Community Trends - Books on Literature Month | Just Received My Book Pack

in Steem Sri Lanka3 years ago

photo_2021-09-30_18-27-50.jpg

Community එකේ මේ දවස් වල යන තව trend එකක් තමයි සාහිත්‍ය මාසයේ පොත් මිලට ගන්න එක. ඇත්තටම අවුරුදු 4 ක් විතර අපි එක දිගට පොත් ප්‍රදර්ශනය ට ගිහින් පොත් ගත්ත. ගොඩක් සල්ලි නොතිබුණත් පොත් අතරේ ඇවිදල ඒ සුවඳ විඳල, පොත් අතපත ගාල ලැබෙන සතුට නිසාම මාත්, මල්ලිත් අම්මත් පොත් ප්‍රදර්ශනේ බලන්න නොවරදවාම යනව. ඇත්තටම මේ සැරේ පොත් ප්‍රදර්ශනය නැති නිසා බොහෝ දෙනෙක් online order කරල පොත් ගේනව. @rasinkani සහ @sandupi එහෙම පොත් අරන් තියනව දැකල මටත් ගන්න ආස හිතුණා. කොහොමත් පොත් ප්‍රදර්ශනේට නොගිය සාංකාවත් හිතේ තිබුණ නිසා මමත් order එකක් දැම්ම.

රසී ගෙනත් තිබුනේ ආශිර්වාද එකෙන්. සදුපි ගෙනත් තිබුනෙ Book Lovers කියල site එකකින්. මම order කරේ සරසවි එකෙන්.

image.png

සරසවි එකෙන් නම් site එකෙන්ම සම්පුර්ණ order එක කරලා payment එකත් කරගන්න පුළුවන්. මම වැඩියෙන් කැමති සිංහල නව කතා වලට. හැම පාරම පොත් ප්‍රදර්ශනේදි මම තෝරන්නේ රාජ්‍ය සම්මාන දිනපු පොත් ටික. මේ සැරෙත් එහෙම කීපයක් මම order කරා. 2021 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණ ආරාමදාස සහ දෙගොඩවාරම කියන පොත් දෙකත් මම තේරුවා. 2018 ස්වර්ණ පුස්තක සම්මානය දිනපු පොතක් වුණ "අප්පච්චී ඇවිත්" කියන පොතත්, 2009 දී එම සම්මානය දිනපු "පොදු පුරුෂයා" කියන පොතත් order කරා. අපේ මල්ලි ආස රහස් පරීක්ෂක කතා. ඒ නිසා එයාට පොතකුත්, තව ඉංග්‍රීසියෙන් ලියවුණු නවකතාවකුත් එක්ක ඔක්කොම පොත් 6 ක් තේරුවා.

image.png

පොත් ප්‍රදර්ශනය නැති නිසා ඔබට මග හැරෙන්න තිබුන සාහිත්‍ය මාසයේ වට්ටම් මේ පාරත් ලබා දෙන්න සරසවිය නම් කටයුතු කරලා තිබුණ . ඔක්කොම දේශීය ප්‍රකාශන වලට වට්ටමක් දීල තිබුණ. 20% වට්ටමක් එක්ක පොත් ප්‍රදර්ශනේදි ගත්ත වගේම අඩුවට මේ සැරේ අපට online order කරන්න පුළුවන්.

මම දැකපු එක අඩුපාඩුවක් තමයි පොතේ අන්තර්ගතය ගැන ලොකු විස්තරයක් අපට නොපෙන්නන එක. පොතක් පෙරලල බලල ගන්නවට වඩා පොඩි වෙනසක් එතන තිබුන. Delivery සඳහා රුපියල් 300 ක fee එකක් ගන්නවා. order කරලා දවස් 4 කින් තමයි මට package එක deliver කරේ.

photo_2021-09-30_18-27-38.jpg

package එක අරිද්දි අපි හැමෝම ආස කරන පොත් සුවඳ!

මේකට වැඩියෙන්ම සතුටු උනේ අම්ම. වෙනද මේ කාලේ වෙද්දී ගෙදර හැමෝම තැන තැන ඉදගෙන පොත් කියවනවා. කොහොම හරි මාසේ අන්තිම දවසේ හරි පොත් ටිකක් ලැබුණ. ඔයත් අදම order එක දාන්න. තවමත් තියනව discount එක නම්. සාහිත්‍ය මාසය තුල පමණයි කියල තමයි තියෙන්නෙ.

photo_2021-09-30_18-27-54.jpg

10% to SL-Charity

Sort:  

math kamathi aluth poth walin ena suwadata. essara school eke aluth poth dunnama mulinma karanne suwada balana eka.

Owneda. Math asai. Mulinma karanne suwanda balana eka

Don't have to buy it for money. Can read it.

Sure sure🤭🤭🤭 Anytime

issara me maseta BMICH eke book fair thibba mathaki mata.

🙊ඔයාත් ගියා නේද එක පාරක්? ගිහින් නැද්ද?🙄

මං කියෙව්ව "අප්පච්චි ඇවිත්"... ඒක නම් අමුතුම කතාවක්..

Eke podi theory part ekk thiynawane anthimata. Anna e kotasa nam kammali😅 habai e kathwa kiyewwama a mentality eka gana godk therum giya.

කියවීම මිනිසා සම්පූර්න කරයි. coding දවසම දන්නෙවත් නැතුව ඉවර කරයි. Am i true? තව පොත් 5යි. come-on..😁

Ow thawa 5i..

meka dakkama matat order karanna hithuna ☺️👌

Hitha hitha inna epa. Order krnna😁

මම පොත් කියවන එක සෑහෙන අඩු වෙලා තියෙන්නේ දැන්. ඒත් මෙහෙම දැක්කම මේවා අරගෙන කියවන්න හිතෙනවා 👀❣️

මම හිතුවෙ කියවනව ඇති කියල. 🧐

ලබන පාර නම් book fair එකට කිසිම බාදාවක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා... 😥 එතනට ගිහිල්ලා පොතක් තෝර ගන්නවා කියන්නේ වෙනමම දෙයක්...

ඒක නම් ඇත්ත හලෝ. මොන මොනව හරි ටිකක් උස්සන් එන්න තිබ්බ chance එක. මොනව හරි කාල එහෙම.

මම දැකපු එක අඩුපාඩුවක් තමයි පොතේ අන්තර්ගතය ගැන ලොකු විස්තරයක් අපට නොපෙන්නන එක

ඒ අඩුවනම් මටත් දැනුනා. වෙනදට අන්තිම පිටුව​, තව පොඩි පොඩි තැන් ටිකක් එහෙන් මෙහෙන් කියවලා පොතක් තෝරන්නෙ.

ඔයා ගනිපු පොත් මම කියවලාත් නෑ. ආයේ වෙලාවක ගන්න තව list එකක් තියෙනවා දැන් 😁.

මම කියවල කියන්නම් හොදයිද කියල. ගිය සැරේ ස්වර්න පුස්තක සමහර පොත් හරිගියේම නෑ මට. එකක් කියවල ඉවර කරා දැනටම😍

හා.. කියවලා කියන්න​ 😍🙈.

you order many books at once, a little surprised you choose a book that has an award😥
The smell of a new book comes longing🙊

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 61674.06
ETH 3067.94
USDT 1.00
SBD 3.81