ් එක. ඒකෙ නම් පෝලිමක් තිබුණේ නැහැ. ඩීසල් 'නැත' කියල ගහල තිබුණ. නමුත් පෙට්‍රල් වාහන නම් ඇතුල් වෙලා තෙල් ගහගත්තා.
එතනින් එහා හම්බෙන බොහොමයක් ෂෙඩ් වල දිග වාහන පෝලිම් තිබුණ. එහෙම නොතිබුණ ඒවත් තිබුණ. සමහර විට මාර්ග තදබදය වලක්වන්න ඒ ෂෙඩ් ළඟ පෝලිම් ගහන්න දෙන්නේ නැතුව ඇති. තවත් සමහර ෂෙඩ් වහලම දාල තිබුණ. ඒ වහල දාපු එව ඇත්තර IOC ඒවත් තිබුණ.
මේ හැමදේම අස්සෙ සින්දුවක් වාදනය වෙන ෂෙඩ් එකකුත් හම්බුණා මොරටුවට ආසන්න වෙද්දි. දිග බූලි පොලිමකුත් එක්ක.
විනාඩියකට හිත එකඟ කරන් හිතුවොත් හාස්‍ය උපහාසය ටත් වඩා අපට ඇඩෙන්න ඕන. අපේ රට දුප්පත් වෙලා. හැම මනුස්සයටම මොනවම හරි අඩුපාඩුවක්. අතේ සල්ලි තිබිලත්.. ඉතිරිය විස්තර කරන්න ආර්ථික විශේෂඤයන්ට භාරයි!
5% to SL-Charity




api thamai hodatama karala thiyenne, monawa karannada ape awasanawa 😢
ඉස්සරහට... සල්ලි තිනවා.. ගන්න දෙයක් නෑ 🙂
Ape ratata me mokatha wela thinne..😑😑
ගොඩක් සයිට් වල එහෙමත් වැඩ නවත්තල තියෙන්නෙ ඩීසල්.ප්‍රශ්නෙ නිසා 😐
Mamath iye town yaddi, diga polim dekak dakka. paw itin minissu kisima wadak karaganna baruwa. highway bus pawa polime innawa diesel ganna.
Ow neda. Dan dan boading eka paththe kema hingayak enawa wage. Gas nthuwa
happa... ekanm aulak itin.
the incident was also seen in my village a few years ago, people came early to get the front line. Gasoline keeps everyone waiting and spending time waiting.
දැන්වත් අවට මමත් අද අපේ පැත්තෙ තියෙන ෂෙඩ් එකේ දිග පෝලිමක් දැක්කා 😐. මිනිස්සු පව් ඉතිං. මේ විදියට අනාගතය ගැන කොහොම හිතන්නද
මං වෙන ගමනක් යද්දී ඔහොම පෝලිමකට මැදිවෙලා විනාඩි 45ක් එකතැන හිටියා... පටු පාරක්. අමාරුවෙන් වාහනේ ආපහු හරවාගෙන වෙන පැත්තකින් ගමන ගියේ
Owane. Wahana hira unama harima amarui. Ai ithin ussala harawannada kohoma hari iwasan inna wenwane
kiyala wadakna ekanam... Hari wedanayi mata..
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
issarahata wena deval guess karannath amarui dan.